26 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය
දකුණු කොරියාවේදී පැවැත්වූ 26 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය පසුගිය 31 වැනිදා නිමාවට පත්විය.
ඒ තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් ත්‍රිත්වයකින් සෑහීමට පත්වීමට මෙවර සිදුවිය.
ලබාගත් පදක්කම් තුනත් සමග ශ්‍රී ලංකාව 18 වැනි ස්ථානයට පත් විය. පදක්කම් සටහනේ පෙරමුණ ගන්නට චීනයට හැකිවූ අතර චීනය රන් පදක්කම් 19ක් සමග සමස්ත පදක්කම් 32ක් දිනාගත්තේය.
අසල්වැසි ඉන්දියාව රන් පදක්කම් 08ක් සමග සමස්ත පදක්කම් 24ක් ලබාගෙන දෙවැනි තැන හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර් 400 ලෝකඩ පදක්කම කාලිංග කුමාරගේ ලබාගත් අතර 400×4 මිශ්‍ර සහය දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කම හිමිකරගත්තේ සදෙව් රාජකරුණා, සයුරි මෙන්ඩිස්, කාලිංග කුමාරගේ, නිශේන්ද්‍රා ප්‍රනාන්දුය. තුන්වැනි ලෝකඩ පදක්කම ලබාගත්තේ 400×4 කාන්තා සහය දිවීමේ තරගයෙනි. එම තරගයට සහභාගි වූයේ නදීශා රාමනායක, සයුරි මෙන්ඩිස්, ජයේෂි උත්තරා සහ නිශේන්ද්‍රා ප්‍රනාන්දුය.