Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: මහින්දාගමනයෙන් ඔපවත් වූ සිංහල සංස්කෘතිය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: මහින්දාගමනයෙන් ඔපවත් වූ සිංහල සංස්කෘතිය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
විශේෂාංග

මහින්දාගමනයෙන් ඔපවත් වූ සිංහල සංස්කෘතිය

2 days ago
276 Views

අප තථාගත බුදුරජාණන් වහන්සේගේ නිර්මල ථේරවාදී බුදුදහමේ පණිවුඩය ශ්‍රී ලංකාද්වීපයට ලැබෙන්නේ අද වැනි උතුම් පෙසෙනේ පුන් පොහො දිනක බව අප හොඳින් දනිමු. නව සංස්කෘතික උදාව ලෙස සැලකෙන මහින්දාගමනය තුළින් අප රට නව මාවතකට යොමු වූ අතර රටේ පාලකයාගේ පටන් රටවැසියන් ද මෙම නව දහම වැළඳ ගනිමින් ක්‍රියා කළහ. එහි ප්‍රතිඵල අතීතයෙහි ධර්මද්වීපය හා පෙරදිග ධාන්‍යාගාරය යන ගෞරව නාමයන්ගෙන් හඳුන්වනු ලැබූ මේ උතුම් ලක් මව නූතනයෙහි මුහුණ පා ඇති ඉරණම දෙස අවධානය යොමු කිරීමේ දී මහත් කනගාටුදායකය. අද වැනි පොසොන් පොහෝ දිනක මහින්දාගමනයෙන් ලද පන්නරය ආදර්ශයට ගෙන ක්‍රියා කිරීම තුළින් අප ලක් මාතාව ඉහළට ඔසවා තැබීමේ හැකියාව පවතින බව නම් නොවනුමානය.

තෙවැනි ධර්ම සංඝායනාවේ ප්‍රතිඵලයක් ලෙස නව රට සසුන් පිහිට වූ මිහිඳු මාහිමියන් ප්‍රධාන ධර්මදූත කණ්ඩායම ,තම්බපන්ණිය, යන අනුවර්ථන නාමයෙන් හඳුන්වනු ලැබූ ලංකාද්වීපයට වැඩම කිරීමේ හැකියාව ලැබුණි. ධර්මාශෝක මහ නිරිඳුන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම ගමන ඉතා සංවිධිත ලෙස සිදු කිරීමට පියවර ගත් මිහිඳු මාහිමියන් වේදිසාවේ සිට මෙරට භාෂාව හා සංස්කෘතික ලක්‍ෂණ පිළිබඳ මනා අවබෝධයක් ඇති කර ගනිමින් ක්‍රියා කරන්නට වූහ. ඒ අනුව උතුම් පොසොන් පුන් පොහෝ දින ඉත්‍ථියල, උත්තියල, සම්බලල, භද්දසාලල, සුමන සාමණේර හා භණ්ඩුක උපාසක යන පිරිස සමග සෘද්ධියෙන් මිහින්තලාවේ අමබස්තලයට වැඩම කළහ. ඒ වනවිට දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස මුව දඩයමේ ගොස් සිටි අතර මහ රජතුමා මුවකු පසු පස ලුහුබඳිමින් සිටියේය. තිස්ස තිස්ස, යන ආමන්ත්‍රණයෙන් තිගැස්සී වට පිට බැලූ ඔහුට දැකගත හැකි වූයේ මිහිඳු මාහිමියන් ප්‍රධාන ධර්මදූත කණ්ඩායමයි.

“සමණා මයං මහා රාජ – ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පය – ජම්බුදීපා ඉධාගතා”

මෙම ගාථා පාඨය සමගින් තමන් ඇතුළු පිරිස හඳුන්වා දීමෙන් අනතුරුව දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස ඒ මගම ගමන් කරන්නට වූහ ,චුල්ලහත්‍ථි පදෝමප, සූත්‍රයෙන් ඇරඹුණු ධර්මය දේශනා කිරීම, ප්‍රේත වත්‍ථු – විමාන වත්‍ථු, ලෙස විවිධ ස්වරූපයෙන් සිදු වූ අතර ඒ නිසාම බොහෝ පිරිසක් දිනෙන් දින බුදුදහමට අනුගත වූ බව දැක්වේ. මෙලෙස සීඝ්‍රව ව්‍යාප්ත වූ බුදුදහම මෙරට ප්‍රතිෂ්ඨාපනය වූයේ භණ්ඩුක උපාසකගේ පැවිද්දෙන් හා සුමන සාමනේරයන්ගේ උපසම්පදාවෙනි. ක්‍රි.ව. 3 වන ශත වර්ෂයේදී මෙරටට බුදුදහමෙහි පණිවුඩය ලැබීමෙන් අනතුරුව සියලු අංශයන් ඔස්සේ නව මාවතකට යොමු වූ බව පැහැදිලි වන්නකි.

බුදුදහමේ පන්නරය ලැබීමෙන් පසුව නව සංස්කෘතික ලක්‍ෂණ සමගින් ශ්‍රී ලංකාද්වීපය ඉදිරියට ගමන් කරන්නට යෙදුණු බව දීප වංශය, මහා වංශය වැනි හෙළ සාහිත්‍යය දෙස බැලීමෙන් පැහැදිලි වනු ඇත. විශේෂයෙන් විවිධ ඇදහිලි හා විශ්වාස පසුපස යමින් සිටි මෙරට ජනතාව බුදුදහම වැළඳ ගැනීමෙන් පසුව ශිෂ්ට සම්පන්න අයුරින් ක්‍රියා කරන නිවැරදි දැක්මකින් ඉදිරියට ගිය ජාතියක් බවට පත් වූහ.

‘ගමයි පන්සලයි – වැවැයි දාගැබයි
කහ සිවුරයි – කෙත් යායයි’

යන උදාර සංකල්පය ඔස්සේ රජ්‍ය පාලකයාගේ පටන් සියලු පාලකයන් සංස්කෘතික වශයෙන් නව මාවතකට කාලයකට පියවර තැබීමෙන් පැහැදිලි වන්නේ එදා අපේ රටේ පැවති ආර්ථික ආදි සෑම ක්‍ෂේත්‍රයක් තුළම පැවති ප්‍රබල දියුණුවයි. කෘෂි කර්මාන්තය මුල්කර ගත් නව ආර්ථිකයකට උරුමකම් කියූ අප ලක් මාතාව පෙරදිග ධාන්‍යාගාරය වූයේ මේ නිසාවෙනි.

මිහිඳු මාහිමියන් වැඩම කිරීමෙන් පසු තව දුරටත් සාසනික වශයෙන් පසු කාලීනව දුමින්දාගමනය ද සිදු විය. ඒ තුළින් බෝධි වන්දනාව ප්‍රචලිත වූ අතර ශ්‍රී ලංකාව ථේරවාදී බුදුදහමේ කේන්‍ද්‍රස්ථානය බවට ද පත් වූයේ මේ නිසා බව අපි හොඳින් දනිමු. එපමණක් නොව සාහිත්‍ය අතින් ද විශාල දියුණුවක් ලැබූහ.

  1. මහා අට්ඨ කතා
  2. මහා පච්චරිය අට්ඨ කතා
  3. කුරුන්දි අට්ඨ කතා
  4. සංඛේප අට්ඨ කතා
  5. අන්ද අට්ඨ කතා

ආදී සිංහල (හෙළ) භාෂාව මුල්කර ගත් අටුවා ලියූ මිහිඳු මාහිමියන් සෑම ක්‍ෂේත්‍රයක්ම බුදුදහමේ පන්නරය ඔස්සේ ඉදිරියට ගෙන ගිය අතර දුමින්දාගමනයත් සමගින් කලා ශිල්ප ආදී බොහෝ නිර්මාණ සමගින් අපේ රට කොතරම් දියුණු තත්ත්වයක පැවතියේ ද යන්න අනුරාධපුර, පොළොන්නරු ආදී බොහෝ කාලවකවානු මනාව සාක්‍ෂි සපයයි.

අතීතය මෙලෙස පැවැතිය ද නූතනය වන විට මේ උපන් මව් බිම පිළිබඳ රට වැසි අප හට ආඩම්බරයෙන් කතා කිරීමට නොහැකි වීම අවාසනාවකි. එයට බොහෝ හේතු සාධක පවතින අතර විශේෂයෙන් නිදහසින් පසු මෙරට පාලනය කළ සියලු දෙනා මෙයට වගකිය යුතුය. ලෝකයටම කන්න දෙන්න තරම් ශක්තියක් වූ අපේ රට අද වනවිට ලෝකයාගෙන් සිඟමන් අයදින තත්ත්වයට පත්වීම කොතරම් අවාසනාවක් ද? මෙයට වගකිය යුත්තේ මෙරට අහිංසක ජනතාව නොව බලය නිසා වංචාව දූෂණය ඔස්සේ ක්‍රියා කළ අදූරදර්ශී පාළකයෝය. බලයට කෑදර වෙමින් බෞද්ධකම බලය රැකීමට පමණක් ආයුධයක් කරගත් එවැනි පුද්ගලයන් නිසා අදටත් දුක්ගැ හැට විඳින්නේ ශ්‍රී ලාංකික ජනතාවයි.

මේ නිසා මහින්දාගමනය එක්දිනකට පමණක් සීමා නොකොට මිහිඳු මාහිමියන් පෙන්වා දුන් නිවැරදි චින්තනය ඔස්සේ ගමන් ඇරඹීමේ කාලය උදා වී ඇති බව නොඅනුමානය. තෙවරක් බුදුරදුන්ගේ පහස ලද කිහිප අවස්ථාවක් සම්බුදු සසුනට පූජා කළ මේ ලක් දෙරණ සැබවින්ම සෞභාග්‍යයේ දේශයයි. ඒ උතුම් වාසනාව විනාශ කර ඇති පාලක පන්තිය තම වාසියට ක්‍රියා කිරීම තුළ අද වනවිට අත් වී ඇති ඉරණම කදිමට පැහැදිලිය.

මේ නිසා බුදුදහමින් පෙන්වා දෙන පන්නරය ඔස්සේ නිවැරදි චින්තනය අනුව යමින් මහින්දාගමනය යන්න ගැඹුරින් අධ්‍යයනය කිරීම අතිශයින් ම වැදගත් වනු ඇත. මිහිඳු චින්තනය බෞද්ධ සංස්කෘතිය ඔස්සේ තථාගත බුදුරදුන්ගේ දහම තුළින් ඔපවත් වීමටත් දිනෙන් දින පිරිහෙමින් පවතින අපගේ සංස්කෘතිය නිවැරදි මගකට යොමු කරවීමත්ය. ආර්ථික වශයෙන් ආගාධයට ඇදවැටී ඇති මේ ලක් දෙරණ සෑම අංශයකින්ම ශක්තිමත් භාවයට පත් කිරීමේ හැකියාව මහින්දාගමනය සමරණ අප හැම දෙනාම ඒ ඔස්සේ මිහිඳු චින්තනය අර්ථ ගැන්වීම සඳහා ක්‍රියා කිරීම අතිශයින් වැදගත් සාධකයක් වනු ඇත.

ගාල්ල ශ්‍රී ලංකා ධර්මදූත පිරිවෙණේ ආචාර්ය
දර්ශනපති කනංකේ
විජිතනන්ද හිමි
පන්සල – සංස්කරණය සුසිල් ජයකොඩි
0722081522

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
විශේෂාංග

පළාත් පාලනයේ දී සක්‍රීය පුරවැසි සහභාගිත්වය

විශේෂාංග

නිල්ගල ඇතුළු වනාන්තර 5 ක් රක්‍ෂිත බවට පත්වෙයි….

විශේෂාංග

කොතලාවල වාරණය රටට අවාසියකි

විශේෂාංග

හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමි ඇතුඵ හිමිවරුන් 31 නමක් ඝාතනය වී අදට වසර 38යි

විශේෂාංග

උපසපන් භූමියේ අඩසිය වස සපුරන අටමස්ථානාධිපති නාහිමියෝ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok