අයි.පී.එල්. ජයග්‍රහණය සැමරීමට ඊයේ බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණයට පැමිණි ක්‍රීඩා ලෝලීන් අතර ඇතිවූ තෙරපුමකින් පුද්ගලයන් 11 දෙනකු මියගොස් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇත.
රෝයල් චැලන්ජර් ඔෆ් බැංගලෝර් පිල වසර 18කට පසුව ප්‍රථම වරට අයි.පී.එල්. කුසලානය ලබාගැනීම සැමරීමට මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
මෙම ක්‍රීඩාංගණයට ඇතුළත් කළ හැක්කේ ක්‍රීඩා ලෝලීන් හතළිස් දහසක් වුවද පනස් දහසකට වැඩි පිරිසක් ක්‍රීඩාංගණයට ඇතුළුවී තිබේ.
චතුර පමුණුව