26 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය
මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම සතු කරගනියි
මීටර් 400×4 මිශ්‍ර ලෝකඩ පදක්කමත් ශ්‍රී ලංකාවට
දකුණු කොරියාවේදී පැවැත්වෙන 26 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනාදීමට කාලිංග කුමාරට ඊයේ හැකියාව ලැබුණි. ඔහුට ලෝකඩ පදක්කම දිනාගැනීමට එම ඉසව්වෙන් තත්පර 45.55ක කාලයක් ගත වූ අතර රන් පදක්කම දිනාගත්තේ කටාර් රාජ්‍යය නියෝජනය කළ අමර් ඊබ්‍රහිම්ය.
තවද රීදි පදක්කමේ අයිතිය ලබාගැනීමට ජපානයේ කෙන්ටාරෝ සාටෝට හැකියාව ලැබුණි.
26 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය ලබන 31 වැනිදා දක්වා දකුණු කොරියාවේදී පැවැත්වේ.

මීටර් 400×4 මිශ්‍ර සහාය දිවීමේ ලෝකඩ පදක්කම ඊයේ ශ්‍රී ලංකාවට හිමි විය.
එම ඉසව්ව සඳහා අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, නදීශා රාමනායක සහ හර්ෂනී ආරච්චිගේ සහභාගි වූ අතර එහිදී තත්පර 45.55 ක දක්ෂතාවක් පෙන්නුම් කළහ.
සුසිල් ජයකොඩි
සංස්කරණය – සුසිල් ජයකොඩි