නව කොවිඩ් ප්‍රභේදය සමාජය තුළ පැතිර යෑම සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර ගත යුතු නැතැයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
එහෙත් කොවිඩ් නව ප්‍රභේදය රටට ඇතුළුවීමේ අවස්ථා අවම කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත යුතු බව එම සංගමයේ මාධය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (04දා) පැවසීය.
මෙම නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝකයම අවධානයෙන් සිටිනවා. ජනතාවට කියන්න තියෙන්නේ අනවශ්‍ය කලබලයක් අවශ්‍ය නොවන බවයි. අවදානම් සහිත කලාපයේ රටවලින් පැමිණෙන පිරිස් සහ රෝග ලක්‍ෂණ ඇත්නම් හඳුනාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ආවේක්‍ෂණ කටයුතුවල පහසුකම් වැඩි කළ යුතුයි. ගුවන්තොටුපළේ පවතින මෙම ක්‍රියාවලිය යළි සක්‍රීය කළ යුතුයි.
මුව ආවරණ පැලඳවීම, දෑත් සේදීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ යළි ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් යැයි ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේය.
සුජීව තත්සර