Monday, 2 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: මහ වැසි-දැඩි සුළං: ජන දිවිය කලඹයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 2 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: මහ වැසි-දැඩි සුළං: ජන දිවිය කලඹයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
ප්‍රධාන පුවත්

මහ වැසි-දැඩි සුළං: ජන දිවිය කලඹයි

2 days ago
351 Views

1757 දෙනෙක් පීඩාවට

කොළඹ 10කට තුවාල

හදිසි ආපදා ගැන 117ට කියන්න

නිවාස 3ක් සම්පූර්ණයෙන්ම විනාශයි

තවත් නිවාස 365කට අර්ධහානි

ග්‍රෑන්ඩ්පාස් – දෙමටගොඩට දැඩි බලපෑම්

කොල්ලුපිටියේ ඇලවුණු ගස් ඉවත් කෙරේ

මහරගම ජනාධිපති විදුහලේ තාප්පය බිම

ගොඩගම නිවාස 20කට හානි

විදුලිය බිඳ වැටීම් 29000 පනී

කොළඹ පවුල් 245ක් පීඩාවට

මරදානේ දුම්රිය ටිකට් නිකුත් කරන්නත් බාධා

දුම්රිය මාර්ගවලටත් ගස් කඩා වැටිලා

අදත් තද සුළං
නැවත දැනුම්දෙන තුරු මුහුදු යන්න එපා – කාලගුණයෙන් කියයි

රදැල්ල වතුයායක නාය අවදානමක් පවුල් 27ක් ඉවත් කෙරෙති

අදත් වැසි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (30 වැනිදා) සවස් වනවිට පවුල් 485කට අයත් පුද්ගලයින් 1757 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ උසස් නිලධාරියෙක් “දිවයින”ට පැවැසීය.

ඒ අනුව කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 9කට වර්ෂාවෙන් සහ දැඩි සුළං තත්ත්වයෙන් හානි සිදුවී ඇති බවද හෙතෙම කීය. ඒ අනුව ආපදා රැසක් සිදුව ඇතැයි ද කියා සිටියේය.

මෙහිදී නිවාස 3ක් පූර්ණ වශයෙන් හානි සිදු වී තිබූ බවත්, තවත් නිවාස 365කට අර්ධ වශයෙන් හානි සිදුවී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමග පෙරේදා (29 වැනිදා) සවස් කාලයේ සිට කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයකට අධික වර්ෂාපතනයත් සමග දැඩි සුළං තත්ත්වයක් ද ඇතිවිය.

කොළඹ ඇතුළු අවට ප්‍රදේශ රැසක් හරහා පෙරේදා (29 වැනිදා) රාත්‍රී 10.30ත් 11.00ත් අතර කාලයේ අධික වර්ෂාව සමග හඹාගිය දැඩි සුළඟින් ගස් කඩා වැටීම් හා නිවාස ඇතුළු දේපළ රැසකට බර හානි සිදුවී තිබිණි.

එහිදී සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 10 දෙනකු පමණ තුවාල ලබා තිබේ.

කොළඹ හරහා අධික වර්ෂාව සමග හඹාගිය දැඩි සුළඟින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගස් කඩා වැටීම් හේතුවෙන් නිවාස 13කට හානි සිදුවී තිබිණි.

එමෙන්ම අධික වර්ෂාව සමග හැමූ දැඩි සුළඟින් දෙමටගොඩ සිරිධර්ම මාවතේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක තාප්පයක්ද කඩා වැටී ඇති වූ අනතුරින් කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම ආපදා තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින්හට තාවකාලික ස්ථානවල රඳවා ඔවුන්ට අවශ්‍ය ආහාරපාන සපයමින් සිටින බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා “දිවයින”ට පැවැසීය.

අධික සුළං තත්ත්වය හේතුවෙන් කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දැන්වීම් පුවරුවක් ද කඩා වැටී දේපළ හානි සිදුවී ඇතැයි ද හෙතෙම කීය. එසේම ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල කඩාවැටුණු ගස් ඉවත්කිරීමේ කටයුතු නගර සභා, සේවකයින් විසින් සිදුකරමින් පවතින බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම, කොල්ලුපිටිය ප්‍රදේශයේ අධික සුළං නිසා ඇලවී අනතුරුදායක ආකාරයෙන් ඇති ගස් කීපයක්ද නගර සභා සේවකයින් යොදවා ඉවත් කිරීමට කටයුතු කළ බවද ඒ මහතා කීය.

කොළඹ ප්‍රදේශ රැසක විශාල දැන්වීම් පුවරුද මාර්ගවලට කඩාවැටීම නිසා ඊයේ උදෑසන වාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබිණි.

දෙහිවල රාමනාදන් මාවත අසල නිවසක් මතට හෝටල් ගොඩනැඟිල්ලක තහඩු සහිත විශාල වහලයක් ගැලවී විත් වැටීමෙන් නිවසට දැඩි අලාභහානි සිදුවී තිබිණි.

මහරගම නගරය හරහා පෙරේදා රාත්‍රී හඹාගිය දැඩි සුළඟින් මහරගම ජනාධිපති විදුහලේ තාප්පයද කඩා වැටී තිබේ.

හෝමාගම ප්‍රදේශය හරහා පෙරේදා රාත්‍රී හඹාගිය දැඩි සුළඟින් හෝමාගම ගොඩගම ප්‍රදේශයේ නිවාස 20කට බරහානි සිදුවී තිබේ. එම ප්‍රදේශය හරහා හඹාගිය දැඩි සුළඟින් නිවාස රැසකම වහලවල් සුළඟට ගසාගෙන ගොස් ඇති අතර, දැඩි සුළඟට ගස් ඉදිරී වැටීමෙන් හානි

රැසක්ද සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු කියා සිටියහ.

“වැස්ස සමග එකපාරට සුළඟ ආවා. විනාඩි 5ත් 10ත් අතර කාලයක් වගේ තිබුණා. අපේ වහලවල් ගියා. හිතාගන්න බැරිවුණා. අපේ ගෙවල් විනාශයි. අපි හම්බකරලා හදාගත්තු පැල විනාශයි. දැන් අපට පිහිටවෙන්න” යැයි විපතට පත් ප්‍රදේශවාසීහු කියා සිටියහ.

අධික වැසි, සුළං තත්ත්වය හේතුවෙන් දිවයින පුරා විදුලිය විසන්ධිවීම් රැසක් වාර්තා වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවැසීය.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රට පුරා විදුලිය බිඳවැටීම් 29,015ක් වාර්තා වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

බිඳවැටුණු විදුලිය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ඊයේ දිනයේ එම සේවකයින් කටයුතු කරමින් සිටින බව එම මණ්ඩලය කියයි.

දිවයිනට බලපෑ අධික වැසි සමග ඇති වූ තද සුළං හා අකුණු සර හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 245කට අයත් පුද්ගලයින් 1321 දෙනකු පීඩාවට පත්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

එම දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි 3ක්ද, අර්ධ නිවාස හානි 239ක්ද වාර්තා වී ඇතැයි ද එම ඒකකය කියයි.

පෙරේදා (29 වැනිදා) රාත්‍රියේ පැවැති අධික වැසි හා සුළං තත්ත්වය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රාදේශීය ප්‍රවාහන කාර්යාලයේ (මරදාන) වහලයක කොටසක් ගැලවී ගොස් තිබේ.

ඒ හේතුවෙන් මරදාන ප්‍රවේශපත් නිකුත් කරන කාර්යාලයට ද වැසි ජලය පතිත වීමෙන් මරදාන ප්‍රවේශපත් කාර්යාලයේ කටයුතුවලට බාධා එල්ල විය.

ප්‍රවේශපත් නිකුත් කරන ස්ථාන වෙනස් කරමින් ඊයේ එම කාර්යාලයේ කටයුතු සිදුකරමින් පැවතිණි.

වඳුරව සහ කීනවල දුම්රිය ස්ථාන අතර මාර්ගයට ගසක් කඩාවැටීමෙන් දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබිණි. එම කඩාවැටුණු ගස ඉවත් කිරීමේ කටයුතු දුම්රිය කම්කරුවන් යොදවා ඊයේ සිදුකරමින් පැවැති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

එසේම කැලණිවැලි, පුත්තලම, හලාවත යන දුම්රිය මාර්ගවලට ගස් කඩාවැටීමෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබූ බව ද හෙතෙම කීය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන තද සුළං අද (31දා) පැයට කිලෝමීටර් 50-60ක් පමණ විය හැකි බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.

එම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දේ.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විටින් විට හමන තද සුළං පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (31 වැනිදා) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

උතුරු මැද පළාතේත්, මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා ඇති වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වයන් මත නුවරඑළිය රදැල්ල සමර්සෙට් වතුයායේ නායයෑමේ අවදානමක් හේතුවෙන් එහි පවුල් 27ක සාමාජිකයන් 120 පමණ ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියෙක් පැවසීය.

මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් සමග හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් පැය විසිහතර පුරා ක්‍රියාත්මකව පවතින 117 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

යම් ස්ථානයක හෝ ප්‍රදේශයක ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඊට සුදුසු පියවර ගැනීම සඳහා සියලු අංශ සූදානම් කර ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

වැසි පැවතිය ද ගංගා පිටාර මට්ටමට පැමිණ නැතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා, සුජීව තත්සර සහ හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

1 day ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

1 day ago

සිකුරු කුජගේ නිවසට

1 day ago

72 වැනි ලෝක රූ රැජින  තායිලන්තයෙන් 

1 day ago

අලුත් කොවිඩ් දොරකඩටම!

1 day ago
Related News
ප්‍රධාන පුවත්

අද රැස්විය හැක්කේ සභා 161කට පමණයි

ප්‍රධාන පුවත්

ලෝක රූ රැජින කිරුළ තායිලන්තයේ ඔපල් සුචතා චුංශ්‍රී ට

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාව යහපත් රටක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමේ වගකීම දිවි හිමියෙන් ඉටු කරනවා – ජනපති

ප්‍රධාන පුවත්

පුංචි ඡන්දයෙන් තනතුරු ගැසට් කළ නම්

ප්‍රධාන පුවත්

මහ වැස්සෙන් දැඩි සුළඟින් දිස්ත්‍රික්ක 14ක දසදහසක් විපතේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok