Monday, 2 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: ශ්‍රී ලංකාවට වැඩිම වර්ෂාපතනයක් දෙන නිරිත දිග මෝසම
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 2 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: ශ්‍රී ලංකාවට වැඩිම වර්ෂාපතනයක් දෙන නිරිත දිග මෝසම
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
විශේෂාංග

ශ්‍රී ලංකාවට වැඩිම වර්ෂාපතනයක් දෙන නිරිත දිග මෝසම

2 days ago
75 Views

ලංකාව යනු නිවර්තන කලාපීය දේශගුණයක් පවතින රටකි. එම නිසා නිරන්තරයෙන්ම ඇද හැලෙන වර්ෂාවෙන් නම් කිසිදු අඩුවක් නොමැති බව අපි දන්නා කරුණකි. එහෙත් ලංකාවට වැසි සක්‍රීය වන්නේ උතුරින් පිහිටි බෙංගාල බොක්කෙහි පවතින පීඩන වෙනස්කම් හේතුවෙනි. මෙලෙස ඇදහැලෙන වර්ෂාව ආකාර දෙකක් යටතේ ශ්‍රී ලංකාවට සක්‍රීයව පවතී. වර්ෂාව ලංකාවට නුපුරුදු දෙයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් ලබාදෙනු ලබන්නේ නිරිතදිග මෝසම තුළිනි. මෙහිදී මැයි සිට සැප්තැම්බර් දක්වා මාස 05ක කාලයක් වර්ෂාව සක්‍රීයව පවතී. එලෙස ලබාදෙන වර්ෂාව අධිකය. ඊට හේතුව වන්නේ ජල වාෂ්ප අධික ඉන්දියන් සාගරය හරහා එම ජලවාෂ්ප රට තුළට ඇතුළු වීමයි. මෙය නිවර්තන මෝසම ලෙස හඳුන්වයි. දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාල පරිච්ඡේදයක් තුළ ලබාදෙන වර්ෂාපතනය වන්නේ ඊසාන දිග මෝසම් වර්ෂාවයි.

මේ දිනවල බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු වේ.

මෙම වැස්ස රටේ කෘෂිකර්මාන්තයට විශාල දායකත්වයක් ලබා ලබාදෙනවා වගේම එහිදී තෙත් කලාපයේ ගොවිතැන් කටයුතුවලට අත්‍යවශ්‍ය ජල සම්පත ලබාදෙන ස්වභාවික පාරිසරික ක්‍රියාවලිය වන්නේ මෙම නිරිත දිග මෝසම් වර්ෂාවයි. මැයි මස සිට ඔක්තෝබර් මුල් සතිය සහ දෙවන සතිය දක්වා පවතින වැසි තුන්වෙනි සතිය තුළ ක්‍රමයෙන් අඩු වී යයි. මෙම වර්ෂා ජලය රැක නොගත්තොත් ගොවිතැන් කටයුතුවලට බරපතළ ලෙස බලපානු ලබයි.

මෝසම් වැසි මගින් අයහපත් තත්ත්වයන්ද ඇති වේ. අධික වැසි සහ ගංවතුර තත්ත්වයන් නිසා ගමනාගමන හා දෛනික කටයුතුවලට මෙමගින් බලපෑම් එල්ල වේ. කඳුකර ප්‍රදේශවල බරපතළ වැසි නිසා පස් කඳු කඩාවැටීම් ඇතිවීම සහ තද සුළං සහ තද වැසි නිසා විදුලිය ඇනහිටීම හා සන්නිවේදන පද්ධතීන්ට බාධා පමුණුවනු ලබයි. මෙහිදී සෞඛ්‍යමය වශයෙන් අධික වර්ෂාපතනය නිසා ජලයෙන් ව්‍යාප්ත වන රෝග එනම් ඩෙංගු වැනි මාරාන්තික රෝග වැඩිවීමේ අවධානමක් පවතී.

අධික වර්ෂාවෙන් ආරක්ෂාවීම සඳහා පිරිසිදු ජල මූලාශ්‍ර භාවිත කිරීම හා ඒවා ආවරණය කර තැබීම, නිවෙස් වටා ජලය ගලා යෑමට පහසු මාර්ග සකස් කිරීම, නායයෑම් සහිත ප්‍රදේශවලින් ඉවත්වීම, තද වැසි සහිත වේලාවල විදුලි උපකරණ භාවිතයෙන් ඉවත්වීම, වැසි ජලයේ හෝ ගංවතුරේ ඇවිදින විට ප්‍රවේශම්වීම, උණ කැස්ස ආදී රෝගී තත්ත්වයන් හඳුනාගතහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ආදිය සඳහා යොමුවිය යුතුය.

මේ වනවිට ශ්‍රී ලංකාවට බලපාන මෝසම් වැසි තත්ත්වය නිසා ඇතිවන තත්ත්වයන් මඟහරවා ගැනීමට ඒවාට සූදානම්ව අවධානයෙන් හා වගකීමෙන් කටයුතු කළ යුතුය. එහිදී අදාළ බලධාරීන්ගේ උපදෙස් අනුව ක්‍රියා කිරීම, ආරක්ෂිත ස්ථාන කරා ගමන් කිරීම, සහන උපකරණ සූදානම් කරගැනීම හා අන් අයකුට උපකාර කිරීමට වගේම ස්වයං ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතුය. මෙවැනි කරුණු තුළින් මෝසම් වැසි මගින් ඇති කරනු ලබන ව්‍යසනයන්ගෙන් ආරක්ෂා වී ආපදා අවම කරගත හැකිය.

හංසිනී හල්විතාන
ජනසන්නිවේදන අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

1 day ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

1 day ago

සිකුරු කුජගේ නිවසට

1 day ago

72 වැනි ලෝක රූ රැජින  තායිලන්තයෙන් 

1 day ago

අලුත් කොවිඩ් දොරකඩටම!

1 day ago
Related News
විශේෂාංග

කොතලාවල වාරණය රටට අවාසියකි

විශේෂාංග

හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමි ඇතුඵ හිමිවරුන් 31 නමක් ඝාතනය වී අදට වසර 38යි

විශේෂාංග

මහින්දාගමනයෙන් ඔපවත් වූ සිංහල සංස්කෘතිය

විශේෂාංග

උපසපන් භූමියේ අඩසිය වස සපුරන අටමස්ථානාධිපති නාහිමියෝ

විශේෂාංග

ජාජබ ආණ්ඩුවේ IMF අභියෝගය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok