උගතුන්ට, බුද්ධිමතුන්ට, මාධ්‍යවේදීන්ට යහපත්
මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට යහපත් නැත
සූර්ය මස වෘෂභ, රවි 14 භාගයක් වූ චන්ද්‍ර මස පොසොන් පුර තෙලෙස්වක තිථියලත් සඳු දින 2025.06.09 පෙ.ව. 1.43 ට දෙවියන්ගේ දෙවි වූ සුර – ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා සහ ප්‍රඥාවන්ත ග්‍රහයෙකු ලෙස සැලකෙන බුධ අතර මෙම ග්‍රහ යුද්ධය සිදු වේ. මෙහිදී ඥානකාරක බුධ ජය ලබයි. මෙම ග්‍රහ යුද්ධය සිදු වනුයේ කුජට අයත් මුවසිරස නැකත තුළය. මුවසිරස නැකත වනාහි නපුංශක ලිංග, ශ්වේත වර්ණ, තියත්මුඛ තාරකා 3 කින් යුත් නැකතකි. මෙම නැකත ලබා 14 වෙනි පැයෙන් පසු නපුරු වේ.
කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ මෙම ග්‍රහ යුද්ධය පස්වෙනි භාවය තුළ සිදු වේ. ඒ අනුව සිනමා ශාලා, අධ්‍යාපන ආයතන, සූදු ක්‍රීඩා කරන ස්ථානවල ගැටලු, ප්‍රශ්න ඇති වන බව පෙනේ. මෙම මොහොත වන විට ශිව යෝගයත්, තෛතිලක කරණයත්, රවි හෝරාවත් පවතී. මේ අවස්ථාව වන විට තත්කාල ලග්නය වශයෙන් මීන ලග්නයත්, ධනු නවාංශකයත් යෙදී තිබුණි. මෙහිදී ලග්නගතව 22 වන දෙර්කානාධිපතිට අයත් ශනි ද, දෙවැන්නේ සිකුරු ද, තෙවැන්නේ රවි ද සිව්වැන්නේ බුධ, ගුරු ද, හයවැන්නේ කුජ, කේතු ද, අටවැන්නේ සඳු ද, දොළොස්වැන්නේ රාහු ද ගමන් ගෙන තිබුණි. තත්කාල කේන්ද්‍රයේ දුකට අධිපති පීඩිත ජනතාව සෞඛ්‍ය අංශ නියෝජනය කරනු ලබන ග්‍රහයෙකු ලෙස හැඳින්වෙන ශනිට අයත්ව ගමන් කිරීම මත ඉහත සඳහන් අංශවල ගැටලු, උද්ඝෝෂණ පෙනෙන්නට තිබේ.
ආගම, ආගමික ස්ථාන, නීතිය, නීතිවේදීන්ට කරදර ඇති කරයි. නව අණපණත් මෙන්ම, නව බදු වර්ග හේතු කොටගෙන ජනතාව පීඩාවට පත් වන බවක් පෙනෙන්නට තිබේ.
බුධගේ ජය ලැබීම හේතුවෙන් උගතුන්, බුද්ධිමතුන්ට, කතුවරුන්ට, මාධ්‍යවේදීන්ට යහපත් බවක් ඇති කරයි. කතුවරුන්ගේ නිර්මාණ සඳහා ඇගයීම්, සම්මාන හිමි විය හැකි කාලයක් ද වේ. එමෙන්ම අලුත් පොත් පත්, සඟරා පවා කලඑළි බහින බවක් ද පෙන්නුම් කරයි.
ගුරුගේ පරාජයත් සමඟ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට යහපත් නැත. මුදල් තැන්පත් කරන ස්ථාන, මහා පරිමාණ වංචාකරුවන් නීතියේ රැහැනට හසුවන කාලයකි. කාන්තා මරණ ගැන වැඩි වැඩියෙන් අසන්නට ලැබෙන බවක් ද අසන්නට ලැබේ. බන්ධනාගාර ආශ්‍රිතව ද යම් යම් සිදුවීම් ගැටලු, ප්‍රශ්න ඇති වන බවක් ද පෙන්නුම් කරයි.
මෙලෙසින් බලන කල මෙකී නොකී තවත් විවිධාකාර ලෙසින් මහජනයාට බාධක වලට මුහුණ දීමට සිදුවන බැවින් ඉදිරි කාලය පුරා මෙත්සිතින් යුතුව තම නැණ පමණින් කටයුතු කරමින් ඉවසීමෙන් සහ මෛත්‍රියෙන් කටයුතු කරන ලෙසට මු`ඵමහත් ජනතාවට ආයාචනා කර සිටිමි.

සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ ලේකම්
ආචාර්ය. පී.කේ.තරංග කුමාර
077 796 2658