Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: 18 වසරක ඉඩෝරය නිමා කරමින් රෝයල් චැලේන්ජ් බැංගලෝර් ශූරතාව දිනයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: 18 වසරක ඉඩෝරය නිමා කරමින් රෝයල් චැලේන්ජ් බැංගලෝර් ශූරතාව දිනයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

18 වසරක ඉඩෝරය නිමා කරමින් රෝයල් චැලේන්ජ් බැංගලෝර් ශූරතාව දිනයි

2 weeks ago
386 Views

තරගයේ වීරයා සම්මානය කුර්නල් පාණ්ඩ්‍යාට
තරගාවලියේ වීරයා සූර්යකුමාර් යාදෙව්
විශිෂ්ටතම උඩපන්දුවට හිමි සම්මානය කමිදු මෙන්ඩිස්ට

වසර 18ක ඉඩෝරය නිමාවට පත්කරමින් අයි.පී.එල්. කුසලානයක පහස විඳගැනීමට ඉන්දීය සුපිරි පිතිකරුවකු වන විරාත් කෝලි ඇතුළු රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම පෙරේදා රාත්‍රියේ සමත්විය.

ඒ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසාන මහා තරගය වූ රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන්, තියුණු සටනකින් පසු පන්ජාබ් කණ්ඩායම ලකුණු 6කින් පරාජයට පත්කරමිනි.

වාර්තා පොතේ පිටු කිහිපයක්ම පෙරලී ගිය මෙම තරගය පෙරේදා (03දා) අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය ලෙස සැලකෙන අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ 18 වන කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායමේ ප්‍රතිමල්ලවයන් බවට පත්වුණේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමයි.

අවසාන මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ශෙයාර්ස් අයියර් පළමුව පන්දුවට පහරදීමේ වාරය රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායමට භාර කළේය.

ඒ අනුව පිටියට පිවිසි රෝයල් චැලේන්ජ් පිතිකරුවෝ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 190ක් ලබාගැනීමට සමත්විය.

ඒ අනුව ලකුණු 191ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වේගවත් ආරම්භයක් ලබාගත්තේ පළමු පන්දු වාර 8 අවසානයේ ලකුණු 79ක් ලබාගනිමිනි. එහිදී අවසාන තරගයේ හැරවුම් ලක්ෂයේ පන්දු වාර 4 ක්‍රියාත්මක කළ කුර්නල් පාණ්ඩ්‍යා ලකුණු 17කට කඩුලු 2ක් බිඳහෙලමින් තරගය තම කණ්ඩායම දෙසට ඇදගැනීමට සමත්විය. කෙසේ වුවද සටන ලේසියෙන් අතහරින්නට අකමැති වූ ෂශාන්ක් සිංග් පන්ජාබය ජයග්‍රහණය කරා රැගෙන යන්නට තනිව දැඩි සටනක් දියත් කරමින් සිටියේය. පන්ජාබ් කණ්ඩායමට අවසාන පන්දුවාරයේදී හිමිවූ ඉලක්කය ලකුණු 29කි. අවසාන පන්දු වාරය යැවීමේ අභියෝගය භාරගත් ජොස් හේසල්වුඩ් බැංගලෝරයේ එකම පැතුම බවට පත්විය. හේසල්වුඩ් ක්‍රියාත්මක කළ එම පන්දු වාරයේ පළමු පන්දු දෙකටම කිසිදු ලකුණක් ලබා නොදුන් අතර, ඉතිරි පන්දු 4ට ශාෂන්ක් හයේ පහර 3ක් සහ හතරේ පහරක් එල්ල කළද, එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවිණි. ඒ අනුව හේසල්වුඩ් බැංගලෝර් කණ්ඩායමේ 18වසරක අයි.පී.එල්. ඉඩෝරයට තිත තැබුවේ විරාත් කෝලි ඇතුළු ක්‍රීඩකයන්ගේ දෙනෙත්ද කඳුළින් තෙත් කරමිනි.

අවසානයේ පන්ජාබයට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 184ක් වීම හේතුවෙන් ලකුණු 6ක තියුණු ජයක් ලැබීමට රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායමට හැකිවිය.

රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී විරාත් කෝලි ලකුණු 43ක්, රාජත් පතිදර් ලකුණු 26ක්, ලිඅම් ලිවින්ස්ටන් ලකුණු 25ක්, මායාන්ක් අගරවාල් ලකුණු 24ක්, ජිතිෂ් ශර්මා ලකුණු 24ක්, රොමාරියෝ ෂෙෆර්ඩ් ලකුණු 17ක් සහ පිල් සාල්ට් ලකුණු 16ක් ලැබීය. පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී අර්ෂ්දීප් සිං ලකුණු 40කට කඩුලු 3ක්, කිලී ජේමිසන් ලකුණු 48කට කඩුලු 3ක්, විජයකුමාර් වියාෂ්ක් ලකුණු 30කට 1කඩුල්ලක්, අස්මතුල්හ් ඔමරසායි ලකුණු 35කට 1කඩුල්ලක් සහ යශ්වේන්ද්‍ර චහල් ලකුණු 37කට 1කඩුල්ලක් දවාලීය.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ෂාශන්ක් සිංග් නොදැවී ලකුණු 61ක්, ජොස් ඉංග්ලිෂ් ලකුණු 39ක්, ප්‍රභාෂිමරන් සිංග් ලකුණු 26ක්, ප්‍රියන්ෂ් ආර්යා ලකුණු 24ක් සහ නිහාල් වදේරා ලකුණු 15ක් ලැබීය.

රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කුර්නල් පාණ්ඩ්‍යා ලකුණු 17කට කඩුලු 2ක්, බුවනේෂ්වර් කුමාර් ලකුණු 38කට කඩුලු 2ක්, යෂ් ඩයල් ලකුණු 18කට 1කඩුල්ලක්, රොමාරියෝ ශෙෆර්ඩ් ලකුණු 30කට 1කඩුල්ලක් සහ ජොස් හේසල්වුඩ් ලකුණු 58කට 1 කඩුල්ලක් බිඳහෙලීය.

තරගයේ වීරයා ලෙස ලකුණු 17කට කඩුලුරෑ 2ක් බිඳහෙලූ කුර්නල් පාණ්ඩ්‍යා සම්මාන ලැබූ අතර, තරගාවලියේ වීරයාට හිමි සම්මානය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ සූර්යකුමාර් යාදෙව්ට හිමිවිය. තරගාවලියේ විශිෂ්ටතම උඩපන්දුවට හිමි සම්මානය සන්රයිසස් කණ්ඩායම නියෝජනය කළ කමිදු මෙන්ඩිස්ට හිමිවිය. අනුශූර පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 12.5ක මුදලක් හිමිවූ අතර, ජයග්‍රාහී රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායමට හිමිවූ මුදලේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 20කි.

සිසිර ඉන්ද්‍රජිත්

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
ක්‍රී​ඩා

ශ්‍රී ලංකා පළමු ඉනිම පැතුම්ගෙන් හැඩ වෙයි

ක්‍රී​ඩා

කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලියේ කාලසටහන එළිදකී

ක්‍රී​ඩා

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලිය: ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 08ක්

ක්‍රී​ඩා

විවෘත පංචප්‍රයාම පිහිණුම් ශූරතාවලියේ කාන්තා ශූරතාවය කලුතර බාලිකාවට

ක්‍රී​ඩා

දෙවැනි දිනයේ වැස්සෙන් පසු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ රිද්මයට එති

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok