Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සෙනසුරු මාරුවයි තුලා ලග්නයයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සෙනසුරු මාරුවයි තුලා ලග්නයයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ඉරිදා සංග්‍රහය විශේෂාංගනැකත

සෙනසුරු මාරුවයි තුලා ලග්නයයි

2 days ago
238 Views

ඈත ආකාශයේ බබළන ග්‍රහ වස්තු හෙවත් ග්‍රහ තාරකාවල බලය අප ජීවත්වන පෘථිවියට මෙන්ම මෙහි ජීවත්වන ජීවින්ට ද යම් යම් ආකාරයට බලපානු ලබයි.

මොන ග්‍රහයා මොන ආකාරයට බලපෑම් කළත් සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාගේ බලපෑම ගැන බොහෝ දෙනෙක් විමසිලිමත් වෙනවා. සෙනසුරු හැමවිටම විපත් පමුණුවනු ලබන ග්‍රහයෙක් වශයෙන් ප්‍රචලිතයි.

ඒ නිසා සෙනසුරු කියන නම ඇසීමට පවා වැඩි දෙනෙක් ප්‍රියතාවයක් නොදක්වයි. 2025 වසරේ මාර්තු මස 29 වැනි දින සෙනසුරු ග්‍රහයා කුම්භ රාශියේ වසර දෙක හමාරක කාලයක ගමන අවසන් කර මීන රාශියට පිවිසෙයි. මෙම ග්‍රහ මාරුවත් සමග බොහෝ දෙනෙක් අනියත බියක් ඇති කරගෙන සිටි. විශ්ව කේන්ද්‍රයේ 07 වන රාශිය වන තුලා රාශියට මෙම සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා බලපාන්නේ මොන ආකාරයට ද කියලා අපි බලමු.

තුලා ලග්න හිමියන්ගේ 06 වැන්න මීන රාශියයි. මෙම 06 වැන්න කියන්නේ රෝග ස්ථානය හෙවත් සතුරු ස්ථානයයි. මෙම ස්ථානයෙන් ලෙඩ රෝග, මෙහෙකරුවන්, සතුරන්, ණය ගනුදෙනු, නැන්දා, මාමා වගේම ශරීරයේ යටි බඩ, ගර්භාෂය වැනි ස්ථාන ගැනද කියවෙයි.

මේ ආකාරයට තුලා ලග්න හිමියන්ගේ 06 වෙනි භාවයට මේ සෙනසුරුගේ ගෝචර ගමන බලපාන ආකාරය කොහොමද කියලා බලමු.

තුලා ලග්න හිමි ඔබගේ 04 වැන්න සහ 05 වැන්න අධිපතීත්වය දරන්නේ සෙනසුරු ග්‍රහයාය. මේ 04 වැන්න කියන්නේ ගෘහස්ථානය, සුඛස්ථානය, මාතෘස්ථානය, යන ආදී නම්වලින් හැඳින්වෙන සුවිශේෂී වූ කේන්ද්‍රස්ථානයකි. මේ මගින් මව්පියන්ගෙන් ලැබෙන දේපළ, යාන, වාහන ඉඩකඩම්, ගෙවල් දොරවල්, මව සහ මවගේ නෑදෑයන් ගැන දැනගත හැකි වෙනවා.

05 වැන්න කියන්නේ පුත්‍රස්ථානය හෙවත් බුද්ධි ස්ථානයයි. මේ මගින් තමාගේ අධ්‍යාපන කටයුතු ගැන ද, තමාගේ ආදරය, ආලය, ප්‍රේමවන්තිය හෝ ප්‍රේමවන්තයා, දරුවන්, දරුවන්ගේ තත්ත්වය, වාසනාව, අවාසනාව ගැන ද, පෙර ආත්මය ආදිය ගැනද දැනගත හැකි වෙනවා.

මේ ආකාරයට බලන කල තුලා ලග්න හිමියන්ගේ සුඛස්ථානාධිපති හෙවත් මාතෘස්ථානාධිපති සහ පුත්‍රස්ථානාධිපති හෙවත් බුද්ධි ස්ථානාධිපති වන මෙම සෙනසුරු සතුරුස්ථාන හෝ රෝග ස්ථාන ගතවීමක් ලෙස හඳුන්වන්න පුළුවන්.

මෙම සෙනසුරු ග්‍රහයා තුලා ලග්න හිමි ඔබගේ 06 වැන්නේ ගමන් කරන මේ කාලයේදී සතුරන් පරාජය කර ජය ලබාගත හැකි කාලයක් වෙනවා. වසර ගණනාවකට පසුව තුලා ලග්න හිමි ඔබට මේ ඉදිරි වසර හතහමාරක කාලය ඉතාම යහපත් ආකාරයට ගතවිය හැකි බව පෙනී යනවා. ඔබට රැකී රක්ෂා කටයුතුවලින් උසස් වීම් හිමිවන, අලුත් රැකියා අවස්ථා ලැබෙන, වෙළෙඳ ව්‍යාපාර ආදියෙන් සාර්ථකත්වයට පත්වෙන, ඒවායින් ලාභ ලැබෙන කාලයක් බව කියන්න පුළුවන්.

ඒ වගේම ඔබ යම් අසනීප තත්ත්වයකින් පෙළුනේ නම් ඒවායින් සුවය ලැබීමට ද, හොඳ ආහාර පාන වර්ග ලැබීමට ද අවස්ථාව උදා වෙනවා.

ඔබ වසර ගණනාවක සිට විදේශ ගතවීමට සිටියේ නම් ඒ සඳහා ද මේ කාලය ඉතා යහපත් වෙනවා. ඔබ විදේශවල ආයෝජනය කිරීමට සිතා සිටියා නම් ඒ සඳහාද ඉතා සුදුසු කාලයක් වෙනවා. විදේශ ගතව අධ්‍යාපනය හැදෑරීමට සිටින දුවා දරුවන්ටත් ඒ සඳහා හොඳ අවස්ථාවක් උදා වෙනවා.

පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය හදාරන දුවා දරුවන්ටත් මේ කාලය ඉතාම යහපත් වෙනවා. නමුත් ඔබ මේ දිනවල තරමක අලස ගතියකින් යුතුව මන්දගාමීව තම අධ්‍යාපන කටයුතුවල නිරත වීම නිසා අධ්‍යාපනය තුළ තරමක පසු බෑමක් ඇතිවිය හැකියි. තම සැප පහසුව ගැන වැඩිපුර හිතන කාලයක් වෙනවා.

සිතේ ප්‍රීතියට අවශ්‍ය කටයුතු ගැන වැඩි අවධානයක් යොමු කර සිටින බවක් පේනවා.

ඒ වගේම ඉඩකඩම්, ගෙවල් දොරවල්, යාන වාහන ගතහැකි කාලයක් ද වෙනවා. ඔබ ණය වී සිටිනවානම් ණය තුරුස්වලින් නිදහස් වී ධන ලාභ පවා ඔබට ලැබෙන කාලයක් කියල කියන්න පුළුවන්.

තමාගේ නම සමාජයෙහි ප්‍රසිද්ධියට පත්වෙන කාලයක් ද වෙනවා. කරන කියන සෑම දෙයකින්ම ලාභ ලැබීම් හා දියුණුව ඇතිවන කාලයක්. තමාට තම ජීවිතය තමාට කැමැති පරිදි හසුරුවාගෙන තම නිදහස උපරිමයෙන් භුක්ති විඳීමට හැකි කාලයක් බව පැහැදිලිව කියන්න පුළුවන්.

ඒ වගේම විවාහ වෙන්න ඉන්න ඔබටත් ඔන්න හොඳ කාලයක්.

ඔබට විවාහ වීමට අවස්ථාව පහසුවෙන්ම ලැබෙන කාලයක් බව කියන්න පුළුවන්.

හොඳ හොඳ විවාහ යෝජනා ඔබව සොයාගෙන එන කාලයක් ද වෙනවා.

විවාහ වී සිටින ඔබට ද මේ කාලයේ තම සහකාරිය හෝ සහකරුවාගේ ආදරය නොඅඩුව ලැබෙන කාලයක් කියල කියන්න පුළුවන්.

මේ ආකාරයට බලනවිට තුලා ලග්නය හිමි ඔබට මේ සෙනසුරු මාරුව ඉතා යහපත් බවක් පෙනෙන්නට තිබෙනවා.

කුජ, රාහු, කේතු, රවි යන පාප ග්‍රහයන් මෙම සෙනසුරු සමග සංයෝග වී හෝ ඔවුන්ගේ දෘෂ්ටියට හෝ සෙනසුරු පාත්‍ර වුවහොත් තරමක අයහපත් භාවයක් ඇති කරනු ලබයි. ඒ වගේම 06/08/12 යන දුෂ්ටස්ථාන අධිපතියෙකුගේ දශාවක් හෝ අතුරු දශාවක් ඔබ ගතකරයි නම් ඔබට මෙම කාලය තරමක අයහපත් භාවයක් ඇති කරනු ලබයි.

කෙසේ වෙතත් මෙම සෙනසුරු ග්‍රහයා අපව පාපයෙන් මුදාගෙන ආගම දහමට යොමු කරවන ග්‍රහයෙක් බව කිව යුතුව ඇත. අපි පව් කරනකොට අපව දඬුවමට පාත්‍ර කොට ආගම ධර්මය කරා අපව ඇද බැඳ තබා ගැනීමට සෙනසුරු උත්සාහ කරයි.

මෙම සෙනසුරුගෙන් සිදුවන යම් යම් අසුබකාරී තත්ත්වයන් මඟ හරවා ගැනීමට සෙනසුරාදා දින 07ක් හෝ 14ක් හෝ 21ක් බෝධි පූජා පැවැත්වීම යෝග්‍ය වෙනවා.

ඒ වගේම ගිතෙල් මිශ්‍ර කිරිබතක් අලුයම් කාලයේ පිළියෙල කොට කපුටන්ට ලබාදීම ද ඉතා මහඟු පුණ්‍ය කර්මයක් වෙනවා.

විෂ්ණු , කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීමද, බාර හාර වීමද, සෙත්කවි සාදවා කීමද මෙම අපලකාරී තත්ත්වයන් මඟහරවා ගැනීමට උදව් උපකාරී වෙනවා.

ඉහත සඳහන් වත් පිළිවෙත් ඉටුකරමින් යුක්ති ධර්මයට අනුකූලව ජීවත් වීමෙන් යහපත් වාතාවරණයක් ඇති කරගෙන සතුටින් ජීවත් විය හැකි වෙනවා.

ඔබට තිබෙන සියලුම ග්‍රහ අපල දුරු වී නිදුක් නීරෝගීව සිටීමට සුදුසු වාතාවරණයක් ගොඩනැඟේවා!

තෙරුවන් සරණයි!

ජ්‍යොතිෂ සහ වාස්තුවේදිනි
ජ්‍යොතිෂ්විද්‍යා කීර්ති ශ්‍රී විභූෂණ,
ජ්‍යොතිෂ විද්‍යා ශිරෝමණී,
ආචාර්ය මනෝරී ලෙවන්ගම
”ශ්‍රි ලක්ෂ්මී” ජ්‍යොතිෂ පර්යේෂණ ආයතනය,
බණ්ඩාරවත්ත ගම්පහ.
0718213150 -0705038978

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

5 days ago
Related News
ඉරිදා සංග්‍රහය විශේෂාංග මීවිත

රඟනා මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්මයි

අතිරේක ඉරිදා සංග්‍රහය විශේෂාංග

කිසිම දෙයක් ගැන පසුතැවෙන්නෙ නෑ… – දිව්‍යශාරිකා

අතිරේක ඉරිදා සංග්‍රහය විශේෂාංග

මූලික සිද්ධාන්ත ඇඟට වැටුණේ වේදිකාවෙන් – අකලංක ප්‍රභාෂ්වර

ඉරිදා සංග්‍රහය විශේෂාංග නැකත

සුරගුරු පරදා බුධ ජය ලබයි

නැකත

සතියේ සුබ නැකැත්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok