49වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන අදියර ලෙස පැවැත්වෙන මහනුවර දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වොලිබෝල් තරගාවලියේ ශූරතාවයන් හිමිකර ගැනීමට මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කණ්ඩායම හා මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම් සමත්විය.
මෙම තරගාවලියේ පිරිමි අවසන් තරගයේ දී මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම ශූරතාව දිනාගැනීමට සමත් වූයේ වට 3/2 ලෙස ලබාගනිමින් ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම පරාජයට පත් කරමිනි. ඒ අනුව පිරිමි අනුශූරතාවය ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම සතු විය.

තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාවය හිමිකර ගැනීමට මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම සමත් වූයේ අවසන් තරගයේදී වට 3/2 ලෙස ලබාගනිමින් උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කණ්ඩායම පරාජය කරමිනි. ඒ අනුව තරගාවලියේ කාන්තා අනුශූරතාව උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායමට හිමි විය.
මෙම තරගාවලිය පසුගියදා කුණ්ඩසාලේ දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගණයේදී පවත්වන ලද අතර, තරගාවලියේ ශූරතාවයන් හිමිකර ගනු ලැබූ කාන්තා හා පිරිමි කණ්ඩායම් මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය.
මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.යූ. නිශාන්ත මහතාගේ උපදෙස් මත, මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී චන්න සෝමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී කාර්යාලය මගින් මෙම තරගාවලිය සංවිධානය කොට පැවතුණි.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන