26 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය
රසාරාගෙන් ජාතික වාර්තාවක්
දකුණු කොරියාවේ දී දැන් පැවැත්වෙන 26 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී ඊයේ (29 ද) තවත් ලෝකඩ පදක්කමක අයිතිය සතු කර ගන්නට ශ්‍රී ලංකාවට හැකි විය.
එම තරග ඉසව්ව වනුයේ කාන්තා 400×4 සහාය දිවීම තරගයකිනි. ශ්‍රී ලංකාව එම ලෝකඩ පදක්කම ලබා ගත්තේ තත්පර 3.36 ක දක්ෂතාවකිනි. එහි රන් පදක්කම ඉන්දියාව සතුවිය.
තවද කාන්තා මීටර් 10000 ඉසව්වෙන් 7 වැනි තැන දිනූ රසාරා විජේසූරිය ජාතික වාර්තාවක් තැබීමට ඊයේ සමත්විය. ඇය එම දක්ෂතාවය දැක්වූයේ තත්පර 33.21 ක දක්ෂාතාවකිනි.

ඒ අතර 400×4 පිරිමි සහය දිවීමේ තරගයෙන් ශ්‍රී ලංකාවට පස්වැනි තැන හිමිවිය.
සුසිල් ජයකොඩි
සංස්කරණය – සුසිල් ජයකොඩි