පිහිටක් වුණොත් පිනක්
ඇටමිදුලු ආබාධයක් නිසා හටගන්නා පිළිකා රෝග තත්ත්වයක් නිසා පීඩා විඳිමින් 14 හැවිරිදි දැරියක ශල්‍ය කර්මයකට භාජනය කර දැනට ඉන්දියාවේ ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
ඒ අතර එම ආබාධය නිසා හටගන්නා දුලබ ගණයේ රෝග තත්ත්වයකට ලක්වී එම රෝහලේම ප්‍රතිකාර ලබන ඇයට රෝහලේ බිල ගෙවා ගැනීමට තව අවශ්‍යව ඇති රුපියල් ලක්‍ෂ 5ක මුදල සොයා ගැනීමට දැරියගේ මව පින්වතුන්ගේ සහාය පතයි.
දැරිය ගම්පහ යශෝධරා දේවි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන ලිහන්සා රාජකරුණා නම් ශිෂ්‍යාවකි. ඇයගේ මවගේ නමින් (ඩබ්ලිව්. සී. එස්. ජයතිලක) ගම්පහ කොමර්ෂල් බැංකුවේ ගිණුමක්ද පවතී. එහි අංකය 8021468472 වේ. එම දැරියගේ මවගේ දුරකථන අංකය 071-8256333 වේ.