Monday, 2 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: මහා තක්සලාවකට අත්වූ ඉරණම
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 2 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: මහා තක්සලාවකට අත්වූ ඉරණම
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
විශේෂාංග

මහා තක්සලාවකට අත්වූ ඉරණම

5 days ago
70 Views

ජනප්‍රවාදවලට අනුව මෙහි ආරම්භකයා වූ ධර්මපාල රජු නාලන්දාවේ උගත් තැනැත්තෙකි. ආචාර්ය කම්පියා නමින් ද හැඳින්වුණ හෙතෙම සිද්ධි (ඥානය ලැබූ තැනැත්තා) තත්ත්වයට පත්වූවකු ලෙස සැලකේ. සංචාරයේ යෙදෙන අතරතුර ගංගා ගං ඉවුර ආසන්නයේ පිහිටි දර්ශනීය කඳුගැටයක් ඔහුගේ සිත ඇදගත්තේය. එම ස්ථානයේ යෝග්‍යතාව නිසා ඔහු එහි ආශ්‍රමයක් (විහාර) ඉදි කළේය. භක්තිමත් බෞද්ධයන් වූ පාලාවරු එම විහාරයට අනුග්‍රාහක දායකත්වය සපයමින් එහි දියුණුව උදෙසා කටයුතු කළහ.

බිහාරයේ අගනුවර වු පැට්නා වල සිට කිලෝ මීටර් 300 ක් නැඟෙනහිරට වන්නට සුප්‍රකට වික්‍රමශිලා බෞද්ධ ආශ්‍රම විශ්වවිද්‍යාලය පිහිටා ඇත. බිහාරය සහ බෙංගාලය පාලනය කළ පාලා රාජ වංශයේ දෙවන අධිරාජයා වූ ධර්මපාල රජු ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසේ පිහිටුවූ මෙම ආශ්‍රම විශ්වවිද්‍යාලය, වජ්‍රයානය නොහොත් තන්ත්‍රයානය ඉගැන්වූ මධ්‍යස්ථානයක් විය

1930 වර්ෂයේදී සී.ඊ.ඒ.ඩබ්ලිව්. ඕල්ඩ්හැම් විසින් හඳුනා ගනු ලැබූ මෙම ස්ථානය පුරාවිද්‍යාඥයන් විසින් වසර තිහක් තිස්සේ ගවේෂණය කරනු ලැබුවේ ටිබෙට් සාහිත්‍යයේ වු මුලාශ්‍ර ආශ්‍රය කර ගනිමිනි.

පැරැණි ඉන්දියා ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳ දෙපාර්තමේන්තුව සහ පැට්නා විශ්වවිද්‍යාලයේ මෙහෙයවීමෙන් බී.පී. සිංහ සහ ආර්. සී. ප්‍රසාද් යන මහාචාර්යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ප්‍රදේශයේ කැණීම් ආරම්භ කරනු ලැබුවේ 1960 වර්ෂයේදීයග 1969 දක්වා ඔවූහු කැණීම් කටයුතු කරගෙන ගියහග අනතුරුව 1971 – 1980 කාලය තුළ දී ඉන්දියා පුරාවිද්‍යා ගවේෂණ දෙපාර්තමේන්තුව වික්‍රමශිලා ව්‍යාපෘතිය නමින් මහා පරිමාණ වැඩසටහනක් ආරම්භ කරනු ලැබීය.

බොහෝ කාලයක් යනතුරු ඇත්තටම එය පිහිටි ස්ථානය සහ එහි ඉතිහාසය පිළිබඳ විවිධ ප්‍රතිවිරුද්ධ මත පළවියග නාලන්දාවල මෙන් නිල සලකූණු ද දක්නට නොවීයග එම ප්‍රදේශයේ කැණීම්වලින් සොයාගත් කරුණු සහ ටිබෙට් ලාමාවරුන්ගේ වාර්තා පදනම් කර ගනිමින් එම ස්ථානය හඳුනා ගැනීම තහවුරු කරනු ලැබීය.

ජනප්‍රවාදවලට අනුව මෙහි ආරම්භකයා වූ ධර්මපාල රජු නාලන්දාවේ උගත් තැනැත්තෙකිග ආචාර්ය කම්පියා නමින් ද හැඳින්වුණ හෙතෙම සිද්ධි (ඥානය ලැබූ තැනැත්තා) තත්ත්වයට පත්වූවකු ලෙස සැලකේග සංචාරයේ යෙදෙන අතරතුර ගංගා ගං ඉවුර ආසන්නයේ පිහිටි දර්ශනීය කඳුගැටයක් ඔහුගේ සිත ඇදගත්තේය. එම ස්ථානයේ යෝග්‍යතාව නිසා ඔහු එහි ආශ්‍රමයක් (විහාර) ඉදි කළේයග භක්තිමත් බෞද්ධයන් වූ පාලාවරු එම විහාරයට අනුග්‍රාහක දායකත්වය සපයමින් එහි දියුණුව උදෙසා කටයුතු කළහ.

මෙම විශ්වවිද්‍යාලය ‘වික්‍රමශිලා’ නොහොත් ‘වික්‍රමාස්සීල්’ නමින් හැඳින්විණග එය පිහිටුවිමේ අරමුණ වූයේ උසස් ගූණාංගයෙන් යුතු උගතුන් බිහිකිරීමයි. වික්‍රම යන්නෙන් ශක්තියත් සීල් යන්නෙන් විනයගරුකත්වයත් අවධාරණය කරමින් කාලයත් සමග මෙම ස්ථානය අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය වියග ටිබෙට් වාර්තාවලට අනුව මෙම විශ්වවිද්‍යාලය හැඳින්වූයේ ‘නාම් ග්නොම් නාම් ත්සුල්’ ලෙසයි. එහි අර්ථය වූයේ විනයගරුක ස්ථානය යන්නයි.

මෙම අධ්‍යාපන මධ්‍යස්ථානය උසස් තත්ත්වයකින් පවත්වාගෙන යෑම සඳහා ඊට ඇතුළත් කරගනු ලැබුවේ විශිෂ්ට උගතුන් පමණි. එහිදී ඔවුනට ද්වාරපණ්ඩිත නමින් හැඳින්වුණ මහාචාර්යවරුන් යටතේ පුහුණුව ලැබීමට සිදුවිය. මෙම ද්වාරපණ්ඩිතවරු තර්ක ශාස්ත්‍රයෙන් ද උසස් තත්ත්වයකට පත්වූ අය වුහ. විශ්වවිද්‍යාලය තුළ අංශ හතරක් විය. එම එක් එක් අංශය ද්වාරපණ්ඩිත බුද්ධජනපද කෙනකු යටතේ පාලනය වියග ආශ්‍රමයේ ප්‍රධානියා අධ්‍යක්‍ෂ විය. මෙම ආයතනයට ඇතුළත් වීමට හැකි වූයේ උගතුන් ටිකදෙනකුට පමණි. ආරම්භයේ දී මෙහි භික්‍ෂූහු 200 ක් අධ්‍යාපනය ලැබුහ. කලක් ගතවන විට ආයතනය උසස් තත්ත්වයටත් කීර්තියටත් පත්වූ අතර එහි ඉගෙනුම ලැබූ සිසුන් සංඛ්‍යාව 10,000 දක්වා වර්ධනය විය.

ආගමික පමණක් නොව එවකට සමාජ අවශ්‍යතාවන්ට අනුව සකස් කළ ලෞකික විෂයයන් ද මෙම ආයතනය විසින් සකස් කරනු ලැබූ විෂය නිර්දේශයන්ට ඇතුළත් විය. මහායානල තන්ත්‍රයානල මන්ත්‍රයාන සහ වජ්‍රයාන ද ආගමික විෂය ධාරාවේ අංශ ලෙස පැවතිණ. මීට අමතරව චිකිත්ස වෛද්‍ය (වෛද්‍ය විද්‍යාව), ශිල්පසත්නා විද්‍යා (කලා ශිල්ප), ශබ්ද විද්‍යා (ව්‍යාකරණ ), හේතු විද්‍යා ( තර්ක ශාස්ත්‍රය), අභිධර්ම විද්‍යා (අභිධර්මය), සම්ඛ්‍යා (දර්ශනය) විෂය නිර්දේශයට ඇතුළත්ව තිබූ අනෙකුත් විෂයයන් අතර වියග මෙහි අධ්‍යාපන මාධ්‍යය වූයේ සංස්කෘත භාෂාවයි. විවිධ විෂයයන්ට අදාළව සංස්කෘත භාෂාවෙන් පොත් ලියැවුණ අතර ඒවා ටිබෙට් භාෂාවට පරිවර්තනය කරනු ලැබීයග වික්‍රමශිලා හි විශාල පුස්තකාලයක් පැවැති අතර එහි පොත් සහ අත්පිටපත් විශාල සංඛ්‍යාවක් තැනපත් කර තිබිණ. ඊට අමතරව පැරැණි හානි වූ පොත් පිටපත් කර ඒවා ද තැන්පත් කර තිබුණේ උගතුන්ගේ ප්‍රයෝජනය සඳහායි.

මෙම ආයතනයේ විද්‍යා ශාලා නමින් හැඳින්වූ ප්‍රධාන ශාලාවක් වියග එය ප්‍රඥා පාරමිතා සූත්‍රය ඉගැන්වීම සඳහා පමණක් වෙන්කර තිබුණි. ප්‍රඥා පාරමිතා නමින් හැඳින්වුණ, දේවතාවියකට ගරු කිරීම් වස් ප්‍රබන්ධ කළ ශ්ලෝක තිබුණිග මෙම ප්‍රඥා පාරමිතා, හින්දු දේවතාවකු වූ ශක්ති’ සංකල්පයට සමාන වියග බුදුන් වහන්සේගේ ගුණ කදම්බය කාන්තා වේශයෙන් සිටින ප්‍රඥා පාරමිතාට ඇතැයි සැලකිණ.

යන්ත්‍ර-මන්ත්‍රල ඉන්ද්‍රජාල සහ රහස් චාරිත්‍ර-වාරිත්‍ර මෙහි වැඳුම් ක්‍රමවලට අයත් විය. මෙම නව පුජා විධි වජ්‍රයාන නමින් හැඳින්විණග වජ්‍ර නොහොත් අකුණු සර එහි සංකේතය වියග මෙහි බොධිසත්ත්වයන් රෞද්‍ර ඉරියව්වලින් පෙන්නුම් කෙරිණග තාරාල මාතංගීල පිශාචිනීල යෝගිනීල දකිණි වැනි ඒ වනවිටත් මහායානයට අයත් යැයි සැලකුණු දේවතාවියන්ට ද වැඳුම් පිදුම් කෙරිණ. ඔවූහු අකුණු සරෙන් සන්නද්ධව සිටියහ.

නාලන්දාව මෙන් නොව වික්‍රමශිලා රාජකීය විශ්වවිද්‍යාලයක් වියග එහි කුලපතිවරයා වූයේ රජතුමායි. සියලු උපාධි පිරිනමනු ලැබුවේ රජතුමාගේ අනුමැතියෙනිග පණ්ඩිත සහ මහා පණ්ඩිත වැනි උපාධි ලබා දුන්නේ දැනුම ලබා ඇති මට්ටම අනුවයග මෙහි පරිපාලන කටයුතු කරනු ලැබුවේ ඉහළම උගතුන්ගෙන් සමන්විත පාලක සභාවකිනිග එහි ප්‍රධානියා, අධ්‍යක්‍ෂ නමින් හැඳින්වුණ අතර ගුරුවරු ආචාර්ය ලෙස හැඳින්විණ.

වික්‍රමශිලාහි ඉගෙනුම ලැබූ භික්‍ෂූන් ගතකරනු ලැබුවේ සරල ජීවිතයකි. ආයතනයට ඇතළු වූ නවකයන් ජ්‍යේෂ්ඨ භික්‍ෂුවකගේ අධීක්‍ෂණය යටතට පත් කෙරිණග එම සාමණේර භික්‍ෂූනට වැඩිහිටි භික්‍ෂූන්ගේ පෞද්ගලික සහකාරයන් ලෙස කටයුතු කිරීමට ද සිදුවිය. මෙහි සේවය කළ ගුරුවරු තම සිසුන්ට න්‍යායික දැනුම ලබාදීමට අමතරව ආත්මදමනය පුහුණු කරවන ලද අතර, ලෝක ස්වභාවය පිළිබඳව ද දැනුවත් කළහග වික්‍රමශිලාවල අධ්‍යාපනය ලැබූ උගතුන්ට විදේශ රටවලින් ආරාධනා ලැබුණ අතර, විදේශිකයෝ පුහුණුව ලැබීමට එම විශ්වවිද්‍යාලයට පැමිණියහ.

වික්‍රමශිලාවල සිටි ඉතා ප්‍රකට උගතකු වූ රත්නාකරශාන්ති ලංකාවේ රජුගේ ආරාධනයක් පරිදි මෙහි පැමිණ බුද්ධ ධර්මය දේශනා කළේය. අටිස නමැති භික්‍ෂුව තම අනුගාමිකයන් 35 දෙනකු සමග ටිබෙට් දේශයට ගොස් මහායාන බුද්ධාගම ප්‍රචාරය කළේයග අනතුරුව ඉන්දියාවට පැමිණි ටිබෙට් උගත්තු, සංස්කෘත පොත් ටිබෙට් භාෂාවට පරිවර්තනය කළහග ජයශිලා (නාග් ත්සෝ) සහ වීර්යසිම්හ (ගයි ත්සොන්) මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කළ යුතුයග වික්‍රමශිලා විශ්වවිද්‍යාලයෙන් උගත් බෞද්ධ භික්‍ෂූන් 84 නමක් ඉන්දියාවේ මධ්‍යමිකා මන්ත්‍රයාන ව්‍යාපාරය ආරම්භ කළහ.

වික්‍රමශිලා පිහිටියේ ගංගා නම් ගං ඉවුරේ රළු බැවුම් සහිත කඳුගැටයකයිග එහි සිව් දිසාවට විහිදුන දොරටු හයක් වියග ඒ අතර ප්‍රධාන දොරටු දෙකක් වූ අතර, එම දොරටු අසල අමුත්තන් සඳහා විfවික කාමර වියග මෙහි මධ්‍යයේ චෛත්‍යයක් සහිමහාබෝධි’ ජීවමාන ප්‍රමාණයේ පිළිමයක් ද වියග ඒ වටා ශ්‍රමණයන් සඳහා ඉදිකළ කුටි විය. මේ සියල්ල උස ප්‍රාකාරයකින් වටකර තිබිණ.

ගෘහ නිර්මාණ

මෙම ස්ථානයෙන් පළමුවෙන් හඳුනාගනු ලැබුවේ ගඩොලින් ඉදිකළ ස්තූපයයි. එහි උස මීටර් 15 ක් වූ අතර වට ප්‍රමාණය මීටර් 100 ක් වියග මෙහි සිව් දිසාවට මුහුණලා ඉඩකඩ සහිත ශාලා හතරකිග උතුරු ශාලවේ තිබී අඩි 4 ½ භූමිස්පර්ශ මුද්‍රාවෙන් යුතු බුදු පිළිමයක් හමුවිය. අනෙක් ශාලාවලදී පද්මාසන මත තැබූ අවලෝකිතේශ්වර පිළිම හමුවිය.

මීටර් දෙකක උසින් යුත් ප්‍රදක්‍ෂිණාපථ දක්නට ලැබිණ. එම ප්‍රදර්ශක්‍ෂිණාපථයේ බිත්ති හතර කැටයම්වලින් අලංකාර කර ඇතග උතුරු පැත්තට වන්නට ඇති ප්‍රධාන දොරටුව අනාවරණය කරගෙන තිබේග එම දොරටුවට මීටර් 80 ක් පමණ ඈතට වන්නට තවත් කුඩා දොරටුවක් සහ ආරක්‍ෂක වැටක නටබුන් හමුවී තිබේ. කැණීම්වලට අනුව ප්‍රධාන මන්දිරය සහ උතුරු දොරටුව දෙවරක්ම නැවත ඉදිකර ඇත. ප්‍රධාන දොරටුව ආසන්නයේ වොටිවා ස්තූපයක් (භික්‍ෂූන්ගේ අළු තැන්පත් කළ ස්ථානයක්) සොයාගෙන තිබේ.

වික්‍රමශිලා විශ්විද්‍යාල භූමියෙන් ටෙරාකොටාවලින් නිම කළ මිනිස් සහ සත්ත්ව රූපල අලංකාර කැටයම් පුවරුල කැටයම් කළ ගඩොල්ල තඹ කාසිල ඇත් දළින් කළ භාණ්ඩල තඹ වලින් තැනූ පහන් සහ මුදුල ඇණ ආදිය හමුවී තිබේ. තන්ත්‍රයාන චාරිත්‍රවලට අනුව සකස් කළ මැටියෙන් පිලිස්සූ උපකරණ සහ පාලා අක්‍ෂර වලින් ලියැවුණ සෙල්ලිපි වොටිවා ස්තූපයේ තිබී හමුවී තිබේ. මේ අතර හින්දු සහ බෞද්ධ පිළිම හමුවීයග හින්දු විෂ්ණුල උමාමහේෂ්වරල කාමදේවල සූර්යල චාමුන්දල කුබේරාල ගණේශල පාර්වතී ආදීන්ගේ ගල් පිළිම හමුවී ඇත. විවිධ ඉරියව්වලින් යුත් ගලින් නෙළුෑ බුදු පිළිම ද දක්නට ලැබිණ. භූමිස්පර්ශල අභය මුද්‍රා පිළිම පද්මාසන මත තබා තිබේ. බුදුන් වහන්සේගේ පිළිම වැඩි ප්‍රමාණයක් තඹ වලින් නිමකර ඇත.

සියවස් හතරක පමණ කාලයක් සශ්‍රීකත්වයෙන් බැබළුණ වික්‍රමශිලා, ක්‍රිස්තු වර්ෂ 1199 ත් 1206 අතර නැතිවී ගිය බව පෙනීයයිග එහි පරිහානියට විවිධ හේතු බලපා ඇතග බෞද්ධ ඉතිහාසඥයන්ට අනුව තුර්කි රජ කෙනකු වූ තුරුක්ෂා නමැත්තා (බොහෝවිට භක්තියාර් කාලිජ් විය හැකිය) වික්‍රමශිලා විශ්වවිද්‍යාලය ආක්‍රමණය කර එහි සිටියවුන් මරා දමා එම ගොඩනැඟිලි කඩා දමා ඒවා ගංගා නම් ගඟට විසිකර දමා ඇතග නටබුන්වලට අනුව හිංසාකරී ක්‍රියාවන් සිදුවී ඇති බව පෙනී යන නමුදු, තවමත් එය තහවුරු කිරීමට තරම් පුරාවිද්‍යාත්මක සාක්‍ෂි ලැබී නැත.

ප්‍රධාන ගොඩනැඟිල්ලේ ඇති අළු ගොඩවලට අනුව හදිසියේ ඇතිවූ ගින්නකින් මෙම ස්ථානය විනාශ වී තිබේග පැරැණි විහාරය විනාශ කිරිමෙන් පසු තුරුක්ෂා විසින් ප්‍රධාන ආශ්‍රමයට කිලෝ මීටර් භාගයක් පමණ දුරින් බළකොටුවක් ඉදිකරනු ලැබ තිබේ.

හේතුව කුමක් වුවත් වික්‍රමශිලා විශ්වවිද්‍යාලය ක්‍රිස්තු වර්ෂ 13 වන සියවසේ සිට අතුරුදන් වූයේ ඉන්දියා ඉතිහාසයට තවත් සංස්කෘතික උරුමයක සටහනක් ඉතිරි කරමිනි.

බොබී ජී බොතේජු

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

1 day ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

1 day ago

සිකුරු කුජගේ නිවසට

1 day ago

72 වැනි ලෝක රූ රැජින  තායිලන්තයෙන් 

1 day ago

අලුත් කොවිඩ් දොරකඩටම!

1 day ago
Related News
විශේෂාංග

කොතලාවල වාරණය රටට අවාසියකි

විශේෂාංග

හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමි ඇතුඵ හිමිවරුන් 31 නමක් ඝාතනය වී අදට වසර 38යි

විශේෂාංග

මහින්දාගමනයෙන් ඔපවත් වූ සිංහල සංස්කෘතිය

විශේෂාංග

උපසපන් භූමියේ අඩසිය වස සපුරන අටමස්ථානාධිපති නාහිමියෝ

විශේෂාංග

ජාජබ ආණ්ඩුවේ IMF අභියෝගය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok