Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: රටවිරුවන් ගොනාට අන්දපු ඇමැති කට්ටුවේ වැඩ කෝප් කමිටුවෙදී එළියට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: රටවිරුවන් ගොනාට අන්දපු ඇමැති කට්ටුවේ වැඩ කෝප් කමිටුවෙදී එළියට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
විශේෂාංග

රටවිරුවන් ගොනාට අන්දපු ඇමැති කට්ටුවේ වැඩ කෝප් කමිටුවෙදී එළියට

3 days ago
530 Views

රටවිරු නිවාස ණය සහන වැඩපිළිවෙළින් ණය ගත් අය ගැන තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නෑ

කැබිනට් පේපර් එක දැම්මේ හිටපු ඇමැති ඩිලාන් පෙරේරා සහ බැසිල් රාජපක්‍ෂලු

වංචාවට සම්බන්ධ තුන්දෙනෙක්ට තරු පහේ සම්මාන පවා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දීලා

රැකියා ගිවිසුමක් නැතිවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාන්තාවන් රට යවලා

2015 සහ 2017 අවුරුද්දේ තලතා අතුකෝරල සහ මනූෂ නානායක්කාර වංචාව නීතිගත කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කර රැකියා ඒජන්සි ආයතන තුනකට අවසරත් දීලා

පසුගිය කාලය තුළ අපේ රට ආර්ථික අර්බුදයේ පත්ලටම වැටෙද්දී විදෙස් රටවලින් ණය ආධාර ලැබුණ ද එය ද රටේ ආර්ථිකය යළි ගොඩනැගීමට ප්‍රමාණවත් නොවිණි. එහෙයින් වැටුණු රටේ ආර්ථිකයට යළි ‘හුස්මක්’ දෙන්නට කටයුතු කරන්නේ මෙරටින් විදෙස්ගත වූ ශ්‍රමිකයන්ය. අපේ රටේ ශ්‍රමිකයා ආර්ථික අහේනිකම මැදි වුවද තම දේපළ පවා උකසට තබා විදෙස්ගත වන්නට වූයේ වැටුණු ආර්ථිකයෙන් ගොඩඑන්නටය. තමන්ට හා දරුවන්ට අනාගතයක් නිර්මාණය කර දෙන්නටය. කඩාවැටුණු තාරුණ්‍යයේ හීන යළි මල්ඵල ගන්වන්නටය. පසුගිය කාලයේ ඔවුන් එහි ගොස් මෙරටට යහමින් විදෙස් ප්‍රේෂණ එව්වේය. රටේ වැටුණු ආර්ථිකය යළි සවිබල ගැන්වෙන්නේ ඔවුන්ගේ දහඩිය මහන්සියෙන් කීවාට ද වරදක් නැත.

මෙරටට විදේශ විනිමය එන ක්‍රම කිහිපයක් ඇත. ඒ සංචාරක ව්‍යාපාරය, විදේශ ආයෝජන, අපනයන ආර්ථිකය හා විදෙස්ගත රැකියා මගිනි. මේ කියන කාරණා වලින් ප්‍රධාන කාරණාවක් ලෙස දැක්විය හැක්කේ විදේශයන්හි සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවනු ලබන විදේශ විනිමය ය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද කාර්තුමය වාර්තා අනුව 2022 සහ 2023 වසරවලදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබුණි. ඒ අනුව 2022 වසරේදී විදෙස්ගත ශ්‍රමිකයන් විසින් අපේ රටට ඇමරිකානු ඩොලර් මිලියන 3,789.4ක් එවා තිබුණි. 2023 වසරේදී විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 5,969.6කි. එම වසර දෙක තුළදී අපේ රටට විදෙස්ගත ශ්‍රමිකයන් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 9,759ක් එවා ඇත. එහෙත් අප මේ කියන්නට යන කාරණාව ඔවුන් එවන විදෙස් ප්‍රේෂණ ගැන නම් නොවේ. මේ පසුගිය කාලය තුළ අපේ රටේ ආර්ථිකයට සෘජුවම දායක වූ විදෙස්ගත ශ්‍රමිකයාට මෙරට වගකිවයුතු රජයේ ආයතන හා රැකියා ඒජන්සිකරුවන් සැලකූ අන්දමය. තවත් විදිහට කිව්වොත් ‘රටවිරුවන්ගේ’ පිහිටෙන් වෙනත් පාර්ශ්වයන් මුදල් ගසා කෑ ආකාරය ය.

රටවිරුවන්ට නිවාස ණය දුන්නට ගත් අයගේ තොරතුරු නෑ

පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කෝප් කමිටුව හමුවේ පෙනී සිටියේය. එයට වැඩබලන විගණකාධිපතිවරයා හා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ කළමනාකාර දෙපාර්තමේන්තු නිලධාරීන් හා පාර්ලිමේන්තුවේ කෝප් කමිටු නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් සහභාගී වූහ. එහිදී පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවූ බොහෝ සිදුවීම් රැසකට උත්තර බඳින්නට එම කාර්යාංශයේ නිලධාරීන්ට සිදුවිය. එහි වැදගත්ම සිද්ධියක් වූයේ පසුගිය කාලයේ විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් ‘රටවිරුවෝ’ නමින් හැඳින්වූ නිවාස ණය සහන වැඩසටහනේ සිදුවූ වංචාවන් පිළිබඳව හෙළිවීමය.

සිද්ධිය සැකෙවින් මෙසේය. 2013 වසරේ ජනවාරි කැබ්නට් පත්‍රිකාවක් මගින් අනුමත කරගෙන තිබූ ‘රටවිරුවෝ නිවාස ණය වැඩසටහන’ ගිවිසුම අනුව රු.මිලියන100ක් සමෘද්ධි අධිකාරියේ ස්ථාවර තැන්පතුවක තැන්පත් කර තිබිණි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත 2025 අප්‍රේල් 10 එවා තිබූ ලිපියට අනුව 2024 දෙසැම්බර් 31 දිනට එම මුදල සමුච්චිත පොලිය සමඟ රුපියල් මිලියන 341.7ක් වී ඇත. එහෙත් පුදුමයට කාරණය මෙම ණය වැඩසටහන යටතේ අදාළ ණය මුදල් ලබාදුන්නේ කාටද යන්නද විදේශ සේවා නියුක්ති කාර්යාංශය ද නොදැන සිටීමය. කෝප් කමිටුව හමුවේ එම කාර්යාංශ නිලධාරීන් නිරුත්තර වන්නේ ඒ පිළිබඳව කිසිදු තොරතුරක් ඔවුන් නොදැන සිටීම නිසාය. පසුගිය කෝප් කමිටුවේදී හෙළිවන්නේ එකී මුදල්වලට සිදුවූයේ කුමක්ද එහි පිටුපස සිටින දේශපාලනඥයින් කවුරුන්ද යන්නය. පහත පෙළගැසෙන්නේ කෝප් කමිටුවේ නිලධාරීන් හා කාර්යාංශ නිලධාරීන් අතර ඇතිවූ සංවාදයෙන් කොටසකි.

කෝප් සභාපති – විදේශ සේවා නියුක්ති කාර්යාංශය රුපියල් මිලියන 100ක තැන්පතුවක් ලබාදෙනවා සමෘද්ධි අධිකාරියට. සමෘද්ධි අධිකාරියට කියනවා කාර්යාංශය වෙනුවෙන් නිවාස ණය ලබාදීමේ වැඩසටහනක් කරන්න කියලා එහෙම නේද? ඒ අනුව 2018 කාලය තුළ ඔබ කාර්යාංශයේ කාර්ය භාරය කුමක්ද?

එල්.වයි. පතිරණ (වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි) විදේශ සේවා නියුක්ති කාර්යාංශය – අපේ කාර්යාංශයේ කාර්යභාරය වෙන්න ඕන මේ සඳහා අධීක්‍ෂණයක් සිදුකිරීම.

කෝප් සභාපති – කවුද එතකොට ඒ වගකීම දැරුවේ?

එල්. වයි. පතිරණ (වැ.බ.නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි) – සුබසාධන අංශය තමයි මේකට මැදිහත්වෙලා කටයුතු කළේ.

කෝප් සභාපති – ඔබේ අංශයෙන් තමයි මේ කටයුත්ත මොනිටර් කරන්න ඕන. එතකොට ඔබට හිතෙනවද ඒ කාලය තුළ අදාළ තොරතුරු මොනිටර් කරල තියෙනව කියලා?

එල්. වයි. පතිරණ – ඒක සිද්ධවෙලා නැහැ.

කෝප් කමිටුව – මේ මිලියන සියය සමෘද්ධිය හරහා මේ වැඩේට යොදවන්නේ සමෘද්ධි ඉල්ලීමක් මතද? නැත්නම් කොහොමද?

කෝප් සභාපති – ඇත්තටම මේක කොහෙන්ද මේ ඉල්ලීම එන්නේ? රටවිරුවෝ නිවාස ණය යෝජනා ක්‍රමය ඔබේ යෝජනාවක්ද?

එල්. වයි. පතිරණ (වැ.බ.නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි) – නෑ. මේක කැබිනට් තීරණයක් සමඟ ආපු එකක්. සමෘද්ධි අධිකාරිය එයාලගේ තියෙන මුදල් වලින් මේ ණය දීලා තියෙන්නේ. ඇපයක් විදියට තමයි මුදල තියන් ඉන්නේ.

වැ.බ විගණකාධිපති – මේ මිලියන සියය සමෘද්ධියට දීමත් එක්ක මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න සමිබන්ධීකරණ කමිටුව ස්ථාපිත කළාද?

එල්. වයි. පතිරණ (වැ.බ.නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි) – එම කාලයේදී එහෙම එකක් තිබුණ ද කියන්න මම දන්නේ නැහැ.

සභාපති – මේ පිළිබඳව දැන් අපිට තියෙන අදහස තමයි ගිවිසුම අනුව ව්‍යාපෘතිය යටතේ ණය ලබාදීම පිළිබඳව තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ඉදිරිපත් කර නොතිබුණි කියන එක. එතකොට දැනට ඔබ සතුව ඒ තොරතුරු තිබෙනවාද?

එල්. වයි. පතිරණ (වැ.බ.නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි) – ණය ලබාදීම සම්බන්ධයෙන් අපි අවස්ථා ගණනාවකදීම සමෘද්ධි අධිකාරියට ලිඛිතව ඉදිරිපත් කළා. අදාළ තොරතුරු දෙන්න කියලා. දැන් එයාලටත් ගැටලුවක් තියෙනවා එයාලා ණය දුන්නේ කාටද කියලා නිශ්චිතව හඳුනාගන්න බැරි තත්ත්වයක් සමෘද්ධි අධිකාරියටත් තියෙනවා.

කෝප් කමිටුව – සාමාන්‍යාධිකාරිතුමා, ඔබතුමාට අදහසක් තියෙනවද කී දෙනෙක්ට මේ සල්ලි දුන්නද කියලා. මොකද මේ රටවිරුවෝ කියල කැම්පේන් එකක් නේ කළේ.

ප්‍රියන්ත සේනානායක (සාමාන්‍යාධිකාරි විදේශ සේවා නියුක්ති කාර්යාංශය) – සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධිකාරිවෙත ගිහිල්ලා ඒකෙ ඩීජී එක්ක කතා කරලා අපි ඉල්ලුවා අපේ මුදල නිදහස් කරන්න. නැත්නම් ණය දීපු අය පිළිබඳව අපිට වාර්තා දෙන්න කියලා. ඔවුන් වාර්තා දෙන්න පොරොන්දු වුණා එවනවා කියලා. නමුත් ඒ වාර්තා අපට ලබාදුන්නේ නෑ.

කෝප් සභාපති – දැන් අපි ඇහුවම කරුණු ඉදිරිපත් කරනවා. හරිම ලස්සනයි. ඒත් වගකීම නෑ. මම කියන්නේ මිලියන සියයක් තැන්පත් කරලා ඒක දුන්නේ මොකටද කියලවත් හොයල බැලුවේ නැතිව ඉඳලා පස්සේ ඒක ගන්න තියෙන දවස් පවා පසුවෙලා. 2018 ඉඳන් 2025 තමයි අපි මේ කතා කරන්නේ. 2024 දෙසැම්බර් 31 වැනිදාට මිලියන 341.7කුත් තියෙනවා කියලත් අපි අහන්නේ මේ දක්වා සිදුවූ කාර්ය භාරය මොකක්ද කියලා.

පා.මන්ත්‍රී නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර – මෙතන තියෙන්නේ සල්ලි සම්බන්ධ ප්‍රශ්නයක්ම නෙවෙයි. ප්‍රශ්නය 2013 දී තමයි මේක ඉදිරිපත් වෙන්නේ. 2018දී මේක අවලංගු වෙනවා. එතකොට මේ ක්‍රියාවලිය තුළ ගෙවල් හදන්න හෝ අලුත්වැඩියා කරන්න සිදු කළා ද කියන එක අපි දන්නෙ නැහැ. ඒකේ ප්‍රතිලාභීන් ඉන්නවද කියල තොරතුරු නෑ. හැබැයි රටවිරුවෝ කියල තමයි වැඩසටහන නම් කරල තියෙන්නේ. ඒත් ඒ අරමුණට ගිහින් නැහැ.

කෝප් සභාපති – තොරතුරු ලැබිලා නැහැ කියන්නේ අදාළ අරමුණට ගිහින් නැහැ.

කෝප් කමිටුව – කැබිනට් පේපර් එක කාගෙද? ඒක දැම්ම ඇමැතිවරු කවුද කියල අපට දැන ගන්න පුළුවන්ද?

ප්‍රියන්ත සේනානායක (සාමාන්‍යාධිකාරි විදේශ සේවා නියුක්ති කාර්යාංශය) – ඩිලාන් පෙරේරා සහ බැසිල් රාජපක්‍ෂ

සමන්මලී ගුණසිංහ – මේ සල්ලි වලින් දේශපාලනඥයින්ගේ හිතවතුන් වාහන අරන් තියෙනවා. තම තමන්ට ඕන දේවල් කරගෙන තියෙනවා. හැබැයි මේක ගිහින් තියෙන්නේ රටවිරුවන්ගේ වැඩසටහනක් කියලයි. මේ මුදල් යොදවපු ආයතනයක් විදිහට අපට හිතෙන්නේ හොයාබලන්න ඕන නේද? හැබැයි 2025.04.10 ක්‍රියාත්මක වෙලා තියෙනවා මුදල් ගන්න. මේ ව්‍යාපෘතිය මොකක්ද ඇත්තටම ණය දුන්නද දුන් අයගේ නම් මොනවද කියලා හොයා බලන්න අධ්‍යක්‍ෂක මණ්ඩලයේ වගකීමක්. ඩිලාන් පෙරේරා හා බැසිල් රාජපක්‍ෂ කියන මේ දෙන්න තමයි මේක කරල තියෙන්නේ. අපි අහන්නේ කාටද මේවා දුන්නේ කියලයි.”

ඒ අනුව හෙළිවන්නේ පසුගිය කාලය තුළ රටවිරුවෝ යැයි කියාගත් ණය වැඩසටහන පිටුපසද වාසි ලබාගත් පිරිසක්ද සිටින බවය. එම වැඩසටහන යටතේ ණය මුදල් ලබාගත් අය පිළිබඳව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ ද තොරතුරු නැත. එම කමිටුවේදී අනාවරණය වන්නේ පසුගිය කාලය තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ පිළිබඳව සොයා නොබැලූ බවකි. එහෙත් මේ කියන ‘රටවිරුවෝ’ නිවාස ණය සහන වැඩපිළිවෙළ යටතේ ජනතා මුදල් කොල්ල කෑවේ කවුරුන්ද යන්න දැන් හෙළිවී හමාරය. ඒ විතරක් නොවේ, හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට යැයි කියා කෝප් කමිටුවේදී යළි හෙළිවන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය කාලය තුළ සිදුවූ වංචාවන් ය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයටත් පැමිණිලි

කෝප් කමිටුවේදී එහි සභාපතිවරයා කියන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිළිබඳව මේ වනවිට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී තිබෙන බවය. පසුගිය කාලයේ එහි සිදුවූ මහා පරිමාණයේ වංචාවක් පිළිබඳව විදේශ සේවා නියෝජිත ආයතනයක සේවය කළ විජය උදුපිටිය පසුගියදා කෝප් කමිටුවේදී හෙළිදරව්වක් ද කළේය. මේ එහිදී ඔහු හෙළිකළ කතාවය.

“මම අවුරුදු තිස්පහක් තිස්සේ බලපත්‍රලාභියෙක්. මම 2000 අවුරුද්දේ විදේශ සේවා නියුක්ති නියෝජ්‍ය ආයතනයේ සභාපති වෙලා හිටියා. 2014-2017 දක්වා ඒකෙ ලේකම් වෙලා හිටියා. ඒ ඉන්න කාලය තුළ මට හිතාගන්න බැරි වංචාවක් හෙළිකරගන්න පුළුවන් කම ලැබුණා. ඒක මම මෙහෙම හෙළිකරන්නම්. රට යන අය ඉස්සර තිබුණා වර්ග දෙකකට බෙදලා. ඒත් දැන් වර්ග තුනකට බෙදන්න පුළුවන්. ඉස්සර තිබුණේ ඒජන්සි වලින් රැකියා සොයාගත්ත අය සහ පුද්ගලික මාර්ග වලින් රැකියා සොයා ගත්ත අය. දැන් ඒක ක්‍රම තුනක් වෙලා. මේ ආණ්ඩුව යටතේ බියුරෝ එකත් බිස්නස් කරනවා. එයාලත් මිනිස්සු පිටරට යවනවා. ඒජන්සි ආයතනය රැකියාවක් සපයනු ලැබ ඇත්නම් ඒ අයට නැවත සියයට හැත්තෑවක් නැවත ප්‍රතිපූරණය කරනවා. ඒ අය ආදායම් බද්දෙන් නිදහස්. බියුරෝ එකෙන් හා පුද්ගලික මාර්ගයෙන් රැකියා සොයා ගත්තහම ඒ මුදල් අයිති වෙන්නේ බියුරෝ එකටයි. ඒජන්සි ආයතන 17ක් 2012 ඉඳන් පුද්ගලික මාර්ග වලින් රැකියා සොයාගන්නා අය තමන් විසින් රැකියා සපයනු ලැබුවා කියා කූට ලේඛන හදලා බියුරෝ එකේ ලියාපදිංචි කරලා. එහෙම කරලා 70%ක මුදල ගත්තා. මම ඒ ආයතනවල වෙබ් එක පරීක්‍ෂා කළා. එතකොට මට දැනගන්න ලැබුණා එක්තරා වෙබ් එකක වාර්තාවක්. ඒ සංඛ්‍යාලේඛන වාර්තාවේ සංඛ්‍යාලේඛනඥයින් පුදුමසහගත සටහනක් තබා තිබුණා මේ ලේඛන වාර්තාව සියයට වැඩියෙන් රට යවපු අයගේ වාර්තාව වුණත් 2012 අවුරුද්දේදී එක ආයතනයක් හාරදහස් හයසිය හැත්තෑදහසක් රට යවලා. 2013 අවුරුද්දේදී දහදහස් තුන්සිය විසි එකක් රට යවලා තියෙනවා ඇයි මේ කියලා. පස්සේ මේ සංඛ්‍යාලේඛන වාර්තාව අන්තර්ජාල වෙබ් අඩවියෙන් අතුරුදන් වෙනවා. ඒකට හේතුව මේක මහජනයා දකී කියලා. මේ සම්බන්ධයෙන් සමීක්‍ෂණ කරගෙන යනකොට 2015 සහ 2017 අවුරුද්දේ තලතා අතුකෝරල සහ මනූෂ නානායක්කාර ඉදිද්දී එයාලා මේ වංචාව නීතිගත කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරලා ඒජන්සි ආයතන තුනකට අවසර දුන්නා. ඒ ආයතන සඳහා නිකුත් කළ රහසිගත චක්‍රලේඛය රුපියල් විසිපන්දහසක් ගෙවලා අපි ලබාගත්තා.

එතකොට හිටියේ නන්දපාල වික්‍රමසේකර කියලා සභාපති කෙනෙක්. මම ඒකට පැමිණිල්ලක් ඉදිරිපත් කළා අමාත්‍යාංශයේ ලේකම්ට. ඔහු පත්කළා අමාත්‍යාංශයේම සී. යූ. විජේසිංහ මහත්තයව. එතුමා ඒ ගැන සම්පූර්ණ පරීක්‍ෂණයක් කරලා අදාළ ඒජන්සි ආයතන තුනෙන් මිලියන එකසිය විසිතුනක් අයකරගන්න කියලා වාර්තාවක් පවා නිකුත් කළා. ඒත් අද වෙනකන් අයකරගත්තේ නැහැ. මට මේ වාර්තාවේ පිටපතක් දුන්නේ නැහැ විදේශ සේවා නිලධාරීන්. මට පස්සේ ආර්ටීඅයි එකට පැමිණිලි දාන්න වුණා. කොවිඩ් නිසා ප්‍රමාදවෙලා 2022 අන්තිම මාසේ තමයි වාර්තාව ලැබුණේ. එතකොට මේ වංචාවට සම්බන්ධ තුන්දෙනෙක්ට තරු පහේ සම්මාන පවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් දෙනවා. වංචාව කරල ඔප්පු අයට තරුපහේ සම්මාන දීලා අදටත් ඒ අයගේ කාර්යාලවල මේ තරුපහ ගහගෙන ඉන්නවා. මම පස්සේ බියුරෝ එකට විරුද්ධව නඩු දැම්මා ඇපල් උසාවියේ. මිලියන එකසිය විසිතුන අයකරගන්න රට වෙනුවෙන්. දීපු තරු පහ අවලංගු කරන්න කියලා. මම ඒකට විරුද්ධත්වය ප්‍රකාශ කළාම සේනානායක මහත්තයා මට ලිපියක් එවනවා ඔහු උසාවියෙන් වරද කරුවෙක් වී නැති නිසා අපේ ක්‍රයිටීරියා බීට් (නිර්ණායක අභිබවා) ගිය නිසා ඔහුට තරු පහක් දුන්න කියලා. නමුත් පනතේ තියෙන්නේ උසාවියකින් වරදකරුවෙකු වුණා කියල නොවෙයි මේ පනත හැදුවේ හිරේ දාන්න නොවෙයි. මිනිස්සුන්ට රැකියා සපයන්නයි. වැරදිවලට හිරේ දාන අවස්ථාත් තියෙනවා. නමුත් පනතේ යම් කිසි වගන්තියක් කඩකරල නම් ඒ යටතේ ඔහුට බලපත්‍ර හා සම්මාන නොදිය යුතුයි. ඒ යටතේ තමයි මම මේ නඩුව දැම්මේ. දූෂණ විරෝධී අලුත් ආණ්ඩුවක් ආව නිසා මම නඩුව අයින් කරගත්තා. ඒත් කෝප් කමිටුව හරහා ඒ අයට නිසි දඬුවම් ලැබේවි.”

ඔහු කියන ආකාරයට මේ කියන ජාවාරම්වලට විදේශ සේවා නියුක්ති කාර්යංශය ද සම්බන්ධය. එහි සේවය කරන ඇතැම් නිලධාරීන් ද පවතින නීතියට වංගු දමමින් ව්‍යාජ ලිපිලේඛන සකස් කරමින් කරන්නේ තනිකරම බිස්නස් එකකි. පසුගිය කාලය තුළ එසේ ව්‍යාජ ලේඛන පවා සාදමින් ඔවුන් අපේ රටේ ශ්‍රමිකයන් රට යවා පොහොසත් වූ බව කීමට විදේශ සේවා නියුක්ති ආයතනය පිළිබඳව ලැබෙන පැමිණිලි හා උදුපිටිය මහතාගේ කතාව හොඳටම ප්‍රමාණවත්ය. ඒ විතරක් නොව පසුගිය කාලය තුළ විදේශ සේවා අමාත්‍යාංශය භාරව කටයුතු කළ දේශපාලනඥයින්ද කටයුතු කොට ඇත්තේ විදෙස් රැකියා හොර ඒජන්සිකරුවන්ට අදාළ වංචාවන් නීතිගත කිරීම සඳහා චක්‍රලේඛයන් පවා නිකුත් කිරීමය. තවද කෝප් කමිටුවේදී අනාවරණය වන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමාන් රාජ්‍යයට සංචාරක වීසා මත රැකියා ගිවිසුමක්ද නොමැතිව රැකියා සඳහා ගෘහසේවිකාවන් යැවීමකි. එසේ ගිය කාන්තාවන් බොහෝ පිරිසක් අද අසරණය. රැකියා විරහිතය. කෝප් කමිටුවේදී හෙළිවන්නේ විදෙස් රැකියා සඳහා ගෘහසේවයට කාන්තාවන් යැවීමේදී පුහුණුව, ලියාපදිංචි කිරීම, තෝරාගැනීමේ ක්‍රමයද නිසි ක්‍රමවේදයට නොවුණු බවය. එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දුර්වල නියාමනය නිසා විශාල ශ්‍රමිකයන් පිරිසක් විදෙස් රටවල් රැකියා නොමැතිව අපහසුතාවයට පත්වී ඇති බව කියන්නේද අප නොව කෝප් කමිටුවේ විගණකාධිපතිවරයා ය.

රමින්ද මාවතගේ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
විශේෂාංග

පළාත් පාලනයේ දී සක්‍රීය පුරවැසි සහභාගිත්වය

විශේෂාංග

නිල්ගල ඇතුළු වනාන්තර 5 ක් රක්‍ෂිත බවට පත්වෙයි….

විශේෂාංග

කොතලාවල වාරණය රටට අවාසියකි

විශේෂාංග

හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමි ඇතුඵ හිමිවරුන් 31 නමක් ඝාතනය වී අදට වසර 38යි

විශේෂාංග

මහින්දාගමනයෙන් ඔපවත් වූ සිංහල සංස්කෘතිය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok