Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කිසිම දෙයක් ගැන පසුතැවෙන්නෙ නෑ… – දිව්‍යශාරිකා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කිසිම දෙයක් ගැන පසුතැවෙන්නෙ නෑ… – දිව්‍යශාරිකා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකඉරිදා සංග්‍රහය විශේෂාංගමීවිත

කිසිම දෙයක් ගැන පසුතැවෙන්නෙ නෑ… – දිව්‍යශාරිකා

21 hours ago
75 Views

වේදිකාව අතහරින්න බැහැ…

දිව්‍යශාරිකා බි්‍රජෙට් බ්‍රෙන්ඩන් මේ දිනවල රිදී තිරයෙන් වගේම පුංචි තිරයෙන් ඔබ හමුවට එන රංගන ශිල්පිනියක්. නව පරපුරේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණ ඇය වේදිකා රංගනය තුළින් අපූරු දස්කම් දක්වනවා. පසුගිය වසරේ පැවැත්වුණු ජාතික යෞවන සම්මාන උලෙළේ හොඳම නිළියට හිමි සම්මානය දිනාගන්නත් ඇයට හැකියාව ලැබුණා. දිව්‍යාගේ නැවුම් කලා තොරතුරු මොනවාදැයි දැනගන්න අප ඇයට කතා කළා.

ඔබව මේ දවස්වල සිනමාවෙන් දකින්න ලැබෙනවා?

මේ දවස්වල තිරගත වන දේවි කුසුමාසන සිනමා නිර්මාණයට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. ප්‍රේක්ෂකයන් මුණගැසීමට සිනමා ශාලාවලට යනකොට අපිට දකින්න ලැබුණ දෙයක් තමයි අපි සහභාගිවෙන හැම සිනමා ශාලාවක්ම හවුස්ෆුල්. සමස්තයක් වශයෙන් නිර්මාණවලට ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. මේක මගේ ප්‍රථම සිනමා ගමන. මේ චිත්‍රපටයේ එමානුවෙල්ගේ චරිතයටත් ආදරයක් ලැබෙනවා.

දේවි කුසුමාසන චිත්‍රපටයේ පිටපත අතට ලැබුණහම මොකද හිතුණේ ?

ජයන්ත චන්ද්‍රසිරි නමැති අපේ රටේ සිටින ප්‍රවීණ, දැවැන්ත අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයකට මට සම්බන්ධ වෙන්න ලැබුණ එක වාසනාවක්. එතකොට සර් කතා කරලා මේ වගේ චරිතයක් තිබෙනවා කියලා ආරාධනා කරනකොටම ඒක හිතාගන්න බැරිතැනකට ගියා. මගේ රංගන ජීවිතයේදීත් මම කැමැති අධ්‍යක්ෂවරුන් ඉන්නවා. මේ අයත් එක්ක කවදාහරි දවසක වැඩ කරන්න ලැබෙනවා නම් කියන සිතුවිල්ලත් තිබෙනවා. ඉතිං මට රංගනය සම්බන්ධයෙන් සෑහෙන දේවල් ඉගෙන ගන්න ලැබුණා. මේ ලැබුණ අවස්ථාව ගැන ඉතාම සතුටුයි.

එමානුවෙල් වෙනුවෙන් මොනවගේ කැපකිරීම් ද කරන්න සිද්ධ වුණේ ?

රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට චරිතයක් ලැබෙනවා කියන්නෙම අපි මේ වෙනත් මනුස්සයකුගේ මනෝභාවයන්වලට සමාරෝපණය වෙමින් චරිතයක් නිරූපණය කරනවා කියන එකම කැපකිරීමක් තමයි. නමුත් ඒක කැපකිරීමකට වඩා සතුටුදායක කැපකිරීමක් විදිහට තමයි මම දකින්නේ. එමානුවෙල්ගේ චරිතයේදී මට ඒකට සියලුදෙනාගේම උදවු ලැබුණා. විශේෂයෙන්ම ජයන්ත සර්ගෙන් වගේම හේමාල් අයියාගෙන් ලැබුණ සහයෝගය එක්ක තමයි මේ චරිතය නිරූපණය කරන්න පුළුවන් වුණේ. මේ චරිතයේදී බාහිර සමාරෝපණයේදී මට ගැටලුවක් ආවා.

ඒ මොකක්ද?

කොණ්ඩය පාටකිරීම සම්බන්ධයෙන්. ඒ දිනවල විකාශනය වෙච්ච ටෙලිනාට්‍ය දෙකක කළුපාට කොණ්ඩය තිබෙන්න ඕනෑ රූගත කිරීම් එකදිගට පවත්වාගෙන යන්න. නමුත් ඒ කාලවේලාවත් ඒකක ඒක කරගෙන යෑමේදී අපහසුතාවකට පත්වුණා. එහෙත් ඒ නිර්මාණවල අධ්‍යක්ෂවරුන්ගේ සහ රචකයන්ගේ සහයෝගය ඇතිව මට කළමනාකරණය කරලා දුන්නා දවස්ටික. ඒක නිසා හැමෝගෙම උදව් ඇතිව තමයි මේ වැඩේ සිද්ධ වුණේ.

පිරිමි ළමයින්ට ලැබෙන ප්‍රතිචාර?

මම හිතන්නේ දැනට විකාශය වෙන ටෙලිනාට්‍ය අතුරින් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ටේ‍රන්ඩින් යන්නේ පිරිමි ළමයි නාට්‍යයට තමයි. එහි යමුණාගේ චරිතයට හුඟක් වෙලාවට පරක්කුවෙලා තමයි ප්‍රතිචාර ලැබෙන්නේ. කතා කරලා මේ ඔයාද කියලා අහන තැනකට තමයි එන්නේ. ඇත්තටම සතුටුයි. මට මේ චරිතයට ආරාධනා කළාට ශිවා අයියාට, සද්ධා අයියාට , චේතනී අක්කාට. මොකද මේක ටිකක් මගේ වයසත් එක්ක මුහුකුරා ගිය චරිතයක්නේ. පරිසරයත් මට දුරයි. මේක මම අභියෝගයක් විදිහට භාර ගත්තා.

සැබෑ ජීවිතයේදී යමුණා වගේ චරිත මුණගැසිලා තිබෙනවාද?

ඔය යමුණාගේ චරිතය ලැබුණාට පස්සේ ඕක මම ටිකෙන් ටික ගොඩනඟාගන්න එපායැ. රචකයාගේ සහ අධ්‍යක්ෂවරයාගෙන් ලැබෙන සහයෝගයට අමතරව මමත් යමක් මේ චරිතයට එකතු කරන්න එපායැ. ඉතිං මමත් කල්පනා කළා යමුණාව කොහොමද හදාගන්නේ කියලා. චිත්‍රයක් වගේ අඳින්න ඕනෑ. එතකොට සමහර ඔහොම ගැහැනු අපිට හමුවෙලා තියෙනවා. සම්පූර්ණ යමුණා නෙමෙයි, කොටස් කොටස් අහුවුණ කට්ටිය දැකලා තියෙනවා. ඔක්කෝම දේවල් එකතු කරගෙන තමයි මම මේක ගොඩනඟා ගන්නේ.

කොහොමද වේදිකාවේ වැඩකටයුතු ?

යොවුන් නාට්‍ය උලෙළේ හොඳම නාට්‍යය වුණ සහ හොඳම නිළිය ඇතුළු සම්මාන කිහිපයක් දිනාගත්තු ‘දුක්ගිනි සින්දර’ නාට්‍ය මේ දිනවල ප්‍රදේශ කිහිපයක වේදිකාගත වෙනවා. ඉතිං ඒකත් එක්ක විතරයි මම දැනට වේදිකාවේ රැඳිලා ඉන්නේ. වේදිකා නිර්මාණවලින් මම දුරස්වෙලා ඉන්න හේතුව කාලය පොඩ්ඩක් කළමනාකරණය කරගන්න අපහසු හින්දා. වේදිකාව අතහරින්න බැහැ. ඒකත් එක්ක ඉන්නම ඕනෑ හින්දා මම කොහොම හරි එකක හරි රැඳිලා ඉන්නවා.

සිනමාව, වේදිකාව, ටෙලිනාට්‍ය කියන මාධ්‍ය තුනෙන් වැඩිපුර කැමැති මාධ්‍ය මොකක්ද?

එහෙම එකක් කියලා තෝරාගන්න අමාරුයි. කලාවට එන්නේ වේදිකාව හරහායි. රංගන ශිල්පිනියක් වෙන්න ඕනෑ කියන එක මට දැනුණේ සිනමාව හරහායි. ටෙලිනාට්‍යය තුළින් රංගන ශිල්පිනියක් විදිහට ඉදිරියට යනවා කියලා මට එච්චර අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් මෙහිදීත් අපිට විවිධ චරිත නිරූපණය කරන්න ලැබෙනවා. මට ඒක තෝරාගන්න හරි අමාරුයි. හැබැයි ඕකට මඟහරින්නේ නැතිව උත්තරයක් දෙන්න ඕනෑනම් වේදිකාව කියලා කියන්නම්.

රංගන ශිල්පිනියක් විදිහට මේ ආපු ගමනේදී මුහුණදුන් අත්දැකීම්?

මට හම්බවෙන හැම අවස්ථාවකදීම ඒක අභියෝග ද, දුෂ්කරතා ද කියලා එක එක වචන කියනවානේ. මම කියන්නේ රංගන ජීවිතය තෝරාගත්තට පස්සේ ඒ රංගන ශිල්පියාට හෝ ශිල්පිනියට ජීවිතයේදී මුහුණදෙන්න සිදුවන අවස්ථා හැම එකක්ම ආශිර්වාදයක් විදිහට තමයි දකින්නේ. හේතුව මේ හැම අංශුමාත්‍රයක්ම අපිට රංගන ජීවිතයේදී අවශ්‍ය වෙනවා. ඒ නිසා මම ආපහු හැරී බැලුවොත් හැමදෙයක් ගැනම සතුටුවෙන කෙනෙක්. කිසිම දෙයක් ගැන පසුතැවෙන්නෙ නෑ.

මම කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්නවා. උපාධිය සඳහා කාලය ගතවෙන්නේ අවුරුදු හතරයි. නමුත් මම අවුරුදු හයක් ඉන්නවා. අවුරුදු හයක් ඉන්න වෙන්නෙ අරගල වගේ විවිධ හේතු හින්දා. අනික මම එළියේ වැඩකරන්න ගත්තා. එළියෙත් වැඩකරනකොට ඒ දවස්වල මට ඇටෙන්ඩන්ස් ප්‍රශ්නයක් ඇවිත් කාලය දීර්ඝ කරගන්න සිද්ධ වුණා. එතකොට එතැන අවුරුදු හයක්. අපේ තරුණ කාලය අපි කැපකරන්නේ. නමුත් හැරිලා බැලුවහම ඒ හැමදෙයක් ගැනම මට සතුටුවෙන්න පුළුවන් කරුණු ගණනාවක්ම තියෙනවා.

දිනේෂ් විතාන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

6 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

2 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

1 day ago
Related News
අකුරු දි​ගේ අතිරේක

ධූමලාවණ්‍යාගාරය වින්දනාලෝචනය

අකුරු දි​ගේ අතිරේක

වියරණය රැකි නිති – ජන බසට ඇල්මැති – මට දනෝ අදරැති – ජේ.බී. කියා පවසති

අකුරු දි​ගේ අතිරේක

පැවැත්ම වෙනුවෙන් ප්‍රේමය රඟපා පෙන්වීම

ඉරිදා සංග්‍රහය විශේෂාංග මීවිත

රඟනා මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්මයි

මීවිත

හේමාලුයි මමයි පැය දොළහක් ගහගත්තා – දිනෙත් ද සිල්වා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok