ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයට අයත් ‘බෝල්ඩර්’ ප්‍රදේශයේ පිහිටි එළිමහන් සාප්පු සංකීර්ණයක පැවති ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට සහය පළ කිරීමේ සාමකාමී පා ගමනකට ඊජිප්තු ජාතික පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද ‘මොලොටෝව් කොක්ටේල්’ වර්ගයේ ගිනි ඇවිලෙනසුළු පුපුරන අවි ප්‍රහාරයක් හේතුවෙන් එම පා ගමනට සහභාගී වූ 08 දෙනකු තුවාල ලබා තිබේ. ඇමරිකානු අපරාධ විමර්ශන කාර්යාංශයට අනුව ත්‍රස්තවාදී ක්‍රියාවක් සේ සැක කෙරෙන මෙම ප්‍රහාරය එල්ල කළ කල්ඉකුත් වූ වීසා බලපත්‍රයක් සහිතව ඇමරිකාවේ රැඳී සිටින 45 හැවිරිදි ඊජිප්තු ජාතිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
‘පලස්තීනය නිදහස් කරන්න’ යනුවෙන් කෑ ගසමින් සැකකරු වන පොලිස් අත්අඩංගුවට පත් වූ 45 හැවිරිදි ඊජිප්තු ජාතික මොහොමඩ් සබ්රි සොලිමාන් විසින් අදාළ ගිනිඅවි ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ. මේ අතර මෙම ප්‍රහාරය බටහිර මාධ්‍ය විසින් හඳුන්වා දී ඇත්තේ පුද්ගලයෙකු විසින් ජනතාව ගිනි තැබීමට පටන් ගැනීමක් ලෙසයි. සැකකරු සතු වීසා බලපත්‍රය 2023 වසරේදී කල් ඉකුත්ව ඇති බව වාර්තා වී තිබේ. මේ අතර සිද්ධිය ඇසින් දුටු පුද්ගලයන් පවසා ඇත්තේ සැකකරු තනිවම ප්‍රහාරය එල්ල කළ බවයි.