Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වසර දෙකක් පුරා දිවයන ලෝක ටෙස්ට් ශූරතාවලිය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වසර දෙකක් පුරා දිවයන ලෝක ටෙස්ට් ශූරතාවලිය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

වසර දෙකක් පුරා දිවයන ලෝක ටෙස්ට් ශූරතාවලිය

June 15, 2025
232 Views

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගය එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී මේ දිනවල පැවැත්වේ. පසුගිය 11 වැනිදා තරගය ආරම්භ විය. දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අවසන් තරගයට සුදුසුකම් ලැබූ බව පසුගිය ජනවාරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබිණි. ඒ, ඉන්දියාව සමග පැවති බෝඩර්-ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ 5 වන තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 6ක ජයක් හිමි කර ගැනීමෙන් පසුව ය. ඒ අනුව, තරග 5කින් සමන්විත තරගාවලිය 3-1ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. පකිස්ථාන කණ්ඩායමට එරෙහිව පළමු ටෙස්ට් තරගයේදී ලද පෙරළිකාර ජයග්‍රහණයෙන් පසුව ලෝක ටෙස්ට් ශූරයන් වීම වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකෙන් එකක් ලෙස තම ස්ථානය තහවුරු කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. සෑම ලෝක ටෙස්ට් ශූරතාවලියක් ම වසර දෙකක් පුරා දිවයයි. වත්මන් ශුරතාවලිය 2023 ජුනි මාසයේ ආරම්භ වූ අතර 2025 ජුනි මාසයේ පැවැත්වෙන අවසන්

තරගයෙන් එය අවසන් වනු ඇත. කණ්ඩායම් එම කාලය තුළ තරග මාලා හයක් ක්‍රීඩා කරයි. එහිදී තරගාවලි තුනක් දේශීයවත් අනෙක් තරගාවලි 3 පිටතදීත් ක්‍රීඩා කෙරේ. තරගයක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ලකුණු 12ක්, සම තත්ත්වයට පත්වුවහොත් ලකුණු 6 ක් සහ ජය පරාජයෙන් තොරව අවසන් වන තරගයක් සඳහා ලකුණු 4ක් ලබා දෙයි. කෙසේ වෙතත්, කණ්ඩායම් ඔවුන්ගේ තරග මාලා හයක් පුරා වෙනස් තරග සංඛ්‍යාවකින් යුත් ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරන බැවින්, ජයග්‍රහණ අනුව ලකුණු ප්‍රතිශතය සලකා බලා වගුවක් අනුව ශ්‍රේණිගත කිරීම් සිදු කෙරේ. එබැවින් ජයග්‍රහණයක් (ලකුණු 12) 100%, සමවීමක් (ලකුණු හයක්) 50% සහ ජය පරාජයෙන් තොරව අවසන්වීම (ලකුණු හතරක්)

33.3% කි. මේ අතර නියමිත කාල සීමාව තුළ පන්දු ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ද කණ්ඩායම්වල ලකුණු අඩු කෙරේ. සෑම ක්‍රිකට් ආකෘතියක් සඳහා ම උසස් තරගාවලියක් නිර්මාණය කිරීම සඳහා ICC විසින් 2019 දී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය ආරම්භ කරන ලදී. පෙර ජයග්‍රාහකයන් වන්නේ 2019-2021: නවසීලන්තය (ඉන්දියාව පරාජය කරමින්) හා 2021-2023 : ඔස්ට්‍රේලියාව (ඉන්දියාව පරාජය කරමින්) යන දෙරටය.

පසුගිය වසරේදී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉහළම පිතිකරණ සාමාන්‍යය හිමි පිතිකරු බවට කමිඳු මෙන්ඩිස් පත්ව තිබිණි. ඒ අනුව, 94.3ක ඉහළම ලකුණු සාමාන්‍ය වාර්තා කරමින් කමිඳු මෙන්ඩි ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලොව ප්‍රමුඛ ටෙස්ට් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත. එහි දෙවන ස්ථානයේ පසුවන්නේ 59.65 සාමාන්‍යයක් හිමිකර ගෙන සිටින ඉන්දියාවේ යසස්වි ජයිශ්වාල් ය. සල්මන් අගා, ජෝ රූට්, රචීන් රවීන්ද්‍ර පිළිවෙලින් තුන්වන, සිව්වන සහ පස්වන ස්ථාන හිමිකර ගෙන තිබිණි.

වරදත්ත අකලංක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

අනුරාධපුර ගොස් තලගොයින් ද මැරීම!

July 12, 2025
Related News
ක්‍රී​ඩා

පළමුවරට හිරුණ සහ මීදුම් රන් පදක්කම් දිනති

ක්‍රී​ඩා

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

ක්‍රී​ඩා

ජවසම්පන්න පහරකට විශේෂඥ පුහුණුවක්

ක්‍රී​ඩා

විම්බල්ඩන් ටෙනිස් ශූරතාව ඊගා ශ්වියොන් ටෙක්ට

ක්‍රී​ඩා

ගාල්ලේ මහා ක්‍රිකට් සංග්‍රාමය 18 – 19

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok