ශූරතාවට ඉන්දීය රුපියල් කෝටි 20ක්
අනුශූරතාවට කෝටි 13ක්
මෙවර (2025) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසාන මහා තරගයට සහභාගීව ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 20ක් ද, අනුශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 13ක මුදලක් ද හිමිවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අවසන් පූර්ව වටයෙන් ඉවත්ව යන කණ්ඩායම් දෙකට පිළිවෙළින් ඉන්දීය රුපියල් කෝටි 7ක් සහ 6.5ක්ද, වැඩිම කඩුලු ලාභියාට ඉන්දීය රුපියල් ලක්‍ෂ 10ක්ද, වැඩිම ලකුණු ලාභියාට ඉන්දීය රුපියල් ලක්‍ෂ 10ක්ද, නැගීඑන ක්‍රීඩකයා හට ඉන්දීය රුපියල් ලක්‍ෂ 20ක්ද, වටිනාම ක්‍රීඩකයාට ඉන්දීය රුපියල් ලක්‍ෂ 10ක් ද, ප්‍රහාරාත්මක පිතිකරුවාට ඉන්දීය රුපියල් ලක්‍ෂ 10ක්ද සහ තවත් ත්‍යාග රැසක්ද හිමිවන බවට වාර්තා වේ.