අපවත් වී වදාළ රූපවාහිනි සහ ගුවන්විදුලි විචිත්‍ර ධර්ම කථික, සද්ධර්මකීර්ති, ශාසන අභිමානි, ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ජුනි 01 වැනිදා පස්වරුවේ දොම්පේ ඕල්කට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
දොම්පේ ශ්‍රී කල්‍යානි යෝගාශ්‍රමය මූලික කරගනිමින් පැවැත්වෙන මෙම ආදාහන උත්සවය එදින දහවල් 12.30ට ආරම්භ කිරීමට නියමිතය.

කාලයක සිට රෝගාතුරව සිටි උන්වහන්සේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (29 දා) අපවත් වූහ.
මෙරට තරුණ ප්‍රජාව ආගම දහමට නැඹුරු කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ පංච මහා යෝගාශ්‍රමාධිපති බණ්ඩාරවෙල අමිතානන්ද හිමිපාණෝ දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානයේ නිර්මාතෘවරයාය.
මේ වනවිට උන්වහන්සේගේ ශ්‍රී දේහය දොම්පේ කල්‍යාන ධර්මාශ්‍රමයේ තැන්පත් කර තිබේ.
ඊයේ දිනයේ ද උන්වහන්සේගේ ශ්‍රී දේහයට ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටියහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ කමල් බෝගොඩ