දේශීයව නිපදවනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශක්තිජනක පානය ‘RIDE’ ශක්තිජනක පානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ශක්ති ජනක පාන සහකරු ලෙසින් අනුග්‍රාහකත්වයකට එළැඹ සිටියි. අදාළ අනුග්‍රාහකත්වය පිරිනැමීම වෙනුවෙන් වූ RIDE ශක්තිජනක පානය අලෙවි කරනු ලබන කාගිල්ස් සිලෝන් පී.එල්.සී. හි අනුබද්ධිත සමාගමක් වන කාගිල්ස් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ලිමිටඩ් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වූ ගිවිසුම් අත්සන් තැබීම සහ හුවමාරු කර ගැනීම 2025 ජුනි මස 06 වැනිදා කොළඹදී සිදු කෙරිණ.
වසර 2 ක කාලයක් හෙවත් ලබන 2027 දක්වා බලපැවැත්වෙන පරිදි අත්සන් තැබුණු මෙම අනුග්‍රාහක ගිවිසුම යටතේ මෙරටදී පැවැත්වෙන ද්වීපාර්ශ්වික ජාත්‍යන්තර තරගවලදී දෙපිළේම නිල ශක්තිජනක පානය සපයන්නා ලෙසින් ‘RIDE’ කටයුතු කරනු ඇති බව මෙදිනදී කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය. ‘සැබෑ බලශක්තිය’ යන සන්නාමය යටතේ දේශීයව නිපදවනු ලබන ‘RIDE’ ශක්තිජනක පානය ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු ඉදිරි පියවරක් නියෝජනය කරමින් සිටියි. ජාත්‍යන්තර වේදිකාවේ ශක්තිමත් තානාපතිවරයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු කීර්තිනාමය, ‘RIDE’ ශක්තිජනක පානයට ගෝලීය වෙළෙඳපොළ වෙත පහසුවෙන් පිවිසීමට සහාය වනු ඇත.
2020 දී හඳුන්වාදුන් RIDE, පසුගිය වසර 4 ඇතුළත සුපිරි වෙළෙඳ අංශය, සාමාන්‍ය වෙළෙඳසැල් මෙන්ම ආහාර සේවා අංශවල විශාල ප්‍රගතියක් ලබාගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය,ිRIDE. ශක්තිජනක පානය නව මුහුණුවරකින් යුතුව එළිදැක්වීම හා සමගාමීව සිදුවිය. නව මුහුණුවරයක් යටතේ එනිRIDE., ශ්‍රී ලාංකේය ජනතාවට අමතර ශක්තියක් සපයමින් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණදී, ජීවිතයේ උපරිම තෘප්තිය විඳ ගැනීමට අවැසි සැබෑ බලශක්තිය‘ බවට පත්වීමේ තම අරමුණ වෙනුවෙන් කැපව සිටියි.
RIDE හි වත්මන් නිෂ්පාදන පෙළට රයිඩ් ක්ලැසික් (RIDE Classic) සහ රයිඩ් රෙඩ්බෙරි (RIDE Redberry) සහ RIDE සීනි රහිත පානය (Sugar-Free) ඇතුළත් වන අතර, නවතම හඳුන්වාදීම වන RIDE ග්ලෝ ඇපල් මෙම කාණ්ඩයට නැවුම් රසයක් එක් කරයි. මෙම නව එළිදැක්වීමට සමගාමීව, දිනෙන් දින වර්ධනය වන පාරිභෝගික රුචිකත්වයන් හඳුනාගනිමින් RIDE යොදා ගනිමින් කොක්ටේල් වර්ග අත්හදා බැලීම සඳහා පාරිභෝගිකයන් උනන්දු කරවීමටද සන්නාමය කටයුතු කරමින් සිටියි.
මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වා සිටින කාගිල්ස් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ලිමිටඩ්හි කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන කුමාරසිංහ මහතා සඳහන් කර සිටියේ, “ක්‍රිකට් යනු ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ගැඹුරින් මුල් බැසගෙන තිබෙන ක්‍රීඩාවක්. එය අපේ දෛනික ජීවිතයේ කොටසක් වගේම රට පුරා ජනතාව එකමුතු කරන්න ක්‍රිකට්වලට පුළුවන්. RIDE අගේ අරමුණ සරළයි. ඔවුන් කවුරු වුවත්, කොතැන සිටියත්, මොන වේලාවක වුණත් අපි ශ්‍රී ලාංකිකයන්ට ශක්තිය ලබා දෙනවා. ජයග්‍රහණයට ඇති ආශාව, ඔරොත්තු දීමේ හැකියාව සහ එකමුතුකම වර්ධනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග සහයෝගයෙන් කටයුතු කිරීම අපගේ මෙම අරමුණු මනාව පිළිබිඹු කරනවා” යනුවෙනි.
“RIDE අපේ නිල ශක්තිජනක පාන සහකරු ලෙස පිළිගැනීමට ලැබීම ගැන අපි අතිශයින් සතුටු වෙනවා. මෙය අප ඉතා අගය කරන හවුල්කාරීත්වයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් සමගින් සිදුකරන මේ සහයෝගීතාවය තුළින් කාගිල්ස් හට ඔවුන්ගේ ශක්තිජනක පාන සන්නාමය අපේක්ෂිත වෙළෙඳපොළ කරා ඔසවා තැබීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා” යැයි මේ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.
ඈෂ්ලී ද සිල්වා මහතාට අමතරව මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත, කාගිල්ස් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ලිමිටඩ්හි කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන කුමාරසිංහ, ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා, එක්දින නායක චරිත් අසලංක, කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය මහතා ඇතුළු එම ජාතික කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සහභාගිව සිටියහ.