Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හේමාලුයි මමයි පැය දොළහක් ගහගත්තා – දිනෙත් ද සිල්වා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හේමාලුයි මමයි පැය දොළහක් ගහගත්තා – දිනෙත් ද සිල්වා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
මීවිත

හේමාලුයි මමයි පැය දොළහක් ගහගත්තා – දිනෙත් ද සිල්වා

June 15, 2025
306 Views

රංගන ශිල්පියෙක් නොවුණා නම් මම විදෙස්ගත වෙලා…

දිනෙත් ද සිල්වා මේ දිනවල තිරගතවන ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්‍ෂණය කළ ‘දේවී කුසුමාසන’ සිනමාපටයේ යමසිංහ බණ්ඩාර හෙවත් දොන් පිලිප් රජුගේ චරිතය ඔස්සේ දැකගන්න ලැබෙනවා. දිනෙත්ට බොහෝ විට ලැබෙන්නෙ ඉතිහාස කතාවලට සම්බන්ධ චරිත. මොකක්ද ඒකට හේතුව?. අපි දිනෙත්ගෙන් ඇහුවා.

දේවී කුසුමාසන හි ඔබේ චරිතය ගැන ප්‍රේක්‍ෂකයන් මොකද කියන්නෙ?

ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව. චිත්‍රපටය පුරාවට ගත්තත්, සත්‍ය කතාව ගත්තත් ඒ සිදුවීම ඉතිහාසයේ මාර විදිහට සටහන් වෙනව. පසුගිය දින කිහිපයේම අපි චිත්‍රපටයත් අරගෙන ලංකාව පුරාම ගියා.

කොහොමද මේ අවස්ථාව ලැබෙන්නෙ?

මට මෙ නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ අහම්බයකින්. මගේ චරිතයට තෝරාගෙන තිබුණෙ වෙන කෙනෙක්. නමුත් මොකක් හෝ හේතුවක් නිසා මට මේ සඳහා සම්බන්ධ වෙන්න කියල ආරාධනා ලැබෙනව. ඒ ආරාධනාව මම බොහොම ආදරෙන් භාරගත්තා. මොකද ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා කියන්නෙ අපි බොහොම ආදරය කරන වගේම, පෞද්ගලිකවත් මම එතුමාගේ නිර්මාණවලට බොහොම ආදරය කරනව. ඒ වගේම එතුමා සිනමාවේ දැවැන්තයෙක් සහ බොහෝ ඇසූපිරූ තැන් ඇති කෙනෙක්. සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්‍ෂවරුන් රැසක් සමගම මම වැඩකරල තියෙනව. නමුත් ජයන්ත මහත්මයා එක්ක වැඩකරන්න ලැබුණෙ නැහැ වගේම වැඩක් කරන්න බොහොම ආසාවෙන් හිටියෙ.

මේ ආරාධනය කොහොමද ඔබට දැනුණෙ?

කාලයක් තිස්සෙ තිබුණ හීනයක් සැබෑ වුණා වගේ හැඟීමක් තමයි මට දැනුණෙ. අපි එතුමාගේ චිත්‍රපට, නාට්‍ය බැලුවෙ පොඩි කාලෙ. කවදාවත් හිතුවෙ නැහැ මම නළුවෙක් වෙයි කියල සහ එතුමාගේ නිර්මාණයක මම ඉඳීවි කියල.

මේ නිර්මාණය ගැන කතා කළොත්?

මේක මෙතෙක් ලංකාවේ කළ දැවැන්ත සිනමා නිර්මාණයක්. ලයිකා ප්‍රඩක්ෂන් සමාගම විසින් නිෂ්පාදනය කළ මේ නිර්මාණය මගින් අපිට කියන්නෙ මහාපරිමාණයෙන් ආයෝජනය කරන්න පුළුවන්නම්, තාක්‍ෂණය යහමින් යොදාගන්න පුළුවන්නම් අපේ රටේත් දැවැන්ත නිර්මාණ බිහිකරන්න පුළුවන් බව. එවැනි නිර්මාණයකට දායක වෙන්න ලැබීම නළුවෙක් විදිහට මම ලබපු භාග්‍යක් හැටියටයි මම සලකන්නෙ.

රූගත කිරීම්වල අත්දැකීම් මොන වගේද?

මේ දිනවල සමාජ මාධ්‍යවල මගෙයි හේමාල්ගෙයි සටන් ජවනිකාවක් සංසරණය වෙනව. ඒ සටන් ජවනිකාව රූගත කරන්න අපි සවස පහට විතර පටන්ගත්තෙ, පහුවැනිදා පාන්දර පහ වනතුරු අපි ඒ ජවනිකාව රූගත කළා. ඒ වෙනුවන් මාර මහන්සියක් වුණේ. වසන්ත කුමාරවිල තමයි මෙහි සටන් අධ්‍යක්‍ෂණය කළේ. මෙහි විශේෂත්වය වෙන්නෙ චිත්‍රපටයේ තියෙන විදිහටම ඒ වේගයෙන්ම, සැබෑ කඩුවලින්මයි අපි මේ රූගත කිරීම් සිදුකළේ. මේ වෙනුවෙන් අපි මාසයක් පුරාවට විශාල කැපකිරීමක්, විශාල මහන්සියක් වුණා.

අනතුරු සිදුවුණ අවස්ථාත් ඇති?

අපි කාටවත් ලොකු අනතුරක් සිදු වුණේ නැහැ. නමුත් පුංචි පුංචි තුවාලවීම්, අශ්වයන් සමග වැඩකරද්දි අසුපිටින් වැටීම් වගේ අකරතැබ්බනම් සිදු වුණා. කණ්ඩායමක් හැටියට හැම දෙනාම මේ වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදු කළා.

හේමාල් මොකද කිව්වෙ?

ඔහු කිව්වෙ, දිනෙත් මේක විශාල නිර්මාණයක්, අපි දෙන්නට මේකෙ විශාල දෙයක් කරන්න තියෙනව. අපි දෙන්න අතර සිදුවන දෙබස් වලින් පවා නිර්මාණයේ විශාල වෙනසක් වෙනව කියල. විශේෂයෙන්ම කියන්න ඕන, හේමාල් කියන්නෙ නිරූපණ ක්‍ෂේත්‍රයේ මට මුණගැහුන ආදරණීය මිත්‍රයා, සහෝදරයා. රූගතකිරීම්වලදි පවා ඔහු මට විශාල සහයෝගයක් ලබා දුන්නා. අද මේ නිර්මාණයේ සාර්ථක බවක් තියෙනවනම් ඒ මගේ අනෙක්පස සිටි හේමාල්ගෙන් ලැබුණ සහයෝගය නිසාම තමයි.

මේ දවස්වල වෙනත් රඟපෑම් වැඩකටයුතු මොනවද?

මේ දිනවල සරත් ධර්මසිරි මහත්මයාගෙ ‘කුඩහපොල උන්නාන්සේ’ කියන සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරන චිත්‍රපටයක රූගත කිරීම් සිදුකරගෙන යනව. ඒකත් විශාල මුදලක් වැයකරල කරන දැවැන්ත නිර්මාණයක්. අපිට අමතකවෙලා යන ලංකාවේ වීරත්වය, ස්වාමීන් වහන්සේලා රට රැකීමට සිදුකළ කැපකිරීම තමයි මේ චිත්‍රපටයෙන් විදහා දැක්වෙන්නෙ. මම මේ නිර්මාණයේ පුරන්අප්පුගෙ චරිතයට පණපොවනව.

වැඩිපුරම ආරාධනා ලැබෙන්නෙ ඉතිහාස කතාවලට?

ඉතිහාස කතාවලින් තමයි මම සිනමා නිර්මාණවලට දායක වෙන්න පටන්ගත්තෙ. මෑත වකවානුවේ තවත් සිනමා නිර්මාණවලට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඩොක්ටර් කපිල සූරියආරච්චිගෙ ‘අග්නි’ චිත්‍රපටයේ රූගත කිරීම් පසුගිය දා අවසන් කළා. ඒ වගේම සමීර නාඔටුන්නගෙ ‘වයිෆ්’ චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. ඉතිහාස කතාවලට වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ මගෙ බාහිර පෙනුම නිසා වෙන්න ඇති කියල මම හිතනව.

ටෙලි නාට්‍ය?

‘නුරාමනී’ කියන නවතම ටෙලි නාට්‍යයේ රූගත කිරීම් මේ වන විට අවසන් කරල තියෙනව. ළඳීම එහි විකාශන කටයුතු සිදුවේවි කියල විශ්වාස කරනව. තවත් දැවැන්ත ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න සූදානමින් ඉන්නව.

සමාජ මාධ්‍ය ගැන අදහස කොහොමද?

සමාජමාධ්‍ය එදාට වඩා අද බොහොම බලවත්. නමුත් එය විවිධාකාරයෙන් තමන්ගේ පටු අරමුණුවලට භාවිත කරන පිරිසක් වගේම සමාජයට යථාර්ථය අවබෝධ කරවන්න පුළුවන් හොඳ දැනුමක් සහිත පිරිසකුත් භාවිත කරනව. කෙටියෙන්ම කිව්වොත් සමාජ මාධ්‍ය කියන්නෙ දෙපැත්ත කැපෙන දැලිපිහියක් වගේ.

දිනෙත් රංගන ශිල්පියෙක් නොවුණා නම්?

රංගන ශිල්පියෙක් නොවුණා නම් මම මේ වන විට විදේශ රටක ජීවත් වෙයි.

මහේෂ් එදිරිසිංහ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
මීවිත

බුදු දහමට ළං වුණාම ප්‍රශ්න අඩුයි – රයන් වැන්රෝයන්

මීවිත

ට්‍රැවල් කරන්න ආසා නිසා ගුවන් සේවිකාවක් වුණා… – ඉෂංකා ජහන්වී

මීවිත

වේදිකාව මගේ ආරම්භයයි – නදුනි වනිගසුන්දර

මීවිත

බොලිවුඩයේ හදගැස්ම – DHADAK 2 – එන්න ළඟයි…

මීවිත

මීවිත මුල් පිටුව

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok