Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: මහ වැස්සෙන් දැඩි සුළඟින් දිස්ත්‍රික්ක 14ක දසදහසක් විපතේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: මහ වැස්සෙන් දැඩි සුළඟින් දිස්ත්‍රික්ක 14ක දසදහසක් විපතේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
ප්‍රධාන පුවත්

මහ වැස්සෙන් දැඩි සුළඟින් දිස්ත්‍රික්ක 14ක දසදහසක් විපතේ

2 days ago
454 Views

ගස් කඩා වැටී 18 කට තුවාල: නිවාස 2710 කට හානි
දින 3 කට විදුලිය විසන්ධි වීම් 61,000ක්

අධික වැසි අධික සුළං ඇතුළු අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 14 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 140 ක පවුල් 2757 කට අයත් පුද්ගලයන් 10,270 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා “දිවයින” ට පැවැසීය.

මෙම තද සුළං නිසා ගස් අතු කඩා වැටීම් නිසා පුද්ගලයන් 18 දෙනකු තුවාල ලබා ඇතැයි ද හෙතෙම කීය.

එසේම පූර්ණ නිවාස හා අර්ධ නිවාස හානි, 2710 ක් වාර්තා වී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

හානියට පත් නිවාසවලට වන්දි ගෙවීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන් හා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන හරහා සිදුවන බවද තවමත් පවුල් 139 ක් ඥාති නිවාසවල රැඳී සිටින බවද ඒ මහතා කියා සිටියේය.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක වැසි සහිත තත්ත්වයක් ඊයේ (01දා) උදෑසන වන විටත් පැවැති බව හෙතෙම පවසයි.

ඊයේ පෙරවරු 8.00 වනවිට ගතවූ දින තුළ අධික වැසි සහ සුළං හමුවේ දිවයින පුරා විදුලිය විසන්ධි වීම් 61,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මේ අතර, දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඊයේ සිට ක්‍රමයෙන් අඩුවී යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (02දා) විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 – 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, බලංගොඩ, මාදොල ප්‍රදේශයේ පිහිටි අවන්හලක් මතට ගසක් කඩා වැටී පෙරේදා (31දා) සිදුවූ අනතුරින් පුද්ගලයන් 7 දෙනකු තුවාල ලබා ඇත. එසේම කුරුණෑගල පොල්පිතිගම කාලාදපිටිය ගම්මානයේ ද නිවාස කිහිපයකට දැඩි සුළඟින් හානි සිදුවී තිබේ.

පිළිමතලාව නගරයට හැමූ දැඩි සුළඟත් සමග පැරණි ගොඩනැඟිල්ලක් ත්‍රීරෝද රථයක් මතට කඩා වැටී පෙරේදා (31දා) අනතුරක් සිදුවිය.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පෙරේදා (31දා) මාතර, වැලිගම, මුදුගමුව ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමරයක් ගිනිගෙන පුපුරා ගොස් තිබේ.

මේ අතර කොළඹ නගරය හරහා අධික වැසි සමග හමාගිය අධික සුළඟින් ගස් 24ක් කඩා වැටී ඇතැයි කොළඹ මහ නගර සභාවේ අධ්‍යක්ෂ ඉංජිනේරු (ඉඩම් හා පරිසර අංශය) මනෝජ් රණසිංහ මහතා “දිවයින” ට පැවැසීය.

වැල්ලවත්ත, බම්බලපිටිය, මේට්ලන්ඩ් ක්‍රසන්ට්, කොළඹ විජේරාම, තුම්මුල්ල, ග්‍රෑන්ඩ්පාස් යනාදී ප්‍රදේශවලදී මෙම ගස් කඩා වැටීම් සිදුව තිබූ බවද හෙතෙම කීය.

එම කඩා වැටුණු ගස් නගර සභා සේවකයන් යොදවා ඉවත් කිරීමට පියවර ගත් බවද හේ කියා සිටියේය. කොළඹ නගරයේ පැරණි ගස් රැසක් අතු කපා සමබර කිරීමට පියවර ගෙන ඇත.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ ධර්මසේන වැලිපිටිය

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
ප්‍රධාන පුවත්

පුනර්ජනනීය බලශක්තිය ගිලින්න බහිරවයෙක්!‍

ප්‍රධාන පුවත්

මේ රටේ පෙනෙන සාමකාමී පද්ධතියට යටින් කළු පද්ධතියක් තිබෙනවා:

ප්‍රධාන පුවත්

කොළඹ ඇතුළු බස්නාහිර පුංචි සභා 21ක මංගල රැස්වීම් දින අද ගැසට්ටුවේ

ප්‍රධාන පුවත්

සතුටු සිනා මැද … අනුදි දිවයිනට…!

ප්‍රධාන පුවත්

‘දෙරණ 60 ප්ලස්’ ජනප්‍රියම ගායන තරුව උපාලි පුවත්පත් සමාගමෙන්…

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok