එංගලන්ත බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලිය
මුල් පෙළ සහ මැද පෙළ පිතිකරුවන්ගේ විශිෂ්ට පිතිහරඹයත්, ශඛීබ් මොහොමඩ් සහ ජෙමී ඕවර්ටන් ඇතුළු එංගලන්ත පන්දු බළඇණියේ කැපීපෙණෙන පන්දු යැවීමත් හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 238ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.
පෙරේදා (29 දා) බර්මින්හැම් හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත් දැවැන්ත ලකුණු 400ට පිළිතුරු ඉනිම ඇරඹූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දු වාර 26යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 162ක් පමණි. ඒ අනුව එංගලන්තයට ලකුණු 238ක දැවැන්ත ජයක් සමග තරග 3කින් සමන්විත තරගාවලිය 0-1ක් ලෙස පෙරමුණ ගැනීමට ද හැකිවිය.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ජේකොබ් බෙතල් ලකුණු 82ක්, බෙන් ඩකට් ලකුණු 60ක්, හැරී බෲක් ලකුණු 58ක්, ජෝ රූට් ලකුණු 57ක්, විල් ජැක් ලකුණු 39ක් සහ ජෙමී ස්මිත් ලකුණු 37ක් ලැබීය.
පන්දු යැවීමේදී ජේඩන් සීල්ස් ලකුණු 84කට කඩුලු 4ක් බිඳහෙළීය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී සායි හෝප් ලකුණු 25ක්, ක්‍රේසි කාර්ති ලකුණු 22ක් සහ ගුඩකේෂ් මෝටි ලකුණු 18ක් ලැබීය.
පන්දු යැවීමේදී ශඛීබ් මොහොමඩ් ලකුණු 32කට කඩුලු 3ක් සහ ජෙමී ඕවර්ටන් ලකුණු 22කට කඩුලු 3ක් දවාලීය.
තරගයේ වීරයා ලෙස ජෙකොබ් බෙතල් සම්මාන ලැබීය.
සිසිර ඉන්ද්‍රජිත්