ලබන ජුනි සහ ජූලි මාසවලට යෙදී ඇති බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා කටයුතු කරන තරග නිලධාරීන්ගේ නම් ලැයිස්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගනු ලැබීය.
ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තෙවැදෑරුම් තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙවර සමස්ත තරගාවලියේ තරග තීරකවරයා වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ප්‍රධානම කාණ්ඩයේ තරග තීරකවරයකු වන ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා කටයුතු කරනු ඇත.
ඊට අමතරව තරග විනිශ්චය සඳහා නම් කරන ලද විනිසුරුවන් අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධානතම විනිසුරු පැනලය නියෝජනය කරනු ලබන විනිසුරුවන් වන රොඩ් ටකර්, ඇලෙක්ස් වෝෆ් සහ අල්ලහුදින් පලෙකර් ඇතුළත්ව සිටිති.
මීට අමතරව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ජාත්‍යන්තර විනිසුරු මණ්ඩලය නියෝජනය කරනු ලබන ශ්‍රී ලාංකික විනිසුරුවන් වන රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල යන විනිසුරුවන්ද මෙම තරගාවලියේ විනිසුරු කටයුතු සඳහා නම් කර ඇත.
දෙරට අතර තරගාවලිය ජුනි මස 17 වැනිදා ආරම්භ වන අතර ජූලි මස 16 වැනිදා අවසන් වීමට නියමිතය.
තරග තීරක – ඇන්ඩි පයික්‍රොෆ්ට්
තරග විනිසුරුවන් –
රෝඩ් ටකර් – (අයි.සී.සී. ප්‍රධානතම විනිසුරු පැනලය – ටෙස්ට් තරගාවලිය සඳහා)
ඇලෙක්ස් වෝෆ් – (අයි.සී.සී. ප්‍රධානතම විනිසුරු පැනලය – ටෙස්ට් සහ එක්දින තරගාවලිය සඳහා)
අල්ලහුදින් පලෙකර් – (අයි.සී.සී.ස ප්‍රධානතම විනිසුරු පැනලය – ටෙස්ට් සහ එක්දින තරගාවලිය සඳහා)
රුචිර පල්ලියගුරුගේ – (අයි.සී.සී. ජාත්‍යන්තර විනිසුරු – එක්දින සහ විස්සයි-20 තරගාවලිය සඳහා)
ලින්ඩන් හැනිබල් – (අයි.සී.සී. ජාත්‍යන්තර විනිසුරු – ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලි සඳහා)
රවීන්ද්‍ර විමලසිරි – (අයි.සී.සී. ජාත්‍යන්තර විනිසුරු – එක්දින සහ විස්සයි-20 තරගාවලි සඳහා)
ප්‍රගීත් රඹුක්වැල්ල – (අයි.සී.සී. ජාත්‍යන්තර විනිසුරු – ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලි සඳහා