මේ දිනවල පවතින ධාරාණිපාත වැසි හේතුවෙන් ඊසානදිග ඉන්දියාවේ පිහිටි සිකීම් ප්‍රාන්තයේ හටගෙන ඇති දරුණු ජලගැලීම් හා නායයෑම් නිසා පුද්ගලයන් 34 දෙනකු පමණ මියගොස් ඇති අතර ජලගැලීම්වලට කොටු වී සිටි විදේශිකයන් 1000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉන්දීය හමුදා කණ්ඩායම් විසින් ඊයේ (02දා) දිනයේ ජලගැලීම් හා නායයෑම් හේතුවෙන් අතරමංව සිටි 500 කට අධික පිරිසක් මුදාගෙන ඇති බව වාර්තා වේ. මේ අතර අසල්වැසි බංග්ලාදේශයේ ඊසානදිග ස්යිහෙට් දිස්ත්‍රික්කයේ හටගත් නායයෑමකින් එකම පවුලේ සිවු දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ