යුක්රේන හමුදාවන් විසින් රුසියාවේ විශාල ප්‍රදේශයක් තුළ නතර කර තිබූ යුද ගුවන්යානා ඉලක්ක කරගෙන එල්ල කර ඇති ඩ්‍රෝන යානා ප්‍රහාරයන්
ගණනාවක් හේතුවෙන් රුසියානු යුද ගුවන්යානා 40කට අධික සංඛ්‍යාවක් ගිනිගෙන විනාශ වී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. යුක්රේන බුද්ධි අංශ ආයතනයට අනුව යුක්රේන ඩ්‍රෝන යානා ප්‍රහාරයන් හේතුවෙන් රුසියාවට ඇමරිකානු ඩොලර් බිලියන 07ක පමණ පාඩුවක් සිදුව ඇති අතර රුසියාවේ ප්‍රධාන පෙළේ ගුවන් කඳවුරුවල නවතා තිබූ කෘස් මිසයිල ප්‍රවාහනය කරන ගුවන්යානාවලින් සියයට 34ක් විනාශ වී ගොස් තිබේ.
මෙම යුක්රේන ඩ්‍රෝන යානා ප්‍රහාරයන් එල්ල වී ඇත්තේ තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ දී රුසියානු -යුක්රේන සාම සාකච්ඡා ඇරඹීමට කටයුතු සූදානම් වෙමින් තිබියදී බව එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ. යුක්රේනය විසින් රුසියානු යුද ගුවන්යානා ඉලක්ක කරගෙන දියත් කර ඇති ‘ස්පයිඩර් වෙබ්’ යුද මෙහෙයුම යටතේ එල්ල කර ඇති අදාළ ඩ්‍රෝන යානා ප්‍රහාරයන් රුසියාවේ ‘බෙලායා’ හා ‘ඔලෙන්යා’ ඇතුළු ප්‍රධාන ගුවන් කඳවුරු හතරකට එල්ල කර ඇති බව වාර්තා වේ. යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිට අනුව ඩ්‍රෝන යානා 117ක් මෙම ප්‍රහාරයන් සඳහා යොදාගෙන තිබේ.