Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: ශ්‍රී ලංකාව යහපත් රටක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමේ වගකීම දිවි හිමියෙන් ඉටු කරනවා – ජනපති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: ශ්‍රී ලංකාව යහපත් රටක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමේ වගකීම දිවි හිමියෙන් ඉටු කරනවා – ජනපති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාව යහපත් රටක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමේ වගකීම දිවි හිමියෙන් ඉටු කරනවා – ජනපති

2 days ago
721 Views

ගල්කිරියාගම පහමිණියාගම සිරි සමාධි මහා විහාරයේ ධාතු මන්දිරය විවෘත කිරීම හා මෙත් බෝසත් පිළිරුව නිරාවරණය කිරීම කාගම සිරිනන්ද හිමිපාණන්ගේ ඇරැයුමෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ අවස්ථාව. අනුරාධපුර අටමස්ථානාධිපති ශාස්ත්‍රපති ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන් ද අමාත්‍ය වසන්ත සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි තිළිණ සමරකෝන් ඇතුළු පිරිසක් ද ඊට එක්වූහ.

දේශපාලන රැකවරණය මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍යය වෙනුවට, යහපත් රටක් ලෙස මේ රට ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට තමා වෙත පැවරී ඇති අනුලංඝනීය වගකීම දිවි හිමියෙන් ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව ස්වභාවික සම්පතින් අනූන, සශ්‍රීක රටක් වුවද පෙර පාලකයන්ගේ සැලැස්මකින් තොර ක්‍රියාකලාපයන් හේතුවෙන් රටට සංවර්ධනය අහිමි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වත්මන් රජය ක්‍රමිකව සහ ස්ථාවරව රටේ ජාතික ආර්ථිකය ගොඩනගමින් සිටින බවද සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ගල්කිරියාගම, පහමිණියාගම සිරි සමාධි මහා විහාරයේ ධාතු මන්දිරය විවෘත කිරීම හා මෙත් බෝසත් පිළිරුව නිරාවරණය කිරීමේ පුණ්‍යයෝත්සවයට 30)දා පස්වරුවේ සහභාගි වෙමිනි. පූජ්‍ය කාගම සිරිනන්ද හිමිපාණන් වහන්සේගේ ආරාධනයෙන් ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක් වූ අතර ධාතු මන්දිරය විවෘත කිරීමෙන් අනතුරුව ඊට ප්‍රථම පුෂ්පෝපහාරය සිදුකිරීමද ජනාධිපතිවරයා අතින් සිදු විය. අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ තමා කිසිවිටෙක තනතුරු, තනාන්තර බලා කටයුතු නොකළ අතර ජනතාවගේ දුක සැබෑ ලෙසම අත්දුටු සහ අත්විඳි නායකයෙකු ලෙස සියලු‍ පොදු ජනතාව වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට කැපවී කටයුතු කරන බවත්ය.

නීතියේ ආධිපත්‍යය තහවුරු වූ සහ නීතිය සැමට පොදු රටක් ගොඩනැගීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා මතු පරපුර මත්ද්‍රව්‍යවලින් බේරාගැනීමේ වගකීම සහතික වශයෙන්ම ඉටු කරන බවත්, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැඳුණු අපරාධ මැඩලීම වෙනුවෙන් අවශ්‍ය ආයතන ජාලය ශක්තිමත් කිරීමට පියවර ගනිමින් සිටින බවත් පැවසීය.

සියලු‍ දෙනා අපේක්ෂා කරන මෙම දියුණු රාජ්‍ය වෙනුවෙන් අවශ්‍ය සුවපත් සමාජයක් සහ සහකම්පනයෙන් යුත් පුරවැසියෙකු බිහි කිරීමේදී මෙරට මහා සංඝරත්නය ප්‍රමුඛ පූජ්‍ය පක්ෂයට විශාල කාර්යභාරයක් පැවරී ඇති බවද සඳහන් කළ ජනාධිපතිවරයා එහිදී පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ ඉටුකරමින් සිටින සමාජයීය සහ ශාසනික මෙහෙවර විශේෂ ඇගයීමට ලක් කළේය.

අනුරාධපුර අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායන හිමිපාණන් වහන්සේ, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහලකොටුවේ විමලධම්ම හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මමත් දුප්පත් පවුලකින් ඇවිත් ධර්ම ප්‍රචාරයේ යෙදෙනවා: ජනාධිපතිතුමාත් දුප්පත් පවුලකින් ඇවිත් රට ගොඩනඟන්න වෙහෙසෙනවා


– කාගම සිරිනන්ද හිමි

මේ රට අන්තිම ප්‍රපාතයට වැටුණට පස්සේ හරි ඔබතුමාගේ වටිනාකම දැනිලා මේ රටේ මිනිස්සු ඔබතුමාව රටේ රජ්ජුරුවො කරලා තියෙනවා. ලස්සන ශ්‍රී ලංකාවක්, සංතෝෂයෙන් ජීවත්වෙන මිනිස්සු, කාටවත් අතපාන්නේ නැති මතු පරම්පරාවක් බිහි කිරීමට ඔබට හැකි වේවායි පූජ්‍ය කාගම සිරිනන්ද හිමිපාණෝ පැවැසූහ.

උන්වහන්සේ එසේ පැවැසුවේ පෙරේදා (31දා) ගල්කිරියාගම පහමිණියාගම සිරි සමාධි මහා විහාරයේ පැවැති උත්සවයකදීය.

එම විහාරයේ ධාතු මන්දිරය සහ මෛත්‍රී බෝසත් පිළිරුව නිරාවරණය කිරීම සඳහා පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ උන්වහන්සේ මෙසේ ද පැවැසූහ.

මම දුප්පත් පැලක යාචක පවුලක කෙනෙක්. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමත් දුප්පත් පැලක කෙනෙක්. මම පැවිදි ජීවිතයට පැමිණ ධර්ම ප්‍රචාරයට ලෝකය වටේම ගියා. ඔබතුමා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති වුණා. ඔබතුමා මේ රට ගොඩනඟන්න මහන්සි ගන්නවා.

මගේ අම්මා රෝගාතුරව සිටියත් ඇය අපට පූර්ණ ජීවිතයක් දුන්නා. ඒ ජීවිත ආභාසයෙන් මං ලෝකය දිනුවා. ඒකට මගෙ අම්මටත් සතුටක් ඇති කියලා මට හිතෙනවා. ඕනෑම කෙනකුට මේ සමාජය ඇතුළේ ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන්. ඒක ප්‍රායෝගිකයි.

ධම්මික සල්වතුර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
ප්‍රධාන පුවත්

පුනර්ජනනීය බලශක්තිය ගිලින්න බහිරවයෙක්!‍

ප්‍රධාන පුවත්

මේ රටේ පෙනෙන සාමකාමී පද්ධතියට යටින් කළු පද්ධතියක් තිබෙනවා:

ප්‍රධාන පුවත්

කොළඹ ඇතුළු බස්නාහිර පුංචි සභා 21ක මංගල රැස්වීම් දින අද ගැසට්ටුවේ

ප්‍රධාන පුවත්

සතුටු සිනා මැද … අනුදි දිවයිනට…!

ප්‍රධාන පුවත්

‘දෙරණ 60 ප්ලස්’ ජනප්‍රියම ගායන තරුව උපාලි පුවත්පත් සමාගමෙන්…

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok