Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලෝක රූ රැජින කිරුළ තායිලන්තයේ ඔපල් සුචතා චුංශ්‍රී ට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලෝක රූ රැජින කිරුළ තායිලන්තයේ ඔපල් සුචතා චුංශ්‍රී ට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ලෝක රූ රැජින කිරුළ තායිලන්තයේ ඔපල් සුචතා චුංශ්‍රී ට

3 weeks ago
956 Views

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිනිය වූ ඔපල් සුචතා චුංශ්‍රී දිනා ගත්තාය. පෙරේදා (31දා) සවස ඉන්දියාවේ හයිද්‍රාබාද් හි හයිටෙක්ස් සම්මේලන මධ්‍යස්ථානයේ පැවති උත්සවයේදී තායිලන්තයේ ඔපල් සුචතා ලෝක රූ රැජින ලෙස කිරුළු පැළඳුවාය.

තරගකාරී වට ගණනාවකින් පසු 24 හැවිරිදි ඔපල් සුචතා චුංශ්‍රී ලෝක රූ රැජින කිරුළ දිනා ගත් අතර ඇයට ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් හිමිවිය. ලෝක රූ රැජින කිරුළ දිනාගත් තායිලන්තයේ පළමු තරගකාරිය ලෙස ඔපල් සුචාතා ඉතිහාසයට එක් වේ. ඇය පියයුරු පිළිකා මර්දනය හා දැනුවත් කිරීම වෙනුවෙන් වූ සංවිධාන සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සහාය දක්වන අතර වයස අවුරුදු 16 දී ඇය පියයුරු සැත්කමකට මුහුණ දී ඇත. ඔපල්, තමසාට් විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා පීඨයේ දේශපාලනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධියක් හදාරමින් සිටී.

චුංශ්‍රී ආසියාවේ මහාද්වීපික ජයග්‍රාහිකාව ලෙස ද ඉස්මතු වූ අතර එය ඉසව්වේ අවසන් අදියරේදී පිරිනමන ලද මහාද්වීපික ශූරතා හතරෙන් එකකි.

1951 වසරේ මහා බි්‍රතාන්‍යයේදී ඇරඹි ලෝක රූ රැජින තරගයේ 72 වැනි අදියර මෙවර ඉන්දියාවේ තෙළඟනාහිදී ආරම්භ වූයේ මැයි 7 වැනිදාය. මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා තරගකාරිනියන් 108 දෙනකු ඉදිරිපත්ව සිටි අතර ඔවුන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 10 දෙනකු බැගින් තෝරා ගැනුණි. එම මහාද්වීප වෙන්කර තිබුණේ ඇමෙරිකා සහ කැරබියානු, යුරෝපා, අප්‍රිකා, ආසියා සහ ඔෂනියා ලෙසයි.

කිරුළ අහිමි වුවත් අපේ අනුදී තරගාවලිය පුරා දැක්වූ දක්‍ෂතාවලින් හදවත් දිනා ගනී

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළ අනුදි ගුණසේකරට අවසන් 40 දෙනා අතරට පිවිසීමේ හැකියාව අහිමි විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ලෝක රූ රැජින බලාපොරොත්තුව බිඳවැටුණි. එහෙත් ඇය මේ තරගාවලිය පුරා දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙරට වැසියන්ගේ ගෞරවයට මෙන්ම වීරත්වයට පාත්‍රවී තිබිණි. මෙවර කිරුළ අපට හිමි නොවූවත් අනුදිගේ රංගනය කැපී පෙනෙන දෙයක් විය. ඇය ආඩම්බරයෙන්, අලංකාරයෙන් සහ ශක්තියෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර ඒ නිසා ඇය ලාංකික හදවත් තුළ ජයග්‍රාහිකාවක් වූවාය.

72 වැනි ලෝක රූ රැජින තරගාවලියේ පසුගියදා පැවැති තරගවලින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අනුදි ගුණසේකර සමත්වූ අතර හෙඩ් ටු හෙඩ් සහ මල්ටිමීඩියා අංශවල අවසන් වටයන් සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් වූවාය. ඒ මෙරට ඉතිහාසයේ පළමුවරට එම අංශවලින් අවසන් වටයන් සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිනිය බවටද පත්වෙමිනි. අවසන් තරගයට පෙර ජනපති අනුර කුමාර දිසානායක මහතාද ඇයට සුබපතා තිබිණි. ඉන්දියාව නියෝජනය කරමින් තරග කළ නන්දිනි ගුප්තාගේ ද රූ රැජන කිරුළේ බලාපොරොත්තු සුන් විය.

චතුර පමුණුව

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
ප්‍රධාන පුවත්

ඉමියුනොග්ලෝබියුලීන්වල මාරාන්තික බැක්ටීරියා වතුර

ප්‍රධාන පුවත්

ඇමරිකාවේ ‘බංකර් බස්ටර්’ ඉරානයේ ෆෝඩෝ න්‍යෂ්ටික බලාගාරය වනසයිද?

ප්‍රධාන පුවත්

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

ප්‍රධාන පුවත්

ඊශ්‍රායලයේ රැකියා කරන කිසිම ශ්‍රී ලාංකිකයකු ආපහු එන්න ඉල්ලීම් කර නෑ – ඇමැති විජිත හේරත්

ප්‍රධාන පුවත්

ඉන්දීය සිනමා නළු මොහාන් ලාල් අපේ පාර්ලිමේන්තුව බලන්න එයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok