තායිලන්තයේ මහා වජිරලොන්කෝන් (දසවන රාම) රජුගේ පිටුවහල් කරන ලද පුත්‍රයා වන වචරයිසෝන් විවචරවොන්ග්සේ පසුගිය වෙසක් දිනයේ බැංකොක් නුවරදී පැවිදි දිවියට එළඹීම එරට විශේෂ අවධානයට යොමුව ඇත.
මීළඟ රජු කවුද යන්න පිළිබඳව ප්‍රශ්නයක් මතුව ඇති සමයක මෙලෙස වචරයිසෝන් පැවිදිවීම ඔහුට රජුගේ විශේෂ අවධානය යොමුවීමට හේතුවකි. ඔහු වර්තමාන තායි රජුගේ දෙවැනි බිරිඳගේ පුත්‍රයකු වන අතර පසුගිය කාලය පුරාම ඇමරිකාවේ ජීවත් විය. 2023 දී නැවත සිය රටට පැමිණි 43 හැවිරිදි වචරයිසෝන් පැවිදි වීමට ගත් තීරණය, තායි වැසියන් තුළ මෙන්ම රාජකීය ක්ෂේත්‍රය තුළ ද ඔහුගේ පැවැත්ම නැවත ස්ථාපිත කිරීම කළ යුත්තක් ලෙස විචාරකයින් හඳුන්වාදී ඇත.
චතුර පමුණුව