72 වැනි ලෝක රූ රැජින කිරුළ තායිලන්තය නියෝජනය කළ ඔපල් සුචතා චුංශ්‍රී (opal Suchata Chuangsri ) ට හිමිවිය.
දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද , තෙවැනි ස්ථානය පෝලන්තයට ද , සිව් වැනි ස්ථානය මාර්ටනික්‍යු රාජ්‍යයට ද හිමි විය .
1951 වසරේ මහා බ්‍රිතාන්‍යයේදී ඇරඹි ලෝක රූ රැජින තරගයේ 72 වැනි අදියර ඉන්දියාවේ තෙළඟනාහිදී ආරම්භ වූයේ මැයි 7 වැනිදාය.
මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා තරගකාරිනියන් 108 දෙනෙකු ඉදිරිපත් ව සිටින අතර ඔවුන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැනුණි.
එම මහාද්වීප වෙන්කර තිබුණේ, අමෙරිකා සහ කැරබියානු, යුරෝපා, අප්‍රිකා, ආසියා සහ ඔෂනියා ලෙසයි.