Monday, 2 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: ලන්ඩන් නුවර එදා දුටු සුල්තාන්ගේ අලියා අතුරුදන්වීම
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 2 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: ලන්ඩන් නුවර එදා දුටු සුල්තාන්ගේ අලියා අතුරුදන්වීම
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
විශේෂාංග

ලන්ඩන් නුවර එදා දුටු සුල්තාන්ගේ අලියා අතුරුදන්වීම

5 days ago
72 Views

වර්ෂ 1979 දී අධ්‍යක්ෂ ජීන් – ලුක් කොකෝල්ට් විසින් ආරම්භ කරන ලද ප්‍රංශයේ ප්‍රමුඛතම වීදි කලා සංගමයකි “රාජකීය ද ලක්ස්” (Royal De Luxe) 2005 වර්ෂය වන විට ඔවුන් ලොව පුරා සංදර්ශන පවත්වා තම දස්කම් පෙන්වා ඇති අතර “අහසින් වැටුණු යෝධයා” නමින් අඩි 40ක් උස යෝධ රුවක් සහිතව කාලයිස් සහ බාසිලෝනා නගරවලදී ඉදිරිපත් කරන ලද සංදර්ශන ඔවුන්ගේ හැකියාවන් පෙන්වීමක් විය. “ජූල්ස් වර්න්” ගේ “ලොව වටා දින 80ක්” වැනි කථාවල් අනුකරණය කරමින් ඔවුන් රට රටවලදී විවිධාකාර සිත්ගන්නාසුලු සංදර්ශනයන් කිහිපයක්ම පවත්වා ඇත.

ප්‍රංශ ජාතික සාහිත්‍යධරයකු වූ “ජූල්ස් වර්න්” ගේ මරණයෙන් සියවසක් සැමරීම සඳහා විශාල සදර්ශනයක් පැවැත්වීමට රාජකීය ද ලක්ස් කණ්ඩායම තීරණය කළ අතර ප්‍රංශ සංස්කෘතික හා සන්නිවේදන අමාත්‍යාංශය සහ ප්‍රංශ නගරයන් වන නැන්ටෙස් සහ එමියන්ස් විසින් මෙය ප්‍රදානයක් වශයෙන් ලන්ඩන් නගරයට ලබාදෙන ලදී.

මෙම විශාල සංදර්ශනය ඔවුන් විසින් නම්කර තිබුණේ “සුල්තාන්ගේ අලියා” (Sultan’s Elephant) යන නමිනි. යාන්ත්‍රික අලියකු පිටඋඩ නැඟී කාලතරණය කරන සුල්තාන්වරයා සහ ඔහුගේ පිරිවර සමග ළමයින් සහ වැඩිහිටියන් සඳහා සුරංගනා කථා සිදුවීමක් මෙයින් නිරූපණය කිරීම ඔවුන්ගේ අදහස විය.

සුල්තාන්වරු යනු ක්‍රි.ව. 997ත් 1030ත් අතර කාලය තුළදී ඉන්දීය රාජ්‍යයන් අල්ලාගත්, මධ්‍යම ආසියාවෙන් පැමිණි මුස්ලිම් පාලකයන් පිරිසකි. දිල්ලි සුල්තාන් නමින් ක්‍රි.ව. 1206 සිට 1210 දක්වා ඉන්දියාවේ දිල්ලි ප්‍රදේශය පාලනය කළ “කතබ් අල් – දීන් අයිබත්” පළමු සුල්තාන්වරයා විය. ඉන්පසු බොහෝ සුල්තාන් රාජවංශ බිහිවිය. මොවුන් විශාල ඉඩම් ප්‍රමාණයකට හිමිකම් කියූ ධනවතුන් වූ අතර, එම ධනය අතර අලි ඇතුන් ප්‍රධාන තැනක් ගනී. ඉංග්‍රීසීන්ගෙන් මුදාගත් නිදහස් ඉන්දියාවක් බිහිවූ පසු මෙම සුල්තාන් රාජධානි නැති විය. සුල්තාන්වරු ජීවත්වූ දැවැන්ත මාලිගා අද සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයන් බවට ද පත්වී ඇත. ඔවුන්ගේ සමහර නිවාස සංචාරක හෝටල් වශයෙන් ද වර්තමානයේ පවතී.

සුල්තාන්ගේ අලියා සැලසුම් කළේ ප්‍රංශුවා ඩෙලරොසියර් විසිනි. එය වැඩිපුරම සැහැල්ලු ලී වලින් සාදන ලද අතර හයිඩ්‍රොලික් උපමාරු යන්ත්‍ර 22ක් විසින් ක්‍රියාත්මක වන විදියට සකස් කර තිබුණි. වර්ග මීටර් 56කට වඩා වැඩි ප්‍රමාණයක් වානේ ඉළඇට සමග සම්බන්ධ කර අලියාගේ ශක්තිමත් ඇටසැකිල්ලක් නිර්මාණය කළේය. චලනය වන සියගණන් කොටස් සඳහා ස්ප්‍රීන් සහ විදුලි මෝටර් මෙයට සවිකර තිබුණි. මෙම අලියාගේ පිට මත සුල්තාන් සහ ඔහුගේ පිරිසට රැඳීසිටීමට මනරම් වේදිකාවක් සකස්කොට තිබූ අතර, අලියාගේ බඳ දෙපස ප්‍රදේශය සුල්තාන්වරයකුගේ මන්ධීරයක් ලෙස නිරූපණය කර තිබුණි. අලියා ටොන් 42 ක් බර වූ අතර එය අප්‍රිකානු අලින් 7 දෙනකුගේ බරට සමානය.

අලියාගේ ඇස් ගැහෙන ලෙසත් කන් දෙක සොලවන ලෙසත් සකස් කර තිබූ අතර කම්මුල්, නිය සැබෑ අලියකුගේ හම රැළි වැටුණු ස්වරූපය ගත්තේය. මෙම යාන්ත්‍රික අලියා මෙහෙයවීම සඳහා විශේෂිත රථයකට සම්බන්ධ කර තිබූ අතර අලියා මෙහෙයවන ශිල්පීන් එය තුළත්, අලියාගේ ශරීරයේ යම් යම් ස්ථානවලත් රැඳී සිටියේය. එකල මෙහි ඇස්තමේන්තුගත වියදම වූයේ මිලියන 9කි.

මෙම “සුල්තාන්ගේ අලියා” සංදර්ශනය ලන්ඩන් නගරයේදී පැවැත්වීමට ලන්ඩනයේ “ආටිචොක්” (Artichoke) ආයතනය වසර 7ක් තිස්සේ රාජ්‍ය බලධාරීන් සමග රහසිගතව සැලසුම් කරමින් සිටියේය. ඔවුන්ගේ මෙම ව්‍යාපෘතියට අරමුදල් සපයනු ලැබුවේ එංගලන්ත කලා මණ්ඩලය, ලන්ඩන් සංවර්ධන ඒජන්සිය, පුද්ගලික අරමුදල් සපයන්නන්, වෙස්ට්මිනිස්ටර් නගර සභාව, ලොතරැයි පදනම සහ තවත් බොහෝ ආයතන විසිනි. රාජකීය උද්‍යාන, මෙට්‍රොපොලිටන් පොලිසිය, ලන්ඩන් ප්‍රවාහන සේවය, බැටර්සී බලාගාරය, ග්‍රේන්ජ් හොටෙල් ආදියේ සහාය ලැබූ අතර මෙහි සජීවී ප්‍රචාර සහ මූලික ප්‍රචාරක කටයුතු කරන ලද්දේ B.B.C. ලන්ඩන් සේවාව විසිනි. ලන්ඩන් අශ්ව ආරක්ෂක පෙළපාලියේ විසිර යෑමේ උත්සව දිනය මෙය පැවැත්වීමට නියමිත දිනය වූ අතර සම්ප්‍රදායානුකූලව එම උත්සවය පැවැත්වෙන ට්‍රැෆල්ගර් චතුරශ්‍රයෙන් මෙහි පළමු පියවර ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි. ලන්ඩන් අශ්ව ආරක්ෂක බළකාය මෙම සංදර්ශනය මෙහෙයවීම භාරගෙන තිබිණි.

ලන්ඩනයේ අශ්ව ආරක්ෂක බළකායේ විසිර යෑමේ පෙළපාලිය යනු එංගලන්තයේ රජුගේ හෝ රැජනගේ ආරක්ෂක අශ්ව බළකායේ වාර්ෂික උත්සවයයි. 17 වන සියවසේ සිට පැවැත එන මෙය පවත්වන ප්‍රදේශයේ පෙළපාලි හා විවිධ උත්සව පවත්වයි.

ජූල්ස් වර්න්ගේ මරණය සිදුවී සියවසක් ගෙවෙන 2005 වර්ෂයේදී මෙය පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එංගලන්තයේ ලන්ඩන් අගනගරයේ උමං දුම්රිය මධ්‍යස්ථානයේ දුම්රියක් තුළදී සහ ට්‍රැවිස්ටොක් චතුරශ්‍රයේ දෙමහල් බස් රථයක් තුළදී 2005 ජූලි මස 7 වැනිදා උදෑසන 8.49ත් 9.47ත් අතර සිදුවූ විශාල බෝම්බ පිපිරීමකින්, මරාගෙන මැරෙන ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායමක බෝම්බකරුවන් 4 දෙනකු ඇතුළු මරණ 56ක් සිදුවී 784 දෙනකුට තුවාල සිදුවීම නිසා මෙම සංදර්ශනය දින නියමයක් නොමැතිව කල්දැමීමට සිදුවිය. මෙම ප්‍රහාරය නිසා ලන්ඩන් නුවරවාසීන් බියෙන් සලිත විය.

නගරවාසීන් ඉන්පසු තම දෛනික කටයුතුවල යෙදුණේ ද බොහෝ බිය සැක ඇතිවය. සසල වී ගිය ජනතාවගේ මනස නිසල කර එය යථා තත්ත්වයට ගෙනඒමත් මෙවැනි විශාල සංදර්ශනයකට ඔවුන්ව කැඳවා ගැනීමත් සංවිධායකවරුන්ට විශාල ගැටලුවක් විය. මෙය පැවැත්වීමට නියමිතව තිබුණේ 2005 සැප්තැම්බර් 5 වැනිදාට වූ නමුත් එය 2006 වර්ෂය දක්වා කල්දැමූ අතර පූර්ව ප්‍රචාරක ක්‍රම සියුම් ලෙස කරමින් ජනතාවගේ බිය සැක නැති කිරීමට සංවිධායක මණ්ඩලයට බොහෝ කාලයක් ගත විය.

“සුල්තාන්ගේ අලියා” නම් මෙම විශාල නිදහස් රඟහල ලන්ඩන් වීදි දිගේ සහ ට්‍රැෆල්ගර් චතුරශ්‍ර භූමියේ පැවැත්වෙන බවට එම දිනය ළංවීමට සති දෙකකට පෙර ලන්ඩන් ප්‍රවාහන සේවාව මගින් ජනතාව දැනුවත් කළේය. එය රූපවාහිනිය හරහා ද ප්‍රචාරය විය.

2006 වර්ෂයේ මැයි මස 4 වැනි බ්‍රහස්පතින්දා උදෑසන ලන්ඩනයේ පෝල්මාල් අසල පදිකවේදිකාව ආසන්නයේ දුම් දමන විශාල රොකට්ටුවක් කඩාවැටී තිබුණි. එම යානය කඩාවැටීම නිසා පාරේ තාර තට්ටුවක් ද ගැලවී ගොස් තිබිණ. මේ වනවිට රාජකීය අශ්වාරෝහක බළකායේ භටයන් සහ ලන්ඩන් පොලිස් සේවය විසින් මෙයට ආරක්ෂාව ලබාදී තිබූ අතර, කුතුහලයට පත් ලන්ඩන් වැසියන් මේ සිදුවන්නේ කුමක්දැයි බැලීමට රැස්වී සිටියහ. සවස් වනවිට එම රොකට්ටුවේ උඩ කොටස අශ්වාරෝහක බළකාය විසින් දොඹකරයක් මගින් ඉවත් කරන ලද අතර නගර වැසියන් දුටුවේ රොකට්ටුවේ පහළ කොටසේ සිටි යුද අහස්යානා පදවන නියමුවන් පලඳින විශාල කණ්ණාඩියක් පැලඳ සිටින කුඩා දැරියකගේ යෝධ රූපයකි. මීටර් 5.5ක් (අඩි 18ක්) උස එම යෝධ ළමා රූපය දොඹකරයක් මගින් ඔසවා රොකට්ටුවෙන් ඉවතට ගෙන “මැරියොනෙට්” එකකට සවිකරන ලදී.

“මැරියොනෙට්” (Marionette) යනු වයර් හෝ නූල් භාවිතයෙන් ඉහළ සිට පාලනය වන රූකඩය හඳුන්වන නමයි. ප්‍රංශ භාෂාවෙන් මැරියොනෙට් යන්නෙහි තේරුම “පුංචි මේරි” යන්නයි. ප්‍රංශයේ මධ්‍යකාලීන යුගයේ දී බයිබලයේ සඳහන් සිදුවීම් නිරූපණය කිරීම සඳහා නූල් රූකඩ බොහෝ විට භාවිතා කරන ලද අතර, කන්‍යා මරියතුමිය ජනප්‍රිය චරිතයක් වූ බැවින් ඒ නම ලැබුණි. මුල්ම චරිතය වූයේ “වර්ජින් මේරි”ය. ප්‍රංශයේදී මැරියොනෙට් යන වචනය ඕනෑම ආකාරයක රූකඩයක් හැඳින්විය හැකි අතර, වෙනත් රටකදී එය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ නූල් රූකඩ යන නමිනි.

මැරියොනෙට් එකේ ආධාරයෙන් ලන්ඩන් වීදි දිගේ ඇවිද ගිය මෙම දැරිය සුල්තාන්ගේ සිහිනවල සිටි දැරියයි. ජනතාව ටිකෙන් ටික දැරිය පසුපස ගමන් ගත්තේය. කුඩා දරුවන්ට මෙය පුදුම සහගත විනෝදයක් විය. මෙම යෝධ රූකඩ දැරියගේ ගමන පාලනය කරනු ලැබුවේ ප්‍රංශ “රාජකීය ද ලක්ස්” ආයතනයේ ශිල්පීන් සමග ලන්ඩනයේ “රාජකීය අශ්වාරෝහක බළකාය” විසිනි. වීදි දිගේ ඇවිදගිය දැරිය ඉන්පසු ලන්ඩන් A.P.D මාර්ගෝපදේශක තට්ටු දෙකේ බස් රථයක උඩ තට්ටුවේ වාඩිවී ලන්ඩන් නගරය වටා යන සංචාරක ගමන ආරම්භ කළේය. (මෙම බස් රථවල උඩ තට්ටුවේ වහල සම්පූර්ණයෙන්ම ගලවා දමා ඇති අතර එය එසේ කර ඇත්තේ සංචාරකයන්ට අවට සිරි නැරඹීමටය) මෙම දැරියගේ ලන්ඩන් චාරිකාව නගර වැසියන්ට අමුතුම අත්දැකීමක් විය.

මේ අතර ලන්ඩනයේ බැටර් සී බලාගාරයේ රඳවා සිටි මීටර් 11.2 (අඩි 36.7) ක් උසැති සුල්තාන්ගේ අලියා තම පිට මත සුල්තාන් සහ ඔහුගේ පිරිවර තබාගෙන ලන්ඩනයේ වීදි දිගේ ගමන් ගත්තේ ලන්ඩන් “රාජකීය අශ්වාරෝහක බළකායේ” සහාය සහ ප්‍රංශ “රාජකීය ද ලක්ස්” කාර්මික ශිල්පීන්ගේ මෙහෙයවීම යටතේය. අලියා දැරිය සොයමින් ගමන් ගත් අතර ජනතාව අලියා පසුපස යමින් එය ඡායාරූපයට නඟමින් තම ෆේස්බුක් හරහා වෙනත් අයව දැනුවත් කරමින් යන අයුරු ද දැකගැනීමට හැකිවිය.

සුල්තාන්ගේ අලියා නම් වූ මෙම දැවැන්ත එළිමහන් සංදර්ශනය නැරඹීම සඳහා එතෙක් ලන්ඩන් නුවරට එක් රොක් වූ විශාලතම ජනතාව මිලියනය ඉක්මවා ගිය බවට වාර්තා වේ. මෙම සංදර්ශනය මගින්, ලන්ඩන් බෝම්බ පිපිරීම නිසා මුලුගැන්වී සිටි ජනතාවගේ බිය නැති කර ඔවුන්ව සාමාන්‍ය ජීවිතයට හැඩගැස්වීම සිදුවූ බව ඇත්තකි. සුල්තාන්ගේ අලියා නැරඹීම ලොකු, කුඩා සැමට අලුත් අත්දැකීමක් මෙන්ම විනෝදයක් විය. අලියා වීදි දිගේ ගමන්ගන්නා විට අවට සිටින ජනතාවට තම හොඬයෙන් ජලය ගෙන මල් වැස්සක් මෙන් ඉසීමට ද ක්‍රියා කළේය. එහෙත් කිසිවකු තමාව හෝ තම ඇඳුම් තෙමුණාට අලියා සමග උරණ වූයේ නැත. එය කාගේත් විනෝදයට හේතුවක් විය. කුඩා ළමුන් එයින් පුදුමයට පත්විය. පොලිසිය අලියා ගමන්ගත් මාර්ගයන් රථවාහන ගමනාගමනයට තහනම් කර තිබුණි. සාමාන්‍යයෙන් ලන්ඩන් නුවර ප්‍රසිද්ධ පාරවල් වසා තබන්නේ මැරතන් තරග සඳහා, රග්බි කණ්ඩායමක් ජයග්‍රාහී ලෙස තම මව් රටට පැමිණි දින, දේශපාලන සිදුවීම් සිදුවන දිනකදී හෝ විදේශ රාජ්‍ය නායකයකුගේ පැමිණීමක් හෝ රාජකීය සිදුවීමක් සඳහා පමණි. සුල්තාන්ගේ අලියා සංදර්ශනය පැවත්වූ 2006 මැයි 4 සිට 7 දක්වා කාලය තුළ උදේ සිට සවස දක්වා මේ වීදි වසා තැබීම විශේෂිත කරුණක් විය. අලියා ගමන්ගන්නා මාර්ගවල විදුලි පහන් කණු සහ මාර්ග සංඥා විදුලි පහන් පවා ඉවත් කිරීමට සිදුවූයේ අලියාගේ උස නිසාය.

“රෝයල් ද ලක්ස්” ආයතනයේ ශිල්පීන් 115 දෙනකු සමග “ලන්ඩන් රාජකීය අශ්වාරෝහක බළකාය” විසින් රඟදැක්වූ මෙම සංදර්ශනයේ අලියා සහ ගැහැනු ළමයා සෑම දිනකම සංදර්ශනයන් අවසන් වූ පසු ගාල් කරනු ලැබුවේ ලන්ඩන් බැටර්සී බලාගාරයේ විශාල ගොඩනැඟිල්ලක් තුළය.

සෑම දිනකම අලියා අශ්වාරෝහක පෙළපාලිය සමග පොල්මාල් වීදිය, ට්‍රැෆල්ගර් චතුරශ්‍රය, ශාන්ත ජේම්ස් උiානය, පාර්ලිමේන්තු චතුරශ්‍රය, නයිට්ස්බි්‍රජ්, කොන්සිංටන් වීදිය, පාත් පටුමග, ඔක්ස්ෆර්ඩ් වීදිය, ක්ලර්කන්වෙල් පාර, ලුඩ්ගේට් සර්කස් සහ හොල්බර්ග් වීදි ඔස්සේ දැරිය සොයමින් ඇවිද ගියේය. එහෙත් අලියාට දැරිය හමුවූයේ නැත. අලියාගේ ඇඟ මත නර්තන කණ්ඩායම් විවිධ රංගනයන් රඟදැක්වූ අතර ජනතාවට ඒ අතරම සුල්තාන්ව නැරඹීමට ද අවස්ථාව ලැබුණි. දැරිය ද ලන්ඩනයේ වීදි දිගේ ගමන්ගත් අතර ජනතාව පැවසුවේ ඇය ඇත්තම දැරියක බවය. ඒ තරමටම ඇයගේ ගමන් විලාසය, මුහුණේ ඉරියව්, ඇස් දෙකෙන් බැලීම් ආදියට උපරිම ස්වභාවිකත්වයක් ලබාදී තිබුණි. මිනිසුන්ට වුවමනා වූයේ ඇය සැබෑ ලෝකයකට ගෙනයෑමට හා ඇයට සැබෑ ජීවියකුට ලෙස සැලකීමට ය.

සංදර්ශනයේ අවසාන දිනය වන 2006 මැයි 7 වැනිදා උදේ 10ට ට්‍රැෆල්ගර් චතුරශ්‍රයේ දී සුල්තාන්ට සහ ඔහුගේ අලියාට ලන්ඩන් නගරාධිපති “කෙන්” විසින් ආචාර කළේය. එදින සවස අශ්ව ආරක්ෂකයන් සැමම පෙළපාලියේ අවසන් අවස්ථාවට සහභාගි විය.

දැරිය මැරියොනෙට්හි නූල් මගින් අශ්වාරෝහක ආරක්ෂකයන් විසින් ක්‍රියාත්මක කරමින් රැගෙන ආවේය. දැරිය එහිදී කකුලෙන් තල්ලු කරගෙන යන බයිසිකලයක නැගී ගමන්ගත් අතර පසුව ඇය වාඩිවී ඉඳිකටුව හා නූල් ගෙන මැහුමක් ද නිම කළේය. කුඩා ළමුන් දැරියගේ අතේ එල්ලී පැද්දි පැද්දී සෙල්ලම් කිරීමට පෙළගැසී සිටි අතර ඔවුන්ට දැරියගේ අතින් ඇල්ලීම පවා ඉතා සතුටුදායක කරුණක් විය. මේ අතර සුල්තාන්ගේ අලියා තවත් පසෙකින් චතුරශ්‍රයට ළඟාවිය. අලියාගේ සහ දැරියගේ හමුවීම බැලීමට චතුරශ්‍රයට පැමිණි ජනතාව අතිමහත්ය. ලන්ඩන් බෝම්බ පිපිරීමේ බිය මේ වනවිට ජනතාව කෙරෙන් සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් තිබිණි.

විශාල දොඹකරයක් මගින් දැරිය ඔසවා අලියාගේ හොඬය මතට තබන ලදී. දැරිය අලියාගේ දළය අල්ලාගෙන හොඬය මත පැද්දි පැද්දී අලියා සමග චතුරශ්‍රය පුරාම ගමන් කළේය. 7 වැනි ඉරිදා දින මෙම ප්‍රසංගයේ අවසාන අවස්ථාවට ළඟාවිය. දැරිය මැරියොනොට් එකෙන් ඉවතට ගෙන විශාල දොඹකරයක් මගින් ඔසවා, ඇය පැමිණි රොකට්ටුවට ඇතුළු කළේය. ඉන්පසු රොකට්ටුවෙන් ගිනිදැල් මතුවූ අතර විශාල දුමකින් රොකට්ටුව වැසී ගියේය. රොකට්ටුව කිසි තැනකට නොගිය අතර දොඹකරයක් මගින් රොකට්ටුවේ උඩ කොටස උඩට ඔසවන ලද අතර එවිට දැරිය අතුරුදන් වී තිබුණි.

අලියා ඉන්පසු වීදි දිගේ ගොස් බැටර්සී බලාගාරයට ඇතුළු විය. සංදර්ශනය අවසන් වනවිට කුඩා දරුවන්ගේ ඇස් කඳුළින් තෙත් වී තිබුණි. ඒ ඔවුන් දැරියටත් අලියාටත් මේ දින කිහිපයේදීම ඉතා ළෙන්ගතුව සිටි නිසා ඔවුන් නොපෙනී ගිය දුකිනි. ලන්ඩනයේ මිලියනයකට අධික ජනතාවක් මේ සංදර්ශනය සජීවීව දකිමින් අමන්දානන්දයට පත්වී සිටියහ. බොහෝ එංගලන්තවාසීහු මෙය සජීවීව රූපවාහිනියෙන් නැරඹූහ.

ප්‍රංශයේදී මෙම සංදර්ශනය 2006 ඔක්තෝබර් 26 සිට 29 දක්වා ප්‍රදර්ශනය කළේය. 2007 ජනවාරි 25 – 28 දක්වා චිලියේ සන්තියාගෝ නගරයේදී අලියා නොමැතිව දැරිය පමණක් සංදර්ශනයකට ඉදිරිපත් කළේය. අයිස්ලන්තයේදී අලියාත් – දැරියත් 2007 මැයි 9 – 12 දක්වා සංදර්ශනයට සහභාගි විය. මේ අතර තවත් බොහෝ රටවලින් මේ සංදර්ශනය පැවැත්වීමට ආරාධනා ලැබුණි. සංදර්ශන කිහිපයක් පැවැත්වීමෙන් පසුව බොහෝ වෙහෙසට පත්වී සිටි රාජකීය ද ලක්ස් සමාගම පසුව සංදර්ශනයේ මෙම රූප ගලවා දමා එහි යාන්ත්‍රික උපකරණ වෙනත් වැඩ සඳහා භාවිතයට ගත්තේය.

රුවන් තරස්වින්
[email protected]

අදාළ තොරතුරු

(Google wikipedia, Artichoke, Nantes, B.B.C. London, The Phraser, The Guardian, Resilience.org

ඡායාරූප – අන්තර්ජාලයෙනි

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

1 day ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

1 day ago

සිකුරු කුජගේ නිවසට

1 day ago

72 වැනි ලෝක රූ රැජින  තායිලන්තයෙන් 

1 day ago

අලුත් කොවිඩ් දොරකඩටම!

1 day ago
Related News
විශේෂාංග

කොතලාවල වාරණය රටට අවාසියකි

විශේෂාංග

හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමි ඇතුඵ හිමිවරුන් 31 නමක් ඝාතනය වී අදට වසර 38යි

විශේෂාංග

මහින්දාගමනයෙන් ඔපවත් වූ සිංහල සංස්කෘතිය

විශේෂාංග

උපසපන් භූමියේ අඩසිය වස සපුරන අටමස්ථානාධිපති නාහිමියෝ

විශේෂාංග

ජාජබ ආණ්ඩුවේ IMF අභියෝගය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok