Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ක්‍රිකට් මාසයක් රැගෙන බංග්ලාදේශ ක්‍රීඩකයෝ අපේ දේශයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ක්‍රිකට් මාසයක් රැගෙන බංග්ලාදේශ ක්‍රීඩකයෝ අපේ දේශයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

ක්‍රිකට් මාසයක් රැගෙන බංග්ලාදේශ ක්‍රීඩකයෝ අපේ දේශයට

13 hours ago
104 Views

ලෝක ක්‍රිකට් පිටියට උරුම සියලුම තරග රටාවන්ගෙන් සමන්විත සම්පූර්ණ ක්‍රිකට් තරගාවලියකට මුහුණදීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණියහ. ටෙස්ට් තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය විස්සයි විස්ස තරග තුනකින් අවසන් වන්නේ එහි මැදට එක්වූ අපූර්ව එක්දින තරග තුනකින් තරගාවලිය රසවත් කරමින්ය. ඒ අනුව තරගාවලිය පුරා මාසයක් තුළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ 5 ක් තුළ දී පැවැත්වීමට නියමිතය.

බොහෝ කාලයකට පසුව ශ්‍රී ලංකාවට මෙරටදී පරිපූර්ණ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් හිමිවීම නිසා මෙම තරගාවලිය අපගේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රීඩා ලෝලීන්ට ද එකසේ වැදගත් වනු ඇත. 2025 වසර තුළ වඩාත් හොඳින් ක්‍රීඩාවට අවතීර්ණ වීමට සැලසුම් කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම බංග්ලාදේශ කණ්ඩායමටත් මෙම තරගාවලිය අතිශයින්ම වැදගත් වනු ඇත.

තරගාවලිය සුපුරුදු ලෙස මේ මස 17 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇරඹෙන අතර මෙම තරගය බොහෝ විට ලොව ප්‍රබලතම දඟ පන්දු යවන්නන්ගේ හැකියාව උරගා බැලෙන තරගාවලියක් වනු ඇත. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට නායකත්වය සපයන ධනංජය ද සිල්වාට ජයග්‍රාහි ආරම්භයක් ලබාගැනීමට මෙම පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ගාලු පිටියේදී බොහෝ විට අවස්ථාවක් හිමිවීමට ඉඩකඩ ඇත.

දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජුනි මස 25 වැනිදා ආරම්භ වන්නේ කොළඹ එස්එස්සී ක්‍රීඩාංගනයේදීය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන මෙම තරගාවලියට අයත් එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 3 කි. ඒ අනුව එහි පළමු තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ වන්නේ එළඹෙන ජූලි මස දෙවැනිදාය. එක්දින තරගාවලිය සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංක වෙත පැවරී ඇත. එක්දින තරගාවලියේ දෙවැනි තරගය ජූලි මස 5 වැනිදා ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීම පැවැත්වීමට නියමිතය. තරගාවලියේ තුන්වැනි සහ අවසන් එක්දින තරගය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර මෙම එක්දින තරග තුනම දිවා රාත්‍රී තරග ලෙස පවත්වනු ඇත.

තරගාවලියට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3 ක් ඇතුළත් අතර එහි පළමු තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ජූලි මස 10 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර දෙවැනි තරගය ජූලි 13 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි. අවසන් තරගය ජූලි 16 කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව තරග රටා තුනටම අයත් තරග අටකින් සමන්විත මෙම තරගාවලිය මාසයක කාලයකින් අනතුරුව නිමාවට පත්වීමට නියමිතය. පසුගිය කාලය තුළ මෙම කණ්ඩායම් දෙකම මාස කිහිපයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරග අත්දැකීම් නොමැතිව සිටින අතර මෙම තරගාවලිය තුළදී තම උපරිම දක්ෂතා අතරට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව පැහැදිළිය. කණ්ඩායම් දෙකම යොවුන් සහ පරිණත වශයෙන් දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත අතර තරගාවලියේ ක්‍රීඩාංගණ වාසිය හිමිවන්නේ ශ්‍රී ලංකාවටයි. ඒ අනුව මෙම තරගාවලියේ තරගකාරිත්වය සමඟින් ජයග්‍රහණයක් හිමිකර ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වනු ඇත.

සුනිල් සෝමසිරි

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

6 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

1 day ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

17 hours ago
Related News
ක්‍රී​ඩා

වසර දෙකක් පුරා දිවයන ලෝක ටෙස්ට් ශූරතාවලිය

ක්‍රී​ඩා

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ක්‍රී​ඩා

දෙවැනි දිනය අවසානයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට

ක්‍රී​ඩා

මහනුවර දිස්ත්‍රික් වොලිබෝල් ශූරතාවයන් මැදදුම්බර හා මිණිපේ දිනාගනී

ක්‍රී​ඩා

සමස්ත ශූරතාවය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok