Monday, 2 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: වත්තේගම කලාප ක්‍රීඩා ශූරතාවය වලල ඒ. රත්නායක විදුහලට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 2 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: වත්තේගම කලාප ක්‍රීඩා ශූරතාවය වලල ඒ. රත්නායක විදුහලට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
ක්‍රී​ඩා

වත්තේගම කලාප ක්‍රීඩා ශූරතාවය වලල ඒ. රත්නායක විදුහලට

2 days ago
185 Views

ශ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තබමින් ජාතික හා ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ විශිෂ්ට දක්ෂතා දක්වන ක්‍රීඩාවේ රජුන් රැජිණියන් දැයට දායාද කළ අධ්‍යාපන කලාපය ලෙසින් කිරුළු පළදින මධ්‍යම පළාතේ වත්තේගම අධ්‍යාපන කලාපයේ කලාප ක්‍රීඩා උළෙල හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේදී (27) පැවැත්විණ.

මෙවර කලාප ක්‍රීඩා උළෙලේ බාලක හා බාලිකා ද්විත්ව ශූරතා හිමිකර ගනිමින් ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට වලල ඒ රත්නායක මාධ්‍ය මහා විදුහල සමත්විය.

මෙම ක්‍රීඩා උළෙලේ සමස්ත බාලිකා ශුරතාවය දිනා ගැනීමට වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය සමත් වූයේ ලකුණු 703 ක් හිමිකර ගනිමිනි. අනු ශූරතාවය ලකුණු 102 සමගින් වත්තේගම බාලිකා විද්‍යාලයත්, තෙවන ස්ථානය ලකුණු 72 හිමිකරගත් පාතදුම්බර මහා විද්‍යාලය සතු විය.

ක්‍රීඩා උළෙලේ සමස්ත බාලක ශුරතාවය දිනා ගැනීමට වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය සමත් වූයේ ලකුණු 410 ක් හිමිකර ගනිමිනි. අනු ශූරතාවය ලකුණු 161 සමගින් මහනුවර ආදර්ශ විද්‍යාලයත්, තෙවන ස්ථානය ලකුණු 101 ලබාගත් මදීනා ජාතික පාසල හිමිකර ගන්නා ලදී.

2025 වර්ෂයේ මෙම ක්‍රීඩා උළෙලේ දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ පී. ජී. පී. එම්. දසනායක පිදුම් ලැබූ අතර වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස දිගන හින්දු ජාතික පාසලේ එච්. අභිනි ක්‍රීඩකයා පිදුම් ලැබීය.

වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ අධීක්ෂණයෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය) සුසන්ත ප්‍රනාන්දු මහතාගේ මගපෙන්වීම මත මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කොට තිබිණි.

ශ්‍රී ලංකාවේ පිහිටි අධ්‍යාපන කලාප සියය අතරින් විශිෂ්ටතම පාසල් මලල ක්‍රීඩකයන් දැයට දායාද කළ මධ්‍යම පළාතේ වත්තේගම අධ්‍යාපන කලාපය ඉතිහාසයට එක් වනුයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාසල් ක්‍රීඩිකාවක් ඔලිම්පික් වරම් හිමිකරගත් ප්‍රථම හා එකම අධ්‍යාපන කලාපය ලෙසිනි. එම දක්ෂතාවයට හිමිකම් කියනු ලැබුවේ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවය.

මෙම ක්‍රීඩා උළෙල සඳහා වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ අතුල ජයවර්ධන, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) සුසන්ත ප්‍රනාන්දු, ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාපයේ පාසල් නියෝජනය කරමින් විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන්, ක්‍රීඩා ගුරුවරුන්, ක්‍රීඩා උපදේශකවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

1 day ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

1 day ago

සිකුරු කුජගේ නිවසට

1 day ago

72 වැනි ලෝක රූ රැජින  තායිලන්තයෙන් 

2 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

1 day ago
Related News
ක්‍රී​ඩා

ලෝකඩ පදක්කම් 3ක් සමග ශ්‍රී ලංකාවට 18 වැනි තැන

ක්‍රී​ඩා

කෝඩ්‍රෑන්ගල් කුසලානය රෝයල් කලම්බු ගොල්ෆ් ක්‍රීඩා සමාජයට

ක්‍රී​ඩා

භාරත් අරුන් පුහුණුවකට එයි

ක්‍රී​ඩා

තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලි ජය පාකිස්තානයට

ක්‍රී​ඩා

මහනුවර පාපන්දු ශූරතාව ගඟවට කෝරලය හා කුණ්ඩසාලයට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok