මෙවන් විපත් කෙදිනකවත් නොමවේවා
කසාවත ලෙයින් තෙත් කළ සුසානය පිංබිමක් කළ අරන්තලාවේ ලොකු හාමුදුරුවෝ
හිමිවරුන් 30නමක් වැඩ සිටියත් දානෙත් නෑ
කසාවතත් ලෙයින් තෙත්වුණ ඒ සොහොන් බිම රුදුරු
අද බබලනවා අරන්තලා පිංබිම සිත සනසන සොඳුරු

එදා 1987 ජුනි දෙවැනිදාය. හිමිදිරි උදෑසන සාමණේර භික්ෂුන් වහන්සේලා සමගින් උතුරු නැඟෙනහිර අධිකරණ සංඝනායක හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන් ලංගම බසයට නැග්ගේ වාර්ෂිකව සිදු කරන ධර්ම ප්‍රචාරක වැඩසටහනට එක්වනු පිණිස කොළඹට වැඩම කිරීමටය.
බසයට යෑමට හැකිවූයේ පැයකට ආසන්න කාලයකි. අරන්තලාව 28 සැතපුම් කණුව අසලදී මඟ අවුරාගත් කොටි ත්‍රස්තයන්, හිමිවරුන් සමගින් බස් රථය ඒ ආසන්නයේ තේක්ක වනයට රැගෙන ගියහ. අරන්තලාවේ වැලි පොළොව භික්ෂුන් වහන්සේලා 41 නමකගේ ලෙයින් තෙත් කරවා හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන් ඇතු`ඵ හිමිවරුන් 31ක් නමක් ඝාතනය කරන්නට වූවේ තිරිසන් රකුසන් ලෙසිනි.

එදින රියැදුරු පී. ජී. සමරපාල, කොන්දොස්තර එන්. ජී. ජිනදාස සමගින් වසන්ත ජයවර්ධන නම් තරුණ මහතා ඇතු`ඵ 34 දෙනකුගේ ජීවිත කොටින් විසින් උදුරා ගන්නා ලදී.
එදා ඒ මහා ඛේදවාචකය සිදු වූ ස්ථානයේ මේ වන විට අරන්තලා බෞද්ධ මධ්‍යස්ථානය යනුවෙන් රමණීය විහාරස්ථානයක් කිරිඳිවැල සෝමරතන නාහිමියන් විසින් ගොඩනඟා ඇත.

මෙම ඝාතනය සිදුකළ ස්ථානයට සෝමරතන නාහිමියෝ කොටි කලබල තිබූ සමයේ සිටම වැඩම කර අවස්ථා කිහිපයක් සිය ගුරු හිමියන් අනුස්මරණය කරන්නට වූහ. 2009 වසරේ යුද්ධය අවසාන වීමත් සමග ලොවම කම්පා කළ මහා ඝාතනයක් වූ මෙම සොහොන් භූමිය අරන්තලාව පිංබිම බවට පත් කරලන්නට සෝමරතන නායක සමිඳු යෝධ වැඩසටහනක් අරඹන්නට වූහ.

තම ගුරුදේවයන් වූ හෑගොඩ නායක හිමියන් ඝාතනය වනවිට සෝමරතන නාහිමියන් සිටියේ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමිනි. මෙම සිදුවීමත් සමගම ඇතැම් හිමිවරු සසුන අතහැර ගියහ. උන්වහන්සේගේ උර මතට වැටුණ මෙම මහා අභියෝගය කෙළෙස ජය ගන්නේ දැයි සිතා ගැනීමට පවා නොහැකි විය. “මම කොහොම හරි ලොකු හාමුදුරුවෝ සිදුකළ ඒ මහා මෙහෙවර නොකඩවා කරනවා” යනුවෙන් අදිටන් කරගෙන හෑගොඩ නායක හිමිගෙන් ගිලිහුණ අරහත් ධජය අතට ගත්තේ බුදු දහමින් රටම බබළවන්නට සිතා ගෙනය.

2013 වසරේ අම්පාරේ පැවති දැයට කිරුළ වැඩ සටහනට සමගාමීව මෙම පුදබිමේ එම ඝාතනය සිදුවූ ස්ථානයේම, එම බස්රථය තුළම එම සිදුවීම පිළිබිඹු වනසේ නිර්මාණය කරන්නට සෝමරතන නාහිමියන්ට හැකිවිණ. ඉන්දියාවේ බුද්ධගයා ජයශ්‍රී මහා බෝ සමිඳුගේ අංකුරයක් අරන්තලාවේ රෝපණය කරමින් එම පාපතර ක්‍රියාව සිදුවූ බිම පින්බිමක් බවට පත් කරමින් ලොවටම ධර්මය බෙදන බෞද්ධ මධ්‍යස්ථානයක් බවටද පත් කරන්නට හැකිවිණි. එතැන් සිට දිනෙන් දින අරන්තලා පිංබිම ලංකාවේම ජනයා දන්නා මහා පිංබිමක් බවට පත්විය.
ඉන්ද්‍රසාර නාහිමියන්ගෙන් පසුව අභීත ආකාරයෙන් දිගාමඩුල්ලේ බොදු සසුන වෙනුවෙන් කටයුතු කරන අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහ විහාරාධිපති ශාස්ත්‍රපති උතුරු නැඟෙනහිර දෙපළාතේ සමථ බලසම්පන්න අධිකරණ සංඝනායක හෙවත් අද බොහෝ දෙනෙක් අරන්තලාවේ ලොකු හාමුදුරුවන් ලෙසින් අමතන ආචාර්ය පූජ්‍ය කිරිඳිවෙල ශ්‍රී සෝමරතන නාහිමියන් මෙලෙස අදහස් දැක්වීය.
“අපේ නායක හාමුදුරුවන් 1956 සිට නැඟෙනහිර පළාතේ බෞද්ධ පුනර්ජීවනය සඳහා මහත් මෙහෙයක් සිදුකළා.
ඉපැරැණි විහාර සහ ජනපදවල නව විහාරස්ථාන 60කට අධික සංඛ්‍යාවක් ඉදිකළා. කුල දරුවන් 300කට අධික ප්‍රමාණයක් සසුන්ගත කළා. එදා උතුරු නැගෙනහිර දෙපළාතට පිරිවෙනක් තිබ්බේ නෑ. එදා පොල්අතු මඩුවකින් අම්පාර විද්‍යානන්ද පිරිවෙන ආරම්භ කර අද මේ වනවිට එය නැගෙනහිර පළාතේ භික්ෂු අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙනවා.
කොටින් ගම්වලට පැනලා අහිංසක ජනතාව ඝාතනය කරද්දී අපේ නාහිමියෝ එම ජනතාව බේරාගැනීම සඳහා ආරක්ෂක අංශ සමගින් කටයුතු කළා. ඒ නිසා උන්වහන්සේ කොටින්ගේ ඉලක්කයක් බවට පත්වුණා. එදා ධර්ම ප්‍රචාරය සඳහා නියැළෙන විටදී ලොවම කම්පා කරවමින් ඝාතනය කළා.
එම ස්ථානය අද අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ලෙසට ගොඩනැඟීම දැඩි අසීරු කරුණක් වුණා. දිනපතා සිය දහස් ගණනක් ජනයා අද මෙම ස්ථානය නරඹන්න පැමිණෙනවා. නමුත් ඔවුනට ජලය, නවාතැන් ආදි පහසුකම් සපයන්න ඉතා අපහසු වෙලා තිබෙනවා. ලොව පුරා සිටින සුවහසක් බෞද්ධ ජනයාගේ පිහිටෙන් බොහෝ බාධක මැද වුවද මේ ආකාරයෙන් ලොවටම ධර්මය බෙදන තැනක් බවට පත් කරවන්නට හැකිවූවා යැයිද සෝමරතන හිමියන් පවසා සිටියේය.
මේ වනවිට මෙම පින්බිම කේන්ද්‍ර කරගනිමින් රෝද පුටු 200ක්, ඇස් කණ්ණාඩි ලක්ෂයකට අධික ප්‍රමාණයක්, කිහිලිකරු සහ අත්වාරු හැටදහසක් පමණ පාසල් පොත් හා උපකරණ ලක්ෂ ගණනින් පාසල් දරුවන්ට ලබාදීම සහ ශිෂ්‍යත්ව ලබාදීම මෙම හෑගොඩ ඉන්ද්‍රසාර ගුණ සමරු වැඩසටහන මුල් කරගෙන සෑම වර්ෂයකම සිදු කිරීමට සෝමරතන නායක හිමියන්ට හැකිවිය.
නමුත් මෙවර අරන්තලා හෑගොඩ ඉන්ද්‍රසාර ගුණසමරු පිංකම ආගමික වතාවත් සඳහා මුල්තැන ලබා දෙමින් සිදු කරන්නට සැලසුම් කර ඇත.
අරන්තලා 38 වැනි ගුණසමරු වැඩසටහන වෙනුවෙන් ජුනි 01 සහ 02 යන දිනවල විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
කුල දරුවන් සසුන්ගත කිරීම, පහන් පූජාව, රටට ජනතාවට සෙත්පතා සිදු කරන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව, කිරිපිඬු බුද්ධ පූජාව, ධර්ම ශාලා මන්දිරයට මුල්ගල තැබීම, භික්ෂු ස්මාරකය අභියස අධිෂ්ටාන පූජාව, භික්ෂුන් වහන්සේලා 250ක් උදෙසා සිදු කරනු ලබන සංඝගත දක්ෂිණාව, විචිත්‍ර ධර්ම කථීක වැලිමඩ සද්ධාසීල ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් පවත්වන සුමධුර ධර්ම දේශනාවන් ඇතු`ඵ වැඩ සටහන් රැසක් සිදු කිරීමට නියමිතය.
නැගෙනහිර සුරැකීමේ සංවිධානයේ සභාපති, අම්පාර ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී නාමල්තලාව ශෛලබිම්බාරාමාධිපති පූජ්‍ය ගම්පහ නාරද හිමියන් මෙලෙස පැවසූහ.
“අද මෙම පුදබිමේ හිමිවරුන් 30 දෙනෙකු වැඩ සිටියත් ඔවුනට නිසි පරිදි දානයක් ලැබෙන්නේ නෑ. ඒ නිසා දැඩි අපහසුවෙන් දාන වේල විහාරස්ථානය තුළම සකසා ගන්නට සිදුව තිබෙනවා. අපහසුවෙන් තමයි අපේ නායක හිමියන් මෙම පුදබිම රැකගැනීමට කටයුතු කරන්නේ. එමනිසා සුසාන භූමියේ ඉදිවුණ ලංකාවේ එකම පුදබිම පවත්වාගෙන යෑමට සහ දියුණු කිරීමට ඔබගේ සහාය අවශ්‍ය වෙලා තියෙනවා. මෙම පුදබිම ගොඩනඟන්නට සුළුවෙන් හෝ සහායක් දෙන්නට හැකි නම් 071-8333322 යන දුරකතන අංකයෙන් අපගේ සෝමරතන නායක හිමියන් ඇමතිය හැකියි.”
අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය පල්ලේවල මහින්ද හිමියන් ‘දිවයින’ට මෙලෙස අදහස් දැක්වූහ.
“අපේ ගුරු හිමියන් ලයිට් නැතිව, වතුර නැතිව, සැමදාම තිබුණ වන අලි කරදර මැද ඉතා අසීරුවෙන් තමයි අරන්තලා පුදබිම ගොඩ නැඟුවේ.
අදටත් කිලෝමීටර් 15ක් දුරට යනකම් ගම්වාසීන්ට සහ අරන්තලාව පන්සලට පිරිසිදු ජල පහසුකම් නැහැ. දැනට නළ ළිංවලින් තමයි ජලය සපයා ගන්නේ. මෙම පුදබිමට තවත් නළ ළිං කිහිපයක් අවශ්‍ය වෙලා තියෙනවා. පසුගිය සමයේ පුස්තකාලයට මුල්ගල තිබ්බත් තවමත් ඉදිකරගන්න බැරිවුණා. චෛත්‍යය සහ ධාතු මන්දිරය ඉදිකිරීමට නියමිතව තිබෙනවා. ලොකු හාමුදුරුවෝ කුමන බාධක ආවත් දිවා රෑ නොබලා වෙහෙසිලා දිනෙන් දින මෙම පුදබිම දියුණු කරමින් සිටිනවා. මෙම පුදබිම මුල් කාලයේ වියළි කාන්තාරයක් බවට තිබ්බෙ. අපේ ලොකු හාමුදුරුවන්ගේ විශ්‍රාම පාරිතෝෂිකයෙන් රුපියල් ලක්ෂ තුනහමාරක් වියදම් කරලා
ගස්වැල් ඉන්දුවා. අද ඒ ගස්වැල් පළ දරනවා. ඒ ආකාරයෙන් වසරකට තුන්වරක් මෙම පුදබිමේ රුක් රෝපණ වැඩසටහන් සිදුවෙමින් තිබෙනවා”
ලබන වසරේ සිය ගුරු හිමි වෙනුවෙන් පවත්වන ගුණ සමරු පිංකම වෙනුවෙන් කුල දරුවන් සිය දෙනකු සසුන්ගත කිරීමේ වැඩසටහනක් සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඒ යටතේ ජුනි 02 වැනිදා කුල දරුවන් 10 දෙනකු සසුන් බිමට ඇතුළත් කරනු ලැබේ.
හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමි වෙනුවෙන් ගුරු ජූජාවක් ලෙස හෑගොඩ ඉන්ද්‍රසාර ධර්මදුත පිරිවෙන ආරම්භ කරන්නට සෝමරතන නායක සමිඳුට හැකිව තිබේ. හෑගොඩ ඉන්ද්‍රසාර විද්‍යාලය ඇතු`ඵ පිරිවෙන් 06ක් ආරම්භ කර තිබේ. ඒ වාගේම පාසල් රැසකටද ගුණ සමරුව මුල් කරගනිමින් විවිධ වැඩසටහන් සහ උපකාර සිදු කරන්නට සෝමරතන නායක හිමි කටයුතු කර ඇත.
අරන්තලා ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය හරහා විදේශිකයන්ට පවා දැනුම ලබාගත හැකි ස්ථානයක් නිර්මාණය වෙමින් තිබේ. පාලි, සංස්කෘත, ත්‍රිපිටක ධර්මය, ඉංග්‍රීසි සිංහල භාෂා ඥානය ලබාදී සිල්වත්, උගත්, ගුණවත් සඟ පරපුරක් අරන්තලාවෙන් රටට දායාද කරන්නට සෝමරතන නායක සමිඳු මේ වන විටත් වැඩ කටයුතු සිදු කරමින් සිටිති.
ඒ සමගම දෙවැනිදා උදෑසන අභිනව ධර්ම ශාලා මන්දිරයට මුල්ගල තැබීමට නියමිතය. වසර 16ක කාලසීමාව තුළ සොහොන් බිමක් අති රමණීය පුදබිමක් ලෙස ගොඩනැඟීම ඉතා අසීරු කරුණකි. සුවහසක් දෙස් විදෙස් ජනතාවගේ සහායෙන් සෝමරතන නායක සමිඳු දිවා රාත්‍රිය පවා නොතකා සිදුකළ මහා කැප කිරීමේ ප්‍රතිපලයක් ලෙස අරන්තලාව ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මේ වන විට ලොව පුරා බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව තිබෙන පුදබිමක් බවට පත්ව තිබේ.
මියගිය හිමිවරුන් 31 නම
- පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමි (වයස 55) 2. පූජ්‍ය පරගහකැලේ විජිත නන්ද හිමි (24) 3. පූජ්‍ය කඵගල ආනන්ද සාගරහිමි (19) 4. පූජ්‍ය වාවින්නේ සද්ධාවංශ හිමි (19)
- පූජ්‍ය කෙහෙල්පොත සුගතපාල හිමි (18) 6. පූජ්‍ය තල්ගමුවේ උපරතන හිමි (18) 7. පූජ්‍ය වාවින්නේ සද්ධාතිස්ස හිමි (18)
- පූජ්‍ය වාවින්නේ ගුණවංශ හිමි (17) 9. පූජ්‍ය වාවින්නේ අත්ථදස්සි හිමි (17) 10. පූජ්‍ය මහියංගණේ ගුණසෝම හිමි (17) 11. පූජ්‍ය කුරුපනාවෙල කෝලිත හිමි (17) 12. පූජ්‍ය මන්ත්‍රීතැන්නේ ධම්මදස්සි හිමි (16) 13. පූජ්‍ය හඳුන්ගමුවේ අරියවංශ හිමි (15) 14. පූජ්‍ය දම්බරාවේ මහින්ද හිමි (15) 15. පූජ්‍ය වාවින්නේ විජිත හිමි (14) 16. පූජ්‍ය හදුන්ගමුවේ බුද්ධරක්ඛිත හිමි (13) 17. පූජ්‍ය රජගලතැන්නේ පුන්නජි හිමි (13) 18. පූජ්‍ය කුරුපනාවෙල ධම්මපාල හිමි (13) 19. පූජ්‍ය දේවාලහිඳ ධම්මරක්ඛිත හිමි (12) 20. පූජ්‍ය අඹගහවැල්ලේ සරණ හිමි (12) 21. පූජ්‍ය දේවාලහිඳ අනෝමදස්සි හිමි (10)
- පූජ්‍ය කොටවෙහෙරේ විමල බුද්ධි හිමි (14) 23. පූජ්‍ය කෝමාරියේ විමලජෝති හිමි (16) 24. පූජ්‍ය මහියංගණයේ වජිර බුද්ධි හිමි (12) 25. පූජ්‍ය මහියංගණයේ සුමන හිමි (12) 26. පූජ්‍ය මහියංගණයේ ආනන්ද හිමි (11) 27. පූජ්‍ය
මහියංගණයේ විපුලසාර හිමි (11) 28. පූජ්‍ය කුරුණැගල පඤ්ඤානන්ද හිමි (14) 29. පූජ්‍ය තෙරිපැහැ සෝභිත හිමි
- පූජ්‍ය රාහුල ආනන්ද හිමි 31. පූජ්‍ය කලුගල පාලිත හිමි
මියගිය ගිහි පුද්ගලයන්
- පී. ජී. සමරපාල – රියැදුරු මහතා 02. එන්. පී. ජිනදාස – කොන්දොස්තර මහතා 03. වසන්ත ජයවර්ධන තරුණ මහතා
● සුසන්ත අමර බන්දු