Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දත් දෙපළේ හැඩ අනුව ඇගේ ගතිගුණ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දත් දෙපළේ හැඩ අනුව ඇගේ ගතිගුණ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ඉරිදා සංග්‍රහය විශේෂාංගනැකත

දත් දෙපළේ හැඩ අනුව ඇගේ ගතිගුණ

June 15, 2025
518 Views

ලියන් සුරූපිනියන් කරන ප්‍රධාන අංග අතර දත් දෙපළ මුල්තැන ගනී. ලොව වෙසෙන සතුන් අතර සිනාසිය හැකි එකම සත්වයා මිනිසාය. සිනාසෙන විට දත් දෙපළෙන් ලැබෙන්නේ මහඟු මෙහෙයකි. දත් දෙපළ පිහිටි ආකාරය, එම දත්වල හැඩය, දත්වල වර්ණය සහ මේවායින් මුවගට ලස්සනත්, සිරියාවත් ලැබෙනවාත් සමගම එහි ඇති ගුණ අගුණ ද පිටතට දෘශ්‍යමාන වේ.

ළඳකගේ සුන්දරත්වයෙන් පිරි සිනහව තුළින් පිටතට විවර වන දත් දෙපළෙන් කියැවෙන ඇගේ ගතිගුණ පුරාණ සෘෂිවරු පවසා ඇත්තේ මෙසේය.

දත් උල්ව පිහිටි ස්ත්‍රිය

තම සැමියාව නිතර සැක කරයි. සැමියාව පිට මිනිසුන් ඉදිරියේ විවේචනය කරයි. පුද්ගලයන් ඉදිරියේ තම සැමියාව හාස්‍යයට ලක් කරයි. තම සැමියා කරන කටයුතු අවඥාවට ලක් කරයි. මොවුන්ගේ විවාහ ජීවිතය අඩදබරවලින් පිරි එකකි. නමුත් මෙවන් ස්ත්‍රීන් බොහෝ ධනවත් වේ.

  1. උඩු ඇන්දේ පමණක් දත් දුරින් පිහිටි ස්ත්‍රිය

තම සැමියාව නිතර වරදෙන් මුදා ගැනීමට උත්සාහ කරයි. නමුත් මෙවන් ස්ත්‍රීන්ගේ සැමියන් වරදට පෙලඹෙන, නැති නාස්ති කරන අයෙකි. ගේ දොර සාමය බිඳවැටී සමාජයෙන් අපහාස, අපවාද විඳීමට සිදුවේ. නමුත් මෙවන් ස්ත්‍රීන් ජීවිතයේ අග භාගයේදී සැප සහිතව ජීවත් වේ.

  1. මනාව පිහිටි දත් දෙපළක් මතින් නළ දත් පිහිටි ස්ත්‍රිය

මෙය ස්ත්‍රියකට ඉතා වාසනාවන්ත පිහිටීමකි. මොවුන් යස ඉසුරු ලැබී සමාජයෙන් ගෞරව, ප්‍රශංසා ලැබීම සිදුවේ. අනුන්ව තමන්ගේ බසට නතුකර ගත හැකිය. දූ දරුවන්ගේද ආදරයට, ගෞරවයට පාත්‍ර වේ.

  1. යටි ඇන්දේ දත් පළල්ව පිහිටි ස්ත්‍රිය

අත්තනෝමතිකව ක්‍රියාකරන, මුරණ්ඩු ගති බහුල කලහකාරී ස්ත්‍රියකි. මෙවන් ස්ත්‍රීන් නිවස තුළ සිය ආධිපත්‍ය පතුරුවන අයෙකි. තම සැමියාවද කටින් බයකර ගනී. විළිබිය නැතිකම මෙවන් ස්ත්‍රීන්ගෙන් බහුලව දැකිය හැක.

  1. පැළ ඉනි සිටෙව්වා මෙන් දත් අතර හිඩැස් ඇති ස්ත්‍රිය

අනාචාරයේ හැසිරෙන කාමාධික ස්ත්‍රියකි. කුඩා කලම විළිබිය නැතිකර ගන්නා මොවුන් නිදහස උපරිම වශයෙන් බුක්ති විඳියි. මෙවන් ස්ත්‍රීන්ගේ විවාහය අනිවාර්යයෙන් අසාර්ථකය. සැමියා හැර ගොස් හුදකලාවේ ජීවත්වීමට සිදුවේ. චර්යා රටාවේ ඇති නරක නිසා දෙමාපිය, නෑ හිතමිතුරන්ගේ ද දෝෂාරෝපණයට ලක් වේ.

  1. උඩු ඇන්දේ දත් පළල්ව පිහිටීම

මෙවන් ස්ත්‍රීන් බුද්ධියෙන් අඩුය. මොවුනට ආර්ථික අපහසුතා ජීවිතය පුරාවටම ඇති වේ. සැමියාගෙන් ආදරය, කරුණාව නොලබන මොවුන්ගේ නිවස අඩදබරවලින් පිරි එකකි. තම මවට අගුණ ගෙනදෙන පිහිටීමකි.

  1. උපතින්ම දත් කහපාට හෝ රන්වන් පාට ස්ත්‍රිය

මෙවන් ස්ත්‍රීන් මුළු ජීවිතේම නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණදෙන අය වේ. පොහොසත් තැනක උපත ලැබුව ද දිනෙන් දින දිළිඳු වේ.

  1. දත් කෑලි සහිත ස්ත්‍රිය

මෙවන් ස්ත්‍රීන්ද බොහෝ අග හිඟකම් ඇති අයවේ. දිළිඳුකමේ උපරිමයටම යන අයවේ.

  1. දත් 32කම මනාව පිහිටි ස්ත්‍රිය

ජීවිතය වාසනාවෙන් පිරි එකකි. යස ඉසුරු හිමිවන, පෙර පිං පලදෙන මුළු ජීවිතේම සතුටින් කල් ගෙවන ස්ත්‍රියකි.

  1. දත් තොල්වලින් ඉවතට පැමිණි ස්ත්‍රිය (බොල්ලෑ ස්ත්‍රිය)

මෙවන් ස්ත්‍රීන්ගේ ජීවිතය කරදරවලින් පිරි එකකි. මොවුන්ට තම දරුවන්ගෙන් ද සහනයක් නැත. දරුවන්ද කරදරකාරී අයවේ.

  1. ඉදිරි පෙළ දත් අතර මැද හිඩස ඇති ස්ත්‍රිය

බොහෝ විට දුක් කම්කටොලුවලට මුහුණ දෙයි. සැමියා පල නොදෙන පිහිටීමකි. සැමියාට ද බොහෝ කරදර බාධක ඇතිවේ. මොවුන්ගේ විවාහය අසාර්ථකය. නමුත් මොවුන් ආර්ථිකව දියුණු වේ.

  1. යටි ඇන්දේ දත් වැඩියෙන් පිහිටි ස්ත්‍රිය

මවට ඉතා අපලය. මෙවන් ස්ත්‍රීන්ගේ මව මියගොස් හෝ හැර ගොස්ය. යම් හෙයකින් මව සිටිය ද ඇයට සලකන්නේ පිට දරුවෙකුට මෙනි.

  1. යටි ඇන්දේ දත් අක්‍රමවත්ව පිහිටි ස්ත්‍රිය

කිසිදින විශ්වාස කළ නොහැක. දෙබිඩි චරිතයකි. මෙවන් ස්ත්‍රීන් බොහෝ විට වැන්දඹුවන් වේ. නොඑසේ නම් සැමියා හැර ගොස්ය.

  1. දත් ඉතා තුනීවී පිහිටි ස්ත්‍රිය

මෙවන් ස්ත්‍රීන් ඉතා හිතුවක්කාර ගති පෙන්නුම් කරයි. මොවුන් ඉතා මුරණ්ඩුය. ජීවිතය අවුල් කර ගනී.

  1. නිදන විට දත් කූරු ගාන ස්ත්‍රිය

සමාජයෙන් නින්දා අපහාස ලබන අතර තම සැමියාට නොසලකයි. වධහිංසා පමුණුවයි. අවස්ථාවක් ලද හොත් සැමියා නැසීමට වුවද පසුබට නොවේ.

ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු,
ගුප්ත වෛද්‍යාචාර්ය, ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
පානදුර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
අතිරේක නැකත

සතියේ සුබ නැකැත්

අතිරේක නැකත

අංක විද්‍යාවෙන් ජීවිතය දැනගනිමු

නැකත

වාස්තු විද්‍යානුකූලව භූමියේ හා ගෘහයේ පාද බෙදීම

නැකත

ගුප්ත විද්‍යාව නිවැරදිව හඳුනාගනිමු

නැකත

සෙනසුරු මාරුවයි කුම්භ රාශියයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok