Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මේ රටේ පෙනෙන සාමකාමී පද්ධතියට යටින් කළු පද්ධතියක් තිබෙනවා:
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මේ රටේ පෙනෙන සාමකාමී පද්ධතියට යටින් කළු පද්ධතියක් තිබෙනවා:
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

මේ රටේ පෙනෙන සාමකාමී පද්ධතියට යටින් කළු පද්ධතියක් තිබෙනවා:

2 weeks ago
793 Views

ජාවාරම්කාර කල්ලියක් එය මෙහෙයවනවා
සිරකරුවන් ළඟ තිබී මාංචු කුට්ටම් 7ක් යතුරු 27ක් හමුවුණා
මේවා නිලධාරීන් නොදැන වෙන්න බෑ
මාතරින් අඟුණකොළේට මාරු කරද්දී
අපි ඒ කළු පද්ධතිය බිඳිනවා
බදු සතිය සමාරම්භක උත්සවයේදී ජනපති කියයි

මාතර බන්ධනාගාරයෙන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට සිරකරුවන් මාරු කිරීමේදී සිරකරුවන් ළඟ තිබී මාංචු කුට්ටම් හතක් සහ යතුරු 27ක් හමුවූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

“මාංචු කුට්ටනුත් ඔවුන් අතේ. යතුරුත් ඔවුන් අතේ. තව ජංගම දුරකථන, වයර්, චාජර්ස් හමුවුණා. මේ කිසිවක් එහි සිටින නිලධාරීන්ගේ අවබෝධයෙන් තොරව ආපු නැති ඒවා නොවන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (02දා) පැවැති ‘බදු සතිය’ සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කීවේය.

අපරාධ කිහිපයක් පසුගිය කාලයේ ආන්දෝලනයකට තුඩු දුන්නා. උසාවිය ඇතුළේ පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් දැනට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ රාජ්‍ය නිලධාරීන්.

මිද්දෙනිය ඝාතනයේදී තංගල්ල පොලිස් නිලධාරියෝ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස පොලිසියේ නිලධාරියෙක් තමන්ගේ ගිනිඅවිය විකුණලා රට පනිනවා. කොතනද මේ රට තියෙන්නේ?

හමුදා කඳවුරක තිබුණු ඔ 56 ගිනිඅවි 73ක් හමුදා කඳවුරෙන් පාතාලයට ඇවිත් තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පාස්පෝට් එකක් ලබා ගැනීමේදී ඒ පාස්පෝට් එක ලබාගන්නා පුද්ගලයාගේ ඡායාරූපයත්, ඔහුම ගොස් ලබාදෙන ඇඟිලි සලකුණත් අනිවාර්යයි. හැබැයි විදෙස්ගතව ඉන්න පාතාල නායකයන්ට ඇඟිලි සලකුණු වර්ග තුනකට, ඡායාරූප වර්ග කිහිපයකට පාස්පෝට් ලබාදී තිබෙනවා. අපි අපේ රාමුව ආරක්ෂා කර ගැනීමට තිබෙන ආයතනය විසින්ම රාමුව බිඳිනවා.

ආර්.එම්.වී. එකේ ලොකර් එකේ තිබිලා සල්ලි හම්බ වෙනවා. ඒ නිලධාරියා අවුරුදු තුනක් වැඩ කරලා ගන්න පඩියටත් වැඩි මුදලක් එහි තිබෙනවා. ඒ වගේම කස්ටම් එක ගැනත් විශාල චෝදනා තිබෙනවා. කිහිප දෙනකුගෙම වැඩ තහනම් කරලා තිබෙනවා. ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා මේ රට අපිට පේන සාමකාමී පද්ධතියට යටින් කළු පද්ධතියක් තිබෙනවා. එම කළු පද්ධතිය යම් ජාවාරම්කාර කල්ලියක් මෙහෙයවනවා.

මෑතකදී රේගුවේ යම් බහලුම් ප්‍රමාණයක් විවෘත කළ විට ඉතා ප්‍රසිද්ධ සන්නාම සහිත සමාගම්වලින් නීතිවිරෝධීව ආනයනය කළ භාණ්ඩ හමුවී ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

මේ කළු යාන්ත්‍රණයේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් අතළොස්සක් ඉන්නවා. මේ කළු යාන්ත්‍රණයේ දේශපාලන අධිකාරිය තිබෙනවා. එහි රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. එහි නීතිවිරෝධී සන්නද්ධ අවිගත්ත අය ඉන්නවා. මේ කළු යාන්ත්‍රණයේ මාධ්‍ය ඉන්නවා. හොඳට තේරුම් ගන්න. ඒ නිසා අප ඉදිරිපිට තියෙනවා ඉතා සංවිධානාත්මක කළු යාන්ත්‍රණයක්. ඔබ ඔබට සහතිකයක් දෙනවා. මේ කළු යාන්ත්‍රණය අපි බිඳිනවා. හැම කෙනාටම නීතියට යටත් වන පරිසරයක් නිර්මාණය කරනවා යැය ිද ජනාධිපතිවරයා කියා සිටියේය.

එසේම මහජනතාව ගෙවන බදු මුදල්වලින් එක රුපියලක් හෝ නාස්ති කරන්න, වංචාවේ යොදවන්න උත්සාහ කරනවා නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න උපරිම ලෙස මැදිහත් වන බවට වන සහතිකය ලබාදෙන බවත් ඔහුගේ තරාතිරම අදාළ නැති බවත් ජනාධිපතිවරයා කීවේය.


ශ්‍යාම් නුවන් ගනේවත්ත

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
ප්‍රධාන පුවත්

ඉමියුනොග්ලෝබියුලීන්වල මාරාන්තික බැක්ටීරියා වතුර

ප්‍රධාන පුවත්

ඇමරිකාවේ ‘බංකර් බස්ටර්’ ඉරානයේ ෆෝඩෝ න්‍යෂ්ටික බලාගාරය වනසයිද?

ප්‍රධාන පුවත්

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

ප්‍රධාන පුවත්

ඊශ්‍රායලයේ රැකියා කරන කිසිම ශ්‍රී ලාංකිකයකු ආපහු එන්න ඉල්ලීම් කර නෑ – ඇමැති විජිත හේරත්

ප්‍රධාන පුවත්

ඉන්දීය සිනමා නළු මොහාන් ලාල් අපේ පාර්ලිමේන්තුව බලන්න එයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok