49වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන අදියර ලෙස පැවැත්වෙන මහනුවර දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පාපන්දු තරගාවලියේ ශූරතාවයන් හිමිකර ගැනීමට කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කණ්ඩායම හා ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම් සමත් විය.

මෙම තරගාවලියේ පිරිමි අවසන් තරගයේ දී ඟගවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම ශූරතාව දිනාගැනීමට සමත් වූයේ දඬුවම් පහර මගින් ගෝල 4-2 ක් ලෙස ලබාගනිමින් ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම පරාජයට පත් කරමිනි. ඒ අනුව පිරිමි අනුශූරතාවය ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායමට හිමි විය.
තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාවය හිමිකර ගැනීමට කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම සමත් වූයේ අවසන් තරගයේදී ගෝල 01/00 ලෙස ලබා ගනිමින් පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම පරාජය කරමිනි. ඒ අනුව තරගාවලියේ කාන්තා අනුශූරතාව පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායමට හිමි විය.
මෙම තරගාවලිය පසුගියදා දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගණයේදී පවත්වන ලද අතර, තරගාවලියේ ශූරතාවයන් හිමිකර ගනු ලැබූ කාන්තා හා පිරිමි කණ්ඩායම් මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබාගන්නා ලදී.
මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එච්. යූ. නිශාන්ත මහතාගේ උපදෙස් මත, මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී චන්න සෝමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී කාර්යාලය මගින් මෙම තරගාවලිය සංවිධානය කර තිබිණි.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන