– මෝටර් රථ 73,489ක් අලුතින් ලියාපදිංචි
මෙම වසරේ ජනවාරි මස සිට ජූනි 3 දා දක්වා වාහන ආනයනයෙන් රුපියල් බිලියන 132ක බදු ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
2025 වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අලුතින් ලියාපදිංචි කර ඇති මෝටර් රථ සංඛ්‍යාව ඇතුළත් දත්ත වාර්තාව අනුව ගත වූ කාලය තුළ සමස්තයක් ලෙස මෝටර් රථ 73,489ක් අලුතින් ලියාපදිංචි කර තිබේ. ඒ අතුරින් වැඩිම සංඛ්‍යාවක් ඇත්තේ යතුරුපැදිය.
ජනවාරි සිට මැයි දක්වා අලුතින් ලියාපදිංචි කර ඇති යතුරුපැදි ගණන 58,943කි. ඒවා වැඩි ම ගණනක් ලියාපදිංචි කර ඇත්තේ අප්‍රේල් මාසයේදී වන අතර එම ගණන 13,126කි. කෙසේ වෙතත් මැයි මාසය වන විට එම ගණන 11,825 දක්වා පහත වැටී තිබේ.
චතුර පමුණුව