ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් ජාත්‍යන්තර එක්දින ක්‍රීඩාපිටියෙන් සමුගන්නා බව නිවේදනය කර සිටියි.
36 හැවිරිදි මැක්ස්වෙල් ජාත්‍යන්තර එක්දින තරග 149කට ක්‍රීඩාකර ඇති අතර ඔහුගේ වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාව වන්නේ 201කි.
එක්දින ලකුණු 3990ක් මැක්ස්වෙල් සතු කරගෙන ඇති අතර ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 71කි.
ඇෆ්ගනිස්තානයට එරෙහිව 2012 වසරේදී ජාත්‍යන්තර එක්දින වරම් හිමිකරගත් මැක්ස්වෙල් තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයකු ද විය.
කෙසේ වෙතත් පන්දුවර 20-20 තරග සඳහා ක්‍රීඩාකරන බව ද සඳහන් කළ අතර, ලබන වසරේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩාකරන බවද සඳහන් කරයි.
මැක්ස්වෙල් එක්දින පිටියෙන් යයි
