පෝලන්ත විදේශ කටයුතු ඇමැති RadosBaw Sikors මහතා පෙරේදා (29 දා) අරලියගහ මන්දිරයේදී අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
අගමැතිනිය සංචාරක දූත පිරිස පිළිගත් අතර ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය සහ කෘතඥතාව පළකළාය. ආර්ථික සංවර්ධනය,
ශ්‍රම සංචලතාව, ඉහළ මට්ටමේ සංචාරක ව්‍යාපාරය සහ ඩිජිටල් පරිපාලන පද්ධති ක්‍රියාත්මක කිරීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි දෙපාර්ශවයේම අවධානය යොමුවිය.
සාකච්ඡාව අතරතුර පෝලන්තයට යෑමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික ජාතිකයන් දැනට මුහුණදෙන වීසා ආශ්‍රිත අභියෝග විසඳීමට කඩිනම් පියවර ගන්නා බවට එරට විදෙස් අමාත්‍යවරයා පැවසීය.
මෙම රැස්වීමට දෙරටේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය. ශ්‍රී ලංකාවේ යුරෝපානු සංගමයේ තානාපති Carmen Moreno ආසියා-පැසිෆික් කලාපයේ නියෝජ්‍ය ප්‍රධානී Monika Bylaite, නවදිල්ලියේ පෝලන්ත තානාපති කාර්යාලයේ භාර නිලධාරී Piotr Zwitalski, Joanna DopieraBa-KonkoBowicz, Marta Stachowiz, Marta Stachowich, MaBgorzata Kope, and Konrad Laskowski යන නියෝජිතයන් මෙම හමුවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපා හා උතුරු අමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා සහභාගී විය.