දෙසැම්බර් මාසයේදී පැය හයක් රට යුද්ධ නීතිය යටතේ තැබීම හේතුවෙන් ධුරයෙන් ඉවත් කරන ලද යූන් සොක් යෝල් වෙනුවට ජූනි 3 වන දින දකුණු කොරියාව නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගනු ඇත. රට ගැඹුරු කැලඹීමකට ඇද දැමූ සහ සමාජයේ ගැඹුරු බෙදීම් ඉස්මතු කළ යූන් ඉතිරි කර ගිය දේශපාලන හා ආර්ථික ගැටලු කළමනාකරණය කිරීමේ කාර්යය ජයග්රාහකයාට පැවරෙනු ඇත. එපමණක් නොව මෙම මැතිවරණය පැවැත්වෙන්නේ, උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනය සහ ලෝකයේ අඩුම උපත් අනුපාතයට මුහුණ දීම වැනි දිගුකාලීන අභියෝග රැසක් ද ඇති පසුබිමක ය.
මේ, මිලියන 52ක පමණ ජනගහනයක් සිටින මෙම නැගෙනහිර ආසියානු රට ඉදිරි වසර පහ සඳහා තම නව නායකයා තෝරා ගන්නා ආකාරයයි.
මත විමසුම්වලට අනුව, අපේක්ෂකයින් හය දෙනාගෙන් ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ ඊ චේ-මියොන්ග් ඉදිරියෙන් සිටින අතර ඔහුට පසුව කොන්සර්වේටිව් පීපීපී පක්ෂයේ අපේක්ෂක කිම් මූන්-සූ සිටියි. 2022දී යූන් හමුවේ ඉතා සුළු ඡන්ද පරතරයකින් පරාජයට පත් වූ ඊ, ඔහුගේ ආධාරකරුවෝ කම්කරු පන්තියේ වීරයෙකු ලෙස ප්‍රශංසා කරති. ඔහු මානව හිමිකම් නීතිඥයෙකු සහ දේශපාලනඥයෙකු වීමට පෙර කර්මාන්තශාලාවක සේවය කළේ ය. රැකියා සහ සාධාරණ සමාජයක් සහිත “සැබෑ කොරියානු ජනරජයක්” ස්ථාපනය කිරීමට ඔහු ප්‍රතිඥා ලබා දී තිබේ. මැතිවරණය ජූනි 3 වන දින පැවැත්වීමට නියමිත අතර ඡන්ද මධ්‍යස්ථාන එරට වේලාවෙන් පෙ.ව. 06:00 (ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 3:30) සිට ප.ව. 20:00 දක්වා විවෘතව පවතී. විදේශයන්හි සිටින දකුණු කොරියානුවන්ට මැයි 20 සිට 25 දක්වා කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දෙන ලදී.