ප්‍රකට සංඝ පීතෘවරයකුට අපලයි
භූමියෙන් වටිනා දෑ මතුවේ
අභිරහස් කාන්තා මරණ හද කම්පා කරවන සිදුවීම්
තැපැල්, විදුලි සංදේශ, ප්‍රවාහන යන අංශවල ගැටලු
ග්‍රහලොව කලාකාරිය යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලබන වීනස් හෙවත් සිකුරු ග්‍රහ තාරකාව තමාගේ සම රාශියක් වූ කුජට අයත් මේෂ රාශියට 2025.05.31 පෙ.ව. 11.34ට ගෝචර වේ. දින 29 ක කාලයක් සිකුරු එහි රැඳී සිටී.
මෙහිදී තත්කාල ලග්නය වශයෙන් සිංහ ලග්නයත්, වෘෂභ නවාංශකයත් උදාව පවතී. එහිදී ලග්නගතව කේතු ද හත්වැන්නේ රාහු ද, අටවැන්නේ ශනි ද, නවවැන්නේ සිකුරු ද, දහවැන්නේ ලග්නාධිපති සමග 2 අධිපති ද, එකොළොස් වැන්නේ 22 දෙර්කානාධිපතිට අයත් ගුරු ද, දොළොස්වැන්නේ කුජ, සඳු ද ගමන් ගෙන තිබේ. කේතුට අයත් අස්විදයේ සිකුරු මෙසේ ගමන්ගෙන තිබීම හේතු කොටගෙන අභිරහස් කාන්තා මරණ ගැන අසන්නට ලැබේ. එසේම තත්කාල කේන්ද්‍රය තුළ 22 දෙර්කානාධිපති ගුරුට අයත් වීම මත නව බදු වර්ග ගැන ද අසන්නට ලැබෙන අතර ලංකා භූමියෙන් වටිනා දෑ මතුවන කාලයක් ද වේ. ආගමික නායකයන් වහන්සේලාට පීඩා කරදර ඇති වන බව පෙනේ. ප්‍රකට සංඝ පීතෘවරයකුගේ අහිමි වීමක් ගැන ද පෙනෙන්නට තිබේ. ආගමික සමගියට පීඩා ඇතිවන පුවත් ගැන අසන්නට ලැබේ. සෙන්පති කුජ ග්‍රහයා ද තවදුරටත් වක්‍ර චලිතයේ ජුනි 06 තෙක් ගමන් කිරීම හේතුවෙන් හදිසි අනතුරු හද කම්පා කරවන සිදුවීම් ගැන ද ඔබට වරින්වර අසන්නට ලැබේ.
කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ තෙවෙනි භාවය තුළ සිකුරු ගෝචර වන අතර ඒ අනුව තැපැල්, විදුලි සංදේශ, ප්‍රවාහන, දුම්රිය යන අංශවල ගැටලු පැන නැඟෙන බව සඳහන් කළ හැක. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ 10 අධිපති කුජ හයවෙනි භාවයේ ගමන් කිරීම මත රජයට විරුද්ධව කුමන්ත්‍රණ, සතුරු බලවේග ජුනි 07 තෙක් පවතී.
ඒ අනුව සිකුරුගේ ග්‍රහ ගෝචරය ලග්න 12 ට බලපාන ආකාරය කෙසේදැයි බලමු.
මේෂ ලග්නය – හවුල් ව්‍යාපාරවලින් ලාභ
මේෂ ලග්න ඔබගේ කේන්ද්‍රයේ 7 අධිපති වෙමින් ලග්නගතව සිකුරු ගෝචර වේ. ඔබට හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබිය හැකි දින කිහිපයකි. රැකියාව තුළ ගැටලු, මානසික පීඩා ඇති කරයි.
වෘෂභ ලග්නය – රැකියාවේ කලකිරීම්
වෘෂභ ලග්න ඔබගේ ලග්නාධිපති වෙමින් දොළොස්වෙනි භාවය තුළ සිකුරු ගෝචර වේ. තමාගේ තත්ත්වයට හානි වන පුවත් අසන්නට ලැබෙන දින කිහිපයකි. රැකියාවේ කලකිරීම් ඇති විය හැකි අතර විදේශගත වීමට පවා භාග්‍ය පවතින කාලයක් ද වේ.
මිථුන ලග්නය – ලැබීම් අතින් යහපත්
මිථුන ලග්න ඔබගේ 5 අධිපති වෙමින් එකොළොස්වෙනි භාවය තුළ සිකුරු ගෝචර වේ. ලැබීම් අතින් යහපත් වේ. තමාගේ වචන නිසා අන් අය දුරස්වීමක් පෙන්නුම් කරයි. පපුව, පෙණහලු ආශ්‍රිතව ගැටලු ඇති වීමට ඉඩ තිබේ.
කටක ලග්නය – රැකියාවේ දියුණුව
කටක ලග්න ඔබගේ කේන්ද්‍රයේ හතර අධිපති වෙමින් දහවැන්න තුළ සිකුරු ගෝචර වේ. රැකියාවේදී තමන්ගේ කීර්තිය, ජනප්‍රියභාවය වැඩි විය හැකි දින කිහිපයකි. තරමක් ආවේගශීලී වීමට ඉඩ පවතී.
සිංහ ලග්නය – පෙර පින මතුවේ
සිංහ ලග්න ඔබගේ කේන්ද්‍රයේ නවවැනි භාවය තුළ සිකුරු ගෝචර වේ. පෙර පින මතුවිය හැකි කාලයකි. ඉහළ තනතුරු නිලතල ලැබීමට පවා වාසනාව පවතින දින කිහිපයකි.
කන්‍යා ලග්නය – ලැබීම් අතින් යහපත
කන්‍යා ලග්න ඔබගේ කේන්ද්‍රයේ යෝගකාරක ග්‍රහයා වෙමින් සිකුරු අටවෙනි භාවය තුළ ගෝචර වේ. තමාගේ තත්ත්වයට හානි වන පුවත් අසන්නට ලැබේ. ලැබීම් අතින් යහපත්ය.
තුලා ලග්නය – හවුල් ව්‍යාපාරවලින් ලාභ
තුලා ලග්න ඔබගේ ලග්නාධිපති වෙමින් හත්වෙනි භාවය තුළ දී ගෝචර වේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබිය හැකි දින කිහිපයකි. රැකියාව තුළ ගැටලු අර්බුද ඇති කරයි.
වෘශ්චික ලග්නය – රැකියාව පිළිබඳ සැලකිලිමත් වන්න
වෘශ්චික ලග්න ඔබගේ කේන්ද්‍රයේ හයවෙනි භාවය තුළ සිකුරු ගෝචර වේ. සමගි සන්ධාන, හවුල් ව්‍යාපාරවලින් පාඩු ඇතිවිය හැකි දින කිහිපයකි. රැකියාවේ යම් යම් කුමන්ත්‍රණ ඇති වීමට ඉඩ පවතින හෙයින් ඒ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත් වේ.
ධනු ලග්නය – අධ්‍යාපනයට යහපත්
ධනු ලග්න ඔබගේ කේන්ද්‍රයේ පස්වෙනි භාවය තුළ සිකුරු ගෝචර වේ. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට යහපත් ප්‍රතිඵල ඇති කරයි. ඔබට ජුනි 15 තෙක් රැකියාව තුළදී සතුරු බලවේග ක්‍රියාත්මක වීමට ඉඩ පවතී.
මකර ලග්නය – භූමි ලාභ
මකර ලග්න ඔබගේ යෝග කාරක ග්‍රහයකු වෙමින් හතරවෙනි භාවය තුළ ගෝචර වේ. ඔබට භූමියෙන් යම් යම් ලැබීම් ලැබිය හැකි දින කිහිපයකි. අධ්‍යාපනයේ යෙදී සිටී දරුවන්ට ඉතා යහපත් වේ.
කුම්භ ලග්නය – සිතේ පීඩා
කුම්භ ලග්න ඔබගේ කේන්ද්‍රයේ හතර සහ නවය අධිපති වෙමින් සිකුරු තුන්වෙනි භාවය තුළ ගෝචර වේ. බාල සහෝදරයන් නිසා සිත් පීඩා, විරසක වීම් ඇති විය හැකි දින කිහිපයකි.
මීන ලග්නය – යම්යම් වාසි ලැබේ
මීන ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ සිකුරු දෙවෙනි භාවය තුළ ගෝචර වේ. ඔප්පු තිරප්පු ආදීවලින් යම් යම් ලැබීම් ලැබිය හැකි දින කිහිපයකි.
(මෙය පොදු පලාපල විස්තරයක් බැවින් ඔබ ගත කරන දසාව, අතුරු දසාව බලා නිවැරදි තක්සේරුවකට එන්න.)

සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ ලේකම්
ආචාර්ය. පී.කේ.තරංග කුමාර
077 796 2658