Thursday, 5 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පළාත් පාලනයේ දී සක්‍රීය පුරවැසි සහභාගිත්වය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 5 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පළාත් පාලනයේ දී සක්‍රීය පුරවැසි සහභාගිත්වය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

පළාත් පාලනයේ දී සක්‍රීය පුරවැසි සහභාගිත්වය

3 days ago
455 Views

පළාත් පාලන මැතිවරණය නිමාවී ඇත. දැන් ඇත්තේ පත්වූ සභිකයන් සමගින් පළාත් පාලන ආයතන ක්‍රියාවට නැඟීමය. එවන් මොහොතක පළාත් පාලන කාර්යභාරය සහ පළාත් පාලන අයතන තුළ සිවිල් පුරවැසි නියෝජනයේ වගකීම් සහ අයිතිය පිළිබඳව පසුගිය පළාත් පාලන පරිපාලන අවස්ථාවේ දකුණු පළාතේ සියලුම පළාත් පාලන ආයතනවලට “හඬට ඉඩක් -Right to Voice” නැමති පළාත් පාලන ආයතන සඳහා ජනතා සහභාගිත්වය වැඩිකිරීමේ වැඩසටහන සහ සභාවට නොගොසින් සභාවේ කටයුතු කරගන්නා ඊ-සභා e-sabha නමැති සුහුරු- Smart මෘදුකාංග ක්‍රමවේදය හඳුන්වා දුන් පරිසරවේදී, ආචාර්ය චතුර වැලිවිටිය මහතා දක්වන අදහස් විමසුමකි මේ.

පරිසරවේදී – සිංහ – ආචාර්ය චතුර වැලිවිටිය
ප්‍රධාන විධායක HELP-O

පුරවැසි සහභාගිත්වය යනු කුමක් ද?

කිසියම් පුරවැසියකුගේ උපතේ සිට මරණය දක්වා විහිදෙන සේවා සැපයීමේ ක්‍රියාවලිය පළාත් පාලන ආයතන මගින් සිදු වේ. මෙම ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක කරවීමේ වැදගත්ම මෙවලම් අතර පුරවැසි සහභාගිත්වයට වැදගත් මුල් තැනක් හිමි වේ. එය පළාත් පාලන අණ පනත් තුළ මැනවින් සඳහන් කර ඇත.

පුරවැසි සහභාගිත්වය ආකාර කීපයකට සඳහන් කළ හැකිය. පළමු වැන්න ජනතා කැමැත්ත මත ජනතා ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයන් වේ. දෙවන අවස්ථාව ස්ථාවර කමිටු සඳහා සිවිල් පුරවැසියන්ට වෘත්තිකයන්ට සහභාගිවීමට ලබාදී ඇති අවස්ථාව ලෙස සඳහන් කළ හැකිය. ප්‍රජා සහභාගිත්වය යනු පළාත් පාලන ආයතනවල තීරණ ගැනීම සහ ඔවුන් ජීවත් වන ප්‍රජාවට බලපාන ප්‍රතිපත්ති ගොඩනැඟීම කෙරෙහි සෘජු හෝ වක්‍ර බලපෑමක් ඇති කිරීමට පුරවැසියන්ට ඉඩ සලසන මෙවලමකි. සභාවේ කටයුතුවලට ප්‍රදේශයේ ප්‍රජාව දක්වන සහභාගිත්වය, දායකත්වය හෝ හවුල්කාර බව පුරවැසි සහභාගිත්වය අදහස් වේ. පුරවැසි සහභාගිත්වය යනු පුරවැසියන් බලගැන්වීමේ ක්‍රමවේදයකි.

පුරවැසි සහභාගිත්වයේ ප්‍රතිලාභ

පළාත් පාලන ආයතන විසින් කළ යුතු සංවර්ධන හා සේවා වැඩ සැලසුම්කිරීම හා ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රජා සහභාගිත්වය තුළින් වඩාත් කාර්යක්ෂම හා ඵලදායි ලෙස ඒවා ඉටු කළ හැකි වේ. පුරවැසියන් පොදු තීරණ ගැනීම සඳහා සහභාගි වන විට, රාජ්‍ය නිලධාරීන් කෙරෙහි ඉහළ මට්ටමේ පාලනයක් ජනනය වන අතර, එමගින් නාස්තිය හා දූෂණයෙන් තොරව සභාවේ මුදල් පරිහරණය කළ හැකි වේ. සැබෑ ජනතා වුවමනාවන් ඉටු කළ හැකි වේ. පොදු මහජන සම්පත් ආරක්ෂා කළ හැකි වේ. නඩත්තු පිරිවැය අවම කළ හැකි වේ. රාජ්‍ය නිලධාරීන්ගේ අවධානයට ලක්නොවූ ගැටලු හඳුනා ගැනීමට පුරවැසි සහභාගිත්වය උපකාර වන අතර එය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම විසඳුම් සෙවීමට උපකාරී වේ.

රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේ දී හා පොදු තීරණ ගැනීමේ දී පුරවැසියන්ට සහභාගිවීමට අවස්ථාව ඇති විට, ඔවුන්ගේ අවශ්‍යතා සහ අදහස් සැලකිල්ලට ගන්නා බව සහතික කරයි. සමාජ වගකීම, විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කරයි. පුරවැසි සහභාගිත්වය රාජ්‍ය කළමනාකරණයේ විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වටිනා මෙවලමකි. පුරවැසියන්ට ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් බෙදාගැනීමට ඉඩ දීමෙන් රාජ්‍ය ප්‍රතිපත්තිවල ගුණාත්මක භාවය වැඩිදියුණු වේ.

විවිධ පසුබිම්වලින් සහ දෘෂ්ටිකෝණවලින් යුතු පුරවැසියන්ට පොදු තීරණ ගැනීමේ දී එකට වැඩකිරීමට ඉඩ සලසන බැවින් පුරවැසි සහභාගිත්වය සමාජ සහජීවනය, සමාජ ඒකාබද්ධතාව සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වය ද පෝෂණය කරයි. ශක්තිමත්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාවන් ගොඩනැඟිය හැකි වේ. පුරවැසි සහභාගිත්වය සමාජයේ විවිධ කණ්ඩායම් අතර පාලම් ගොඩනැඟීමට සහ පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වය පෝෂණය කිරීමට උපකාරී වේ.

පුරවැසි සහභාගිත්වය ලබා ගැනීම සඳහා පළාත් පාලන ආයතනයකට අනුගමනය කළ හැකි උපාය මාර්ග

  1. සභාවේ උපදේශන කාරක සභාවලට ප්‍රදේශයේ පුරවැසියන් පත් කිරීම

පළාත් පාලන ආයතනවලට පත් කරන උපදේශන කාරක සභාවලට පුරවැසියන් පත් කිරීමෙන් තීරණ ගැනීමේ ක්‍රියාවලියට මහජන සහභාගිත්වය ලබාගත හැකි ය. ඒ ඒ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් හා අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උපදේශන කාරක සභාවලට පත් කිරීමෙන් පළාත් පාලන ආයතනවල මානව හා විශේෂඥ ශක්තිය වැඩි වේ. උදා: කර්මාන්ත කමිටුවට ඉංජිනේරුවන් හා සෞඛ්‍ය කමිටුවට විශේෂඥ වෛද්‍යවරුන් සිවිල් පුරවැසියන් අතරින් පත්කර ගැනීම.

  1. අයවැය යෝජනා සැකසීමේ ක්‍රියාවලියට පුරවැසියන් සහභාගි කර ගැනීම

ඉදිරි වර්ෂය සඳහා අයවැය යෝජනා සකස් කිරීමේ දී හා අයවැය කෙටුම්පත් සාකච්ඡාවේ දී ජනතා සහභාගිත්වය

අලබාගැනීමට පනත් හා රීතිවලින් විධි විධාන සලසා තිබේ. මෙහිදී ප්‍රජාව දැනුවත් කර සංවර්ධන හා ආදායම් වියදම් යෝජනා ගැන මහජන අදහස් ලබාගත හැකි ය.

  1. සංවර්ධන සැලසුම් සැකසීමේ දී හා සේවා සැපයීමේ දී පුරවැසියන්ගේ සහභාගිත්වය ලබා ගැනීම

උදා: වාර්ෂික අයවැයෙන් කොටසක් වෙන් කර දිගු කාලීන, මධ්‍ය කාලීන හා කෙටි කාලීන සංවර්ධන සැලසුම් සැකසීමේ දී මහජන අදහස් හා යෝජනා ලබා ගැනීම, සේවා සැපයීමේ දී ප්‍රජා දායකත්වය ලබා ගැනීම, සේවා සැපයීමේ දී ප්‍රජා මූලික සංවිධාන සහාය ලබා ගැනීම, කොට්ඨාස මට්ටමින් මහජන රැස්වීම් පවත්වා මහජන අදහස් ලබා ගැනීම, බල ප්‍රදේශය තුළ සිදු කෙරෙන සංවර්ධන කටයුතුවල ප්‍රගතිය අධීක්ෂණයේ වගකීම ප්‍රජාවට පැවරීම සහ පාලම් බෝක්කු ආදිය ප්‍රමිතියට ඉදි කරන්නේ ද යන්න අධීක්ෂණයේ වගකීම ප්‍රජාවට පැවරීම. (උදා: යොදා ගන්නා කොන්ක්‍රීට් මිශ්‍රණයේ අනුපාතවල ප්‍රමිතිය අධීක්ෂණය, යොදා ගන්නා කොන්ක්‍රීට් ගල්වල ප්‍රමිතිය අධීක්ෂණය සහ යොදා ගන්නා වැලිවල ප්‍රමිතිය (මඩ නැති ගඟේ වැලි) අධීක්ෂණය සහ යොදා ගන්නා යකඩවල ප්‍රමිතිය අධීක්ෂණය)

  1. සභා රැස්වීම්වල මහජන ගැලරි සහභාගිත්වය පුළුල් කිරීම සඳහා පියවර ගැනීම

■ විධිමත් හා විවෘත ලෙස සභා රැස්වීම් පැවැත්විය යුතු ය. ■ මහජන ගැලරිවල පහසුකම් වැඩි කළ යුතු ය. ■ සභා රැස්වීම් ආවරණය සඳහා ජනමාධ්‍ය සහභාගි කළ යුතු ය. ■ කාරක සභා අවස්ථාවල දී ප්‍රජාවට අදහස්, යෝජනා හා පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දිය යුතුය.

  1. මහජන මත විමසීම් සහ පුරවැසි උපදේශන අවස්ථා සලසා දීම
    කිසියම් නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ දී හා බලපෑම් ඇගයීමේ දී පුරවැසියන්ට තම අදහස් සහ යෝජනා ප්‍රකාශ කිරීමට අවස්ථා සලසා දිය යුතු ය.
  2. පැමිණිලි හෝ යෝජනා ඉදිරිපත් කිරීමට පුරවැසියන්ට ඉඩ සලසා දීම
    සේවාවන් ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා හෝ රාජ්‍ය නිලධාරීන්ගේ හැසිරීම පිළිබඳ දුර්වලතා ගැන පැමිණිලි හෝ යෝජනා ඉදිරිපත් කිරීමට පුරවැසියන්ට ඉඩ සලසන ක්‍රමවේදයක් සලසා දිය යුතු ය. මෙම ක්‍රමවේදය මුහුණට මුහුණ හෝ මාර්ගගත විය හැකි ය. ලිඛිත හෝ අලිඛිත විය හැකි ය.
  3. පුරවැසි සහභාගිත්වය ලබාගැනීම සඳහා ඩිජිටල් වේදිකා තනා දීම

පුරවැසියන්ට, බලධාරීන් සහ අනෙකුත් පුරවැසියන් සමග අන්තර් ක්‍රියා කිරීමට ඉඩ සලසන මෙවලම් වේ. ඒවාට සාකච්ඡා, සමීක්ෂණ, පුරවැසි පෙත්සම් සහ වෙනත් සහභාගිත්ව ක්‍රමවේද ඇතුළත් විය හැකි ය. එක් උදාහරණයක් වන්නේ විවිධ උපකාරක සේවා සපයන e-Shaba ඩිජිටල් වේදිකාවයි.

  1. පුරවැසි සහභාගිත්වය ලබාගැනීම සඳහා වූ විධික්‍රම අණපනත්වලට ඇතුළත් කිරීම

මෙරට පළාත් පාලනයට අදාළ පනත්වල එහෙත් ඍජුව නොව වක්‍රව පුරවැසි සහභාගිත්වයට අනුබල දී ඇත. ජනතා සහභාගිත්වය ලබා ගැනීම සඳහා වූ විධික්‍රම අන්තර්ගත කොට නැත. නීතියෙන් බැඳී නැති නමුත් ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන කීපයක්ම පුරවැසි සහභාගිත්වය ලබා ගැනීම සඳහා තමන්ට ආවේණික විධික්‍රම භාවිතයට ගෙන ඇත.

  1. කමිටු ක්‍රමය වැඩිදියුණු කිරීම

පළාත් පාලන ආයතනවල කමිටු ක්‍රමය ස්ථාපිත කර ඇත්තේ ඒවායේ කාර්යභාරය පහසු කරලීම හා අදාළ කරුණු වඩාත් ගැඹුරින් සලකා බලා නිර්දේශ ඉදිරිපත් කරමින් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා සභාවට මග පෙන්වීමට ය. මහා නගර සභා ආඥා පනතට අනුව කමිටු පිහිටු විය හැක්කේ නියෝජිතයන් අතරින් පමණි. එසේ වුවත් නගර සභා හා ප්‍රාදේශීය

සභාවලට ප්‍රදේශයේ ජනතා නියෝජිතයන්ගෙන් හා සිවිල් පුරවැසියන්ගෙන් සමන්විත වන කමිටු සකසා ගැනීමට බලය පවරා දී ඇත.

පළාත් පාලන ආයතනවල කමිටු ක්‍රමය ස්ථාපිත කිරීමට අදාළ ව්‍යවස්ථාපිත නීතියේ ඇති බලතල

මහා නගර සභා ආඥා පනත හා අතුරු ව්‍යවස්ථාවන්ට අනුව කමිටු පිහිටුවීමට ඇති බලතල

මහ නගර සභා ආඥා පනතේ 26 වගන්තිය යටතේ ස්ථාවර කමිටු හා උපදේශන කමිටු පත් කිරීමට උපදෙස් දී ඇත. ඒ අනුව ස්ථාවර කමිටු පිහිටුවිය හැක්කේ නියෝජිතයන් අතරින් පමණි. මහා නගර සභා කමිටුවලට බාහිර පුද්ගලයන් පත් කළ හැකි බවක් මහා නගර සභා ආඥා පනතේ සඳහන් නොවේ. එහෙත් ඍජුව නොව වක්‍රව පුරවැසි සහභාගිත්වයට අනුබල දී ඇත.

ගාල්ල මහ නගර සභාවේ ඇති ස්ථාවර කාරක සභා හා උපදේශන කමිටු: (2023.03 18 දිනට)

■ මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාව ■ කර්මාන්ත, නගර සංවර්ධන හා සැලසුම් සම්පාදනය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, විදුලිය හා ජලය පිළිබඳ ස්ථාවර කාරක සභාව ■ සෞඛ්‍ය, සනීපාරක්ෂක කටයුතු හා වෙළෙඳසල් පිළිබඳ ස්ථාවර කාරක සභාව ■ නිවාස, ප්‍රජා සංවර්ධන, සේවක හා ළමා සුබසාධන කටයුතු පිළිබඳ ස්ථාවර කාරක සභාව

■ පරිසර, උද්‍යාන ක්‍රීඩා හා සංස්කෘතික කටයුතු පිළිබඳ ස්ථාවර කාරක සභාව ■ ටෙන්ඩර් මණ්ඩලය ■ රථවාහන කමිටුව

■ වීථි නම් කිරීමේ කමිටුව ■ මහජනාධාර කමිටුව ■ පුස්තකාල උපදේශන කමිටුව

  • නගර සභා ආඥා පනත හා අතුරු ව්‍යවස්ථාවන්ට අනුව කමිටු පිහිටුවීමට ඇති බලතල – නගර සභා ආඥා පනතේ 29 වගන්තිය යටතේ ස්ථාවර කමිටු හා උපදේශන කමිටු පත් කිරීමට උපදෙස් දී ඇත. ඍජුව පුරවැසි සහභාගිත්වයට අනුබල දී ඇත. ඒ අනුව, නගර සභාවක් විසින්, සභාවේ බලතල, කාර්ය හෝ වගකීම් හෝ සභාවේ සැලකිල්ලට භාජනයව ඇති යම් කරුණක් සම්බන්ධයෙන් සභාවට උපදෙස් දීමේ කාර්යය සඳහා

සභාවේ සභිකයන්ගෙන්ම සමන්විත වූ හෝ අඩක් සභාවේ සභිකයන්ගෙන් ද අඩක් නගරයේ සෙසු වැසියන්ගෙන් ද සමන්විත වූ කාරක සභා කලින් කල පත් කරනු ලැබිය හැකි අතර,

සභාව විසින් තීරණය කරනු ලැබිය හැකි උපදෙස්වලට සහ කොන්දේසිවලට යටත් ව, යම් ණයක් ලබා ගැනීමට හෝ යම් වරිපනම් ගාස්තුවක් පැනවීමට හෝ යම් බද්දක් අය කිරීමට හෝ බලය හැර, සභාවේ බලතල කිසිවක් හෝ කාර්යය කිසිවක් සභා විසින් එකී කාරක සභාවට කලින් කල පවරනු ලැබිය හැකි ය. (මුදල් බලතල ලබා දිය නොහැකි ය.)

-1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත හා අතුරු ව්‍යවස්ථාවන්ට අනුව කමිටු පිහිටුවීමට ඇති බලතල

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත මගින් ප්‍රාදේශීය මට්ටමින් පරිපාලන හා සංවර්ධන කටයුතුවලට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඵලදායී ලෙස සහභාගි වීමට ජනතාවට වැඩි අවස්ථාවන් සැලසී ඇත. ප්‍රජා සහභාගිත්වය ලබාගැනීමේ විධික්‍රම ප්‍රාදේශීය සභා පනතේ සවිස්තරව දක්වා නැතත් එහි පූර්විකාවෙහි පුරවැසි සහභාගිත්වයේ වැදගත් කම අවධාරණය කර ඇත.

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ පූර්විකාව

‘පරිපාලන සහ සංවර්ධන කටයුතුවලට අදාළව තීරණ ගැනීමේ ක්‍රියාවලියෙහි ජනතාවට පළාත් මට්ටමින් ඵලදායී ලෙස සහභාගිවීම සඳහා වැඩි අවස්ථා සලසා දීමේ අරමුණ ඇතිව, ප්‍රාදේශීය සභා පිහිටුවීම සඳහා ද එම සභාවල බලතල, කාර්යයන් සහ කර්තව්‍යයන් නිශ්චය කිරීම සඳහා ද ඊට සම්බන්ධ හෝ

ආනුෂංගික සියලු කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.’

ප්‍රාදේශීය සභා පනතේ 12 වගන්තිය යටතේ කමිටු පත්කිරීමට උපදෙස් දී ඇත.

  1. (1) ප්‍රාදේශීය සභාවෙහි බලතල, කාර්යයන් සහ කර්තව්‍යය කිසිවකට හෝ සභාවෙහි සැලකිල්ලට භාජනය පවතින යම් කරුණකට හෝ අදාළව සභාවට උපදෙස් දීමේ කාර්ය සඳහා සභාවේ සභිකයන්ගෙන් හෝ කොටසක් සභිකයන්ගෙන් සහ කොටසක් ප්‍රාදේශීය සභා ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් සහ ඒ ප්‍රාදේශීය සභා ප්‍රදේශය තුළ

පිහිටුවා ඇති ග්‍රාමෝදය මණ්ඩලවල සභාපතිවරුන්ගෙන් හෝ සමන්විත කාරක සභා, ප්‍රාදේශීය සභාවක් විසින් කලින් කල පත් කරනු ලැබිය හැකි අතර,

යම් ණයක් ලබා ගැනීමේ, යම් වරිපනම් බද්දක් පැනවීමේ හෝ යම් බද්දක් පැනවීමේ බලතල නොවන, සභාවේ බලතල හෝ කාර්යයන් කිසිවක් සභාව විසින් තීරණය කරනු ලැබිය හැකි කොන්දේසිවලට යටත්ව කලින් කල එම කාරක සභා වෙත පවරනු ලැබිය

හැකි ය. (මුදල් බලතල ලබා දිය නො හැකි ය.)

පළාත් පාලන පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය 2012-2014 පුරවැසියාට පවරා දී ඇති අයිතිවාසිකම්

සිවිල් සමාජය බලමුළු ගැන්වීම, සමාජ සහයෝගිතාව හා සහභාගිත්වය සහතික කිරීම සහ සහභාගිත්ව තීරණ ගැනීම සහ සහභාගිත්ව සංවර්ධනය අධීක්ෂණය කිරීම සඳහා ජන සභා කමිටු, කොට්ඨාස කමිටු හා මාර්ග මට්ටමේ සංවර්ධන කමිටු පිහිටු වීම. සහභාගිත්ව සැලසුම් සහ අයවැය ක්‍රියාවලීන්හි ප්‍රජා නියෝජනය සඳහා ආයතනික ක්‍රමවේදයක් හඳුන්වා දීම. ප්‍රාදේශීය දේශපාලනයේ කාන්තා, තරුණ සහ ආන්තික කණ්ඩායම්වල සමාජ අන්තර් කරණයේ මට්ටම සහ ගුණාත්මක භාවය තක්සේරු කිරීම සඳහා පළාත් පාලන දෙපාර්තමේන්තු මට්ටමින් කාලානුරූප සමාලෝචන ක්‍රමවේදයක් හඳුන්වා දීම.

ව්‍යවස්ථාපිත නීති මගින් පළාත් පාලනයේ දී පුරවැසියාට පවරා දී ඇති අයිතිවාසිකම්

පළාත් පාලන ආයතනවල මූල්‍ය ක්‍රියා පටිපාටි අධීක්ෂණය කිරීම නොහොත් මහජන විගණනය. තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය. මංමාවත් අලුත්වැඩියා කිරීමේ දී අන්තරායකාරී ලෙස එහි නිලධරයන් හෝ කොන්ත්‍රාත්කරුවන් කටයුතු කිරීමෙන් වළක්වාගැනීමේ අයිතිය. (නගර සභා ආඥා පනත 100 වන වගන්තිය) ප්‍රාදේශීය ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට දායක වීම, තොරතුරු දැන ගැනීමේ පනත.

“හඬට ඉඩක් ව්‍යාපෘතිය” නමැති නියමු වැඩසටහන යටතේ පළාත් පාලනයේ දී මහජන සහභාගිත්වය ලබා ගැනීම සඳහා සහ ප්‍රජාව සවිබල ගැන්වීමේ උපාය මාර්ග

■ පළාත් පාලනයේ දී සහභාගිත්ව සැලසුම්කරණය පිළිබඳව, සහභාගිත්ව අයවැය කරණය සඳහා ප්‍රජා මූල සංවිධාන සහභාගිත්වය ලබා ගැනීම පිළිබඳව සහ පළාත් පාලනයට අදාළ නීති රීති පිළිබඳව, ප්‍රජා මූල සංවිධාන සංසද 20 සාමාජිකයන් සඳහා පුහුණු සැසි 20ක් පැවැත් වීම.

■ ප්‍රජා විමර්ශකයන්ගේ සංසද 20 සාමාජිකයන්ගේ ධාරිතා සංවර්ධනය සඳහා එක්දින පුහුණු වැඩමුළුවක් පැවැත් වීම.

■ මේ පිළිබඳව පාර්ශ්වකරුවන් දැනුවත්කිරීම පිණිස මාර්ගෝපදේශ පොත් 2,000ක් නිකුත් කිරීම.

■ තොරතුරු දැන ගැනීමේ පනත හා ප්‍රජාවට ඉන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව දකුණු පළාත් ප්‍රජා මූල සංවිධාන සංසදයේ සාමාජිකයන්ට හා දකුණු පළාත් ප්‍රජා විමර්ශකයන්ගේ සංසදයේ සාමාජිකයන්ට එක්දින පුහුණු වැඩමුළුවක් පැවැත්වීම.

හඬට ඉඩක් ව්‍යාපෘතිය යටතේ පළාත් පාලනයේ දී මහජන සහභාගිත්වය ලබා ගැනීම සඳහා පළාත් පාලන ප්‍රධානීන් සවිබල ගැන්වීමේ උපාය මාර්ග

■ පළාත් පාලන ආයතනවල මාසික මහා සභා

රැස්වීමේ කාරක සභා අවස්ථාවේ දී හා කමිටුවල දී ජනතාවට ද සහභාගි වී අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා දීමේ ක්‍රමවේදය අවබෝධ කර වීම සඳහා පළාත් පාලන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීම.

■ පළාත් පාලනයේ දී සහභාගිත්ව සැලසුම්කරණය හා සහභාගිත්ව අයවැය කරණය සඳහා ප්‍රජා මූල සංවිධාන සහභාගිත්වය ලබා ගැනීමේ ක්‍රමවේදය අවබෝධ කර වීම සඳහා පළාත් පාලන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත් වීම.

■ පළාත් පාලන බල ප්‍රදේශ තුළ ප්‍රජා මණ්ඩල හා ප්‍රජා සංවර්ධන සමිති පිහිටුවීම හා ඒ මගින් ප්‍රජා සහභාගිත්වය ලබා ගැනීමේ ක්‍රමවේදය අවබෝධ කර වීම සඳහා පළාත් පාලන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත් වීම.

■ පළාත් පාලන බල ප්‍රදේශ තුළ ප්‍රජා මණ්ඩල හා ප්‍රජා සංවර්ධන සමිති මගින් ප්‍රජා සහභාගිත්වය ලබා ගැනීමේ දී ප්‍රජා සංවර්ධන නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමේ ක්‍රමවේදය අවබෝධ කර වීම සඳහා පළාත් පාලන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීම.

■ “ඊ-සභා” ජංගම දුරකථන යෙදවුම ප්‍රජාවට හඳුන්වා දීම සඳහා යොදාගත හැකි ක්‍රමවේද පිළිබඳව පළාත් පාලන කොමසාරිස්වරයා විසින් උපදෙස් මාලාවක් නිකුත් කිරීම. උදා: වරිපනම් බදු අය කර ගැනීම සඳහා වාර්ෂිකව සකසා පළාත් පාලන බල ප්‍රදේශයේ මහජනතාවට බෙදන තක්සේරු දැන්වීමේ පිටුපස ඊ-සභා ජංගම දුරකථන යෙදවුම පිළිබඳව කෙටි පණිවුඩයක් යෙදීම.

■ ඊ-සභා ජංගම දුරකථන යෙදවුම සඳහා නෛතික බලයක් ලබා දීම සඳහා කෙටුම්පත් කිරීමට යෝජිත අතුරු ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම.

(ආචාර්ය ඒ.එල්. ඒ. අසෝක සිරිවර්ධන මහතාගේ “හඬට ඉඩක්” ව්‍යාපෘතියේ අත්පොත ඇසුරින් අතිරේක තොරතුරු ඇතුළත් කර ඇත)

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

2 days ago

බල්තසාර් වැඩට

5 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

5 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

5 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

4 days ago
Related News
විශේෂාංග

‘කලු යාන්ත්‍රණය’ ගැන ජනපතිගේ හෙළිදරව්ව

අතිරේක විශේෂාංග

පොතක පිටකවරය චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටයක් වගෙයි

විශේෂාංග

ආචාර්ය එන්. එම්. පෙරේරා 120 වැනි ජන්ම සංවත්සරය හෙට

අතිරේක විශේෂාංග

ඉසොප්ටේරා නව කතාවේ චරිත දීර්ඝ කාලයක් තිස්සේ සංයමයෙන් ගොඩනැගුවා – දිලිනි කෞෂල්‍යා ජයසූරිය

අතිරේක විශේෂාංග

මගේ ලෝකයේ හපන්කම්..

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok