Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මූලික සිද්ධාන්ත ඇඟට වැටුණේ වේදිකාවෙන් – අකලංක ප්‍රභාෂ්වර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මූලික සිද්ධාන්ත ඇඟට වැටුණේ වේදිකාවෙන් – අකලංක ප්‍රභාෂ්වර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකඉරිදා සංග්‍රහය විශේෂාංගමීවිත

මූලික සිද්ධාන්ත ඇඟට වැටුණේ වේදිකාවෙන් – අකලංක ප්‍රභාෂ්වර

June 15, 2025
472 Views

වියළි ටෙලි නාට්‍යයෙන් කරළියට පැමිණි අකලංක ප්‍රභාෂ්වර මේ දිනවල සමීර හසුන් අධ්‍යක්ෂණය කරනු ලබන රට පවුල ටෙලිනාට්‍ය තුළින් දකින්න ලැබෙනවා. මේ ගැන වගේම අකලංකගෙ තවත් තොරතුරු දැනගන්න අපි අකලංකව මුණගැසුණා.

අකලංක මේ දවස්වල රුමේනියා යන්න ට්‍රයි කරනවා නේද?

සමීර හසුන් අධ්‍යක්ෂණය කරනු ලබන රට පවුල ටෙලිනාට්‍ය ගැන වෙන්න ඇති ඔය කියනවා ඇත්තේ. ඔව්, ඉතිං මේ ටිකේ රුමේනියා යන්න තමයි ට්‍රයි කරන්නේ.

රට පවුල ටෙලිනාට්‍යයට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?

ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේක පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි මාදිලියේ ටෙලි වෘතාන්තයක්. ලොකු පොඩි හැමෝම භේදයක් නැතිව සෙනසුරාදා සහ ඉරිදා දවස්වල ටෙලිනාට්‍යයත් එක්ක එකතුවෙනවා කියලා අපිට පේනවා. විදෙස් රටවල ඉන්න ගොඩක් දෙනෙක් කතාකරල කියනවා ඔවුන්ගේ ජීවිතවලට වක්‍රාකාරව මේ පිටපත බලපානවා කියලත්.

පසුගිය කාලයේ නිමාව දුටු රයිගම් ටෙලි සම්මාන උළෙලේදී කළු වෙනුවෙන් හොඳම නළුවාටත් ඔබව නිර්දේශ වුණා ?

කළු කියන්නේ බොහොම කැපවීමෙන් සීරුවට කරපු චරිතයක්. ඒක ගැන ආපස්සට හැරිලා බලනකොට මට දැන් ආයේ ඒ චරිතය කරන්න දුන්නොත් මට වෙනත් ගොඩක් අර්ථකතන එකතු කරන්න පුළුවන් ඒ චරිතයට. නමුත් ඉතිං ගියනුවණ ඇතුන් ලවාවත් අද්දන්න බැහැනේ. නමුත් සුන්දර මතක තමා ඒ සම්බන්ධයෙන් තියෙන්නේ. මම හිතනවා ඒ මාදිලියේ චරිතවලින් චුට්ටක් ආයෙත් එන්නේ නැතිව ඉන්නවා නම් හොඳයි කියලා.

කළුගේ චරිතයෙන් පස්සේ එවැනිම චරිතවලට ආරාධනා ලැබුණද?

නැහැ. නැහැ. ඇත්තම කියනවා නම් ඒ චරිතයට සමාන චරිතවලට නම් ආරාධනා ලැබුණේ නැහැ. ඒක මට සතුටට කරුණක්. ආරාධනාවක් ලැබුණත් මම ඒ චරිතයට යන්නේ නැහැ කියන තැන තමයි හිටියේ. ටික කාලයක් මිනිස්සුන්ට ඒ මතකයත් එක්ක ඉන්න තියෙනවා නම් හොඳයි කියලයි මම විශ්වාස කරන්නේ.

කළුගේ චරිතය ඔබේ ජීවිතයට මොන විදිහටද බලපෑවේ?

ඕනෑම කෙනෙක් නළුවෙක් විදිහට ඉදිරියට යන්න කරන්න කැමැති මාදිලියේ චරිතයක් තමයි ඒක. නැතිනම් අපි කියනවා ලොකු පුරුෂාධිපත්‍යයක් තියෙන චරිත කියල. ඒ වගේ චරිත හිතන පතන විදිහට අපි චරිතය තුළ හිතන පතනකොට ඒවා අපේ ජීවිතයත් එක්ක සැසඳෙන්න පටන්ගන්නවා.

රයිගම් සම්මාන උළලේ නිර්දේශ වීම සම්බන්ධයෙන් මොන වගේ හැඟීමක්ද තිබුණේ?

ඒක ඇත්තටම ඕනෑම කෙනකුට සතුටක් සහ ප්‍රීතියක් ගෙන දෙන ආරංචියක්. එතැන තියෙන වැදගත්ම, ලොකුම සතුට තමයි මගේ කේෂ්ත්‍රයේ ඉන්න පුරාවෘත්ත දෙකක් එක්ක තමයි මම නිර්දේශ වෙන්නේ. කවුරුත් දන්නවා ප්‍රියන්ත අයියා, විශ්ව අයියා ගැන කතා කරන්න දෙයක් නැහැ කියලා. මාව එතැනට නිර්දේශ කරලා මට ඒ ලබාදුන්න ගෞරවයට රයිගම් සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයට මම ස්තූතිවන්ත වෙනවා.

අලංක චරිත ඇතුළේ නිතර ජීවත්වෙන්න උත්සාහ කරනවා?

බොහෝ දුරට අපිට කැමරාව ඉස්සරහ රඟපාන එකට වැඩිය, කැමරාව ඉස්සරහ මනුස්සයෙක්ව ජීවත්කරවන්න පුළුවන් නම් ගොඩක් කැප්චර් වෙන්නේ අන්න ඒක. මොකද දැන් ඔය මාදිලියේ චරිත ඕනෑ තරම් අපිට කොළඹින් පොඩ්ඩක් එළියට ගියාම හම්බවෙනවා.

රට පවුලට ඉස්සරහට මොනවා වෙයිද?

මේ නාට්‍යයේ පළමු කොටස් දෙක තුනෙන්ම ප්‍රේක්‍ෂකයන් ඒක වටා එකතු වුණා. ඇත්තටම ඒකත් එක්ක එකතුවුණේ මෙතැනින් එහාට මොකද වෙන්නේ කියන දරුණු කුතුහලයත් එක්ක. මේ වෙලාවේ ඉස්සරහට මොකද වෙන්නේ කියන එක කියනවාට වැඩිය මම කැමැතියි ඒ අවස්ථාව බලන්න රට පවුලක් එක්ක එකතුවෙන්න කියලා කියන්න.

කොහොමද වේදිකාවේ වැඩකටයුතු?

චාමික හත්හලවත්තගේ කොළඹ හතේ තොරණට පුහුණුවීම් කරන ගමන් ඉන්නේ. ඒත් එක්කම චාලක රණසූරියගේ අටවන බුවනෙක නාට්‍යයේත් පුහුණුවීම් සිදුවෙනවා. වේදිකා නාට්‍ය පැත්තෙන් ගොඩක් වැඩ තියෙනවා.

අකලංක කියන්නේ කාලයක් වේදිකාවත් එක්ක සම්බන්ධ වුණ චරිතයක්.

වේදිකාවේ අත්දැකීම් ගැන කතා කළොත්?

මිනිස්සු විශ්වාස කරනවා නම් මගේ වෘත්තිය ඇතුළේ මම අද කොතැනක හරි ඉන්නවා කියලා ඒ පෙනෙන්නේ මාව වේදිකාව ගෙනආපු දුර. මූලික සිද්ධාන්ත ටික හරියටම ඇඟට වැටුණේ ජීර්ණය වුණේ වේදිකාවෙන්. ඉතිං අපි කොච්චර දේවල් දැන් ආයේ අප්ඩේට් වෙවී අප්ඩේට් වෙවී ගියත් මූලික සිද්ධාන්ත ටික මූලික පදනම වැටුණේ වේදිකාවත් එක්ක. මම හිතන්නේ වේදිකාව තමයි අංක එක.

මෑත කාලයේ ඔබට ලැබෙන ටෙලිනාට්‍ය ගැනත් කතාබහ කළොත්?

අපි ලොකුවට කතා කරන මාධ්‍යයන් දෙක තියෙන්නේ වේදිකාව සහ සිනමාවනේ. ඒ දෙක අතරමැද්දේ එන පොඩි කෑල්ලක් තමයි ටෙලිනාට්‍යය කියන්නේ. ඒක පොකට් එකට ගෙනාපු කතාන්දරයක්. ඒවා ෆෝන් එකකින් බලන්න, ලැප්ටොප් එකකින් බලන්න පුළුවන්. සිනමාව කවදාවත් ෆෝන් එකකින්, ලැප්ටොප් එකකින් බලන්න බැහැනේ. ඒක ලොකු තිරයක බලන්න ඕනෑ. ඉතිං ටෙලිනාට්‍යය කියන්නේ මිනිස්සුන්ට රසවින්දනය සඳහා නිර්මාණය වුණු තවත් එක්තරා මාධ්‍යයක්. ටෙලිනාට්‍යයක් කරන එකේ වාසියක් විදිහට ගත්තොත් තාක්ෂණික නළුවාව උරගා බලන්න හොඳ තැනක්. වේදිකාව කියන්නේ නළුවකුට හැදෙන්න, නළුවකුගේ මූලික සිද්ධාන්ත ටික පෝෂණය කරගන්න තැන. නමුත් නළුවා ටිකෙන් ටික ඉදිරියට යද්දි තාක්ෂණික කාරණා ටික උරගා බලන්න හොඳ තැනක් තමයි ටෙලිනාට්‍යය.

මහේෂ් එදිරිසිංහ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
අතිරේක විශේෂාංග

දකුණට නිල් ධජ වෙරළක්

අතිරේක විශේෂාංග

එකම පිරිසක් සම්මාන ලැබීම නරක ආදර්ශයක් – ගුණරත්න ඒකනායක

අතිරේක විශේෂාංග

අතීතය දෙස හැරී බලා වර්තමානය කියවා ගැනීම

අතිරේක විශේෂාංග

දරුවන් ජීවත් වෙන්නේ යථාර්ථය සහ පරිකල්පිත ලෝකය අතර – සචී සේනානායක

අතිරේක විශේෂාංග

භික්ෂු ආකල්ප ආරක්ෂා කළ පිරිවෙන් අධ්‍යාපනය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok