Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මරණානුස්සතිය නිදහස් මරණයකට ඔබව සුදානම් කරනවා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මරණානුස්සතිය නිදහස් මරණයකට ඔබව සුදානම් කරනවා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකමහරහතන් වැඩි මඟ ඔස්සේ

මරණානුස්සතිය නිදහස් මරණයකට ඔබව සුදානම් කරනවා

1 week ago
64 Views

පින්වත, බීජ නියාමයන්ගෙන් හටගන්නා අජීවී ගස්වල ලස්සන මල් පූදිනවා. පින්වත, අජීවී ගස්වල ලස්සන මල් පූදින්නේ ගසේ පිනට නොවේ. පින්වත, අජීවී ගස්වල ලස්සන මල් පූදින්නේ, එම ලස්සන මල් දැකලා, එම ලස්සන මල් විඳලා සතුටු වෙන, පින්වත් ඔබේ පින නිසාමයි. පින්වත, ඔබේ පුණ්‍යවන්තභාවය ඔබව විතරක් නොවේ, ලෝකයත්, පරිසරයත් ලස්සන කරනවා. පින්වත, මොනතරම් විසිතුරු වුණත් අවිද්‍යාවේ මුදුන් මුලින් උපන් සියලුම ලස්සන, ප්‍රණීත, විසිතුරු සංස්කාරයෝ මිරිඟුවක් සේ ම වෙනස් වෙලා යනවා. පින්වත, ලස්සන, ප්‍රණීත, විසිතුරු සංස්කාරයෝ ජරා, ව්‍යාධි, මරණයන්ට පත් වන හැටි දකිද්දී, ඔබට බියක්, ශෝකයක් දැනෙන්නේ නැති ද? පින්වත, පිනෙන් උපන් ඔබ, පින නිසාම, මරණය ඉදිරියේ ප්‍රමාදීභාවයට පත් වෙන්න එපා. පින්වත, සිනහ වෙලා ජීවත් වුණා වගේ ම, සිනහ වෙලා ඇස් දෙක පියා ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, අවිද්‍යාව, තෘෂ්ණාව හේතුවෙන් සකස් වන උපාදානයෝ උපයෝගී කොටගෙන, පටිච්චසමුප්පන්නව පරණ ජීවිත අලුත් කොට දෙනවා. පින්වත, මරණාසන්න මොහොතේ මරණයට බිය වෙන්න එපා. පින්වත, හොඳ සිහිනුවණින් පරණ ජරා, ව්‍යාධි ජීවිතය මරණයට අතහැරලා, පටිච්චසමුප්පන්න අලුත්, නැවුම් උපතක් ලබා ගන්න. පින්වත, ඔබේ ලස්සන, විසිතුරු ජීවිතය ආත්මීය දෘෂ්ටියෙන් ගන්න එපා. මෛත්‍රියේ, සීලයේ, ත්‍යාගයේ ඵලයක් හැටියට ම දකින්න. එවිට පිනෙන් උපන් ඔබට පුළුවන් අවම වශයෙන්, පින උදෙසාවත් ඔබේ ජීවිතය කැප කරන්න. එසේ නොවුණොත් අහිමි වෙන ලස්සන, ප්‍රණීත, විසිතුරු සංස්කාරයෝ පෙරළා මනුෂ්‍ය ලෝකයෙන් මැකිලා ම යාවි.

පින්වත, ඔබ මියයන්න පෙර මරණයේ අත්දැකීම් ජීවිතයට ලබාගන්න. පින්වත, මරණානුස්සතිය නිදහස් මරණයකට ඔබව සූදානම් කරනවා. පින්වත, සමාධිමත් සිතෙන් මොහොතක් දෑස් පියාගෙන මනසින් මියයන්න. පින්වත් ඔබට බියක් දැනුණාද? ඔබට බියක් දැනුණා නම්, ඔබේ සමාධිමත් සිතේ දුර්වලභාවයක්. පින්වත, තෘෂ්ණා නිරෝධා උපාදානා නිරෝධෝ යැයි ධම්මානුපස්සනාවට පණ දෙන මරණය, විමුක්තියේ මරණයයි. පින්වත, නිවන් සුව ලැබේවා! යැයි කියලා ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් ඵලක් නැහැ. පින්වත, මැරුණාට පසුව මියගිය තැනැත්තාට සුබ ගමන්! කියලත් දැන් කියනවා නේද? පින්වත, ගමන සුබ වෙන්න නම්, ගමන සුබ වීමට අදාළ මාර්ගය තුළ ගමන් කරන්න ඕනේ. නිවන් සුව ලබන්න නම් ඊට අදාළ මාර්ගය තුළ ගමන් කරන්න ඕනේ. අපි ජීවත්ව සිටිය දී, සතුටින්, විනෝදයෙන් කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයේ සිරකරුවන් වී සිටියත්, අපේ මරණාසන්න මොහොත අයිති වෙන්නේ ආදීනවයන්ටයි. පින්වත, අපි මියයන මොහොතේ අපිට දැනෙනවා, “මගේ කොට” අල්ලා ගත්ත ආධ්‍යාත්මික සහ බාහිර රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෝ සියල්ල ම අහිමි වෙන්නයි යන්නේ කියලා.

පින්වත, තෘෂ්ණාවේ උපාදානයෝ මරණාසන්න පින්වතාගේ විඳීම් සමග මරණාසන්න යුද බිමේ යුද්ධ කරනවා. පින්වත, කුසල් සහ අකුසල් සංස්කාර අවි ගැටෙන හඬින් මරණාසන්න පින්වතා චංචල වෙනවා. පින්වත, මරණානුස්සතියෙන් පෝෂණය වූ සාමයේ මරණයක් උදෙසා, ඵස්සය හේතුවෙන් සකස් වන මරණාසන්න පින්වතාගේ වර්තමාන පංචඋපාදානස්කන්ධය ධර්මානුකූලව සැලසුම් කොට ගන්න, මරණාසන්න පින්වතාගේ විසිරුණ සිතේ, විවේකයක් නැහැ. පින්වත, උතුම් සෝවාන් ඵලයට පත් නොවූ කාම ලෝකයේ ජීවත් වන සෑම මනුෂ්‍යයෙක් ම මුහුණ දෙන බලවත් ම අභියෝගය මරණාසන්න මොහොතේ තම ඵස්සය ධර්මානුකූලව කළමනාකරණය කොට ගැනීමයි. පින්වත, අපි ජීවිත කාලය පුරාවට මොනතරම් දේවල් ඉගෙන ගත්තත්, උසස් අධ්‍යාපනයේ පරතෙරට ගියත්, අපි මියයන මොහොතේ කළ යුතු දෙය ගැන ඉගෙන ගන්නේ නැහැ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට දේශීය, විදේශීය උපාධි සියයක් තිබුණත් ශත පහක වැඩක් නැහැ. පින්වත, උන්වහන්සේලා අපවත් වන මොහොතේ ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ යැයි දකින, ධම්මානුපස්සනාවේ අවබෝධාත්මක සම්මා ඥානයෝමයි, මේ ලෝක ධාතුවේ ජාති, ජරා, ව්‍යාධි, මරණ නිවා දමන සැබෑ ම විමුක්තියේ අධ්‍යාපනය හැටියට දකින්නේ.

පින්වත, සියලුම ප්‍රණීත, විසිතුරු, ලස්සන, ආස්වාදජනක සියලුම සංස්කාරයෝ වෙනස් වෙලා යන හැටි පෙනෙනවා නේද? පින්වත, පෙර පිනෙන් උපදින විසිතුරු, ප්‍රණීත, ලස්සන සංස්කාරයෝ ඇස්බැන්දුමක්නේද? බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙන් එදා කොසොල් රාජ්‍යය ම වශී කළ අතිශය රූමත් රූප මල්ලිකාවගේ මළ සිරුර වෙන්දේසි කළත්, රූප මල්ලිකාවගේ මළ සිරුර නොමිලයේ අරගෙන යන්නවත් කෙනෙක් සිටියේ නැහැ. පින්වත, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිමින් ලෝකයාට දුන්න අවසාන ධර්මාවවාදය භික්ෂුවගේ මතකයට නැඟෙනවා. “මහණෙනි, ඇසුරු සැණක්වත් භවය නම් ප්‍රාර්ථනා කරන්න එපා; භවය සතුටින් පිළිගන්න එපා. පින්වත, භවය යම් තැනක ද එතැන ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝමය කියලා. පින්වත, මරණය ජීවිතයෙන් ඈතට දමන්න එපා. මරණය ජීවිතයෙන් ඈතට දැම්මොත්, ඔබ සද්ධර්මයෙන් ඈතින් ඈතට ම යාවි. පින්වත, මරණය ඔබේ ජීවිතය කිට්ටුවට ගන්න. එවිට ඔබ සද්ධර්මයට ගොඩාක් සමීප වේවි. පින්වත, රූපයේ සහ කාමයේ ආස්වාදයෝ මොනවට පුහුණු කළ ජීවිතයකට මරණාසන්න මොහොත අපි සිතන තරම් සුවදායක නැහැ. පින්වත, මරණය දැක, දැකත් අපේ අසාර්ථක උත්සාහය නොමැරී ජීවත් වෙන්න මයි.

පින්වත, බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයෙන් පරිපූර්ණ වූ කල්‍යාණමිත්‍රභාවය මොනතරම් නම් අප කෙරෙහි කරුණාවන්ත ද? පින්වත, බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂු අපිට අවවාද කරනවා, “මහණෙනි, ඔබලා උදෑසන පිණ්ඩපාතයට කුටියෙන් එළියට වඩිද්දී, මෙන්න මේ විධියට හික්මෙන්න” කියලා. “භික්ෂුව වඩින මේ පිණ්ඩපාත ගමනේ දී, සර්පයෙක් දෂ්ට කරලා, භික්ෂුව අපවත් වෙන්න පුළුවන්, හෘදයාබාධයක් හැදිලා, සොරෙක්, සතුරෙක් පහර දීලා, අකුණක් වැදිලා භික්ෂුව අපවත් වෙන්න පුළුවන්.” පින්වත, බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන අපි පිණ්ඩපාතය වඩිද්දී, ශ්‍රාවක අපේ අපවත් වීම, අපේ ජීවිතය කිට්ටුවට ගෙනෙනවා. පින්වත, මරණානුස්සතියට අපිව පුහුණු කරනවා. පින්වත, ධර්මානුකූල අපවත් වීමකට අපිව පුහුණු කරනවා. පින්වත, මරණානුස්සතිය වඩන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් තුළින්, උන්වහන්සේලාට පිණ්ඩපාතය පූජා කරන පින්වත් දායක පින්වතුන්ලාගේ දානයට මහත්ඵල මහානිශංස, විදර්ශනාමය ප්‍රතිලාභයෝ උදා කොට දෙනවා. පින්වත, තෘෂ්ණාව මළ ජීවිතයකට, පිරිනිවීම හේතුඵල ධර්මයෝ නිවා දැමීමක් පමණක් ම නේද? පින්වත, තෘෂ්ණාව මළ තැන බැඳී යන්න උපාදානයෝ කොයින් ද?

පින්වත, මේ ලෝක ධාතුවේ පින්වත් ඔබට උත්තරීතර ම සම්මා දැනුම ලබාදෙන්නේ, ඔබට විෂය දැනුම උගන්වන පින්වත් ගුරුවරුන් නොවේ. පින්වත් ගුරුවරුන් හැමදාමත් අපිට කියලා දෙන්නේ ධනය උපයන අවිද්‍යාවේ මාර්ගයයි. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවගේ පින්වත් අම්මා සහ තාත්තා දෙපළ මරණාසන්න මොහොතේ භික්ෂුවට ලබාදුන් අත්දැකීම්, භික්ෂුව මුළු ජීවිත කාලය පුරාවට ම ලබපු උත්තරීතර ම සම්මා දැනුමයි. පින්වත, භික්ෂුවගේ භික්ෂු ජීවිතයේ විදර්ශනාත්මක සාර්ථකභාවය උදෙසා අයෝමය කල්‍යාණමිත්‍රභාවය ලබාදුන්නේ පින්වත් දෙමාපියන්ගේ මරණයේ අත්දැකීමමයි. පින්වත, භික්ෂුවගේ මියගිය දෙමාපියන් භික්ෂුත්වයේ මුල් ඡන්දය උදෙසා උපකාර කළ කල්‍යාණ මිත්‍රයන් දෙදෙනායි. පින්වත, ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක ගැන භික්ෂුවට සක්සුදක් සේ අත්දැකීමෙන් ම කියලා දුන්න භික්ෂුවගේ දෙමාපියන් කල්‍යාණමිත්‍රයන්මයි. පින්වත, කරුණාකර ඔබේ මියගිය ඥාතිවරයා, මරණාසන්න මොහොතේ පසු වන ඔබේ ඥාතිවරයා, ඔබේ හිතවතා ඔබට මරණය ගැන කියා දුන් කල්‍යාණ මිත්‍රයා බවට පත් කොට ගන්න. පින්වත, ඔබේ මියගිය ඥාතිවරයාට මීට වඩා දියහැකි ගෞරවයක් තිබෙනවා ද? පින්වත, මරණයකට දියහැකි ධර්මානුකූල ගෞරවය රාජ්‍ය ගෞරවය නොවේ. රාජ්‍ය ගෞරවය වනාහි දුකට පාර කියන අයගේ ගෞරවයක්. පින්වත, ඔබේ ඥාතිවරයාගේ මරණය තුළින්, ඔබ, ඔබේ මරණය දකින සහ එම මරණ තුළින් ඔබ, ඔබේ මරණයට ධර්මානුකූලව සූදානම් වීමයි, ඔබේ මියගිය ඥාතිවරයාගේ, හිතමිතුරාගේ මරණයට දියහැකි ශ්‍රේෂ්ඨ ම කල්‍යාණමිත්‍රභාවය වෙන්නේ.

පින්වත, මියගිය ඔබේ ඥාතිවරයා, හිතමිතුරා ගැන සිහිපත් කරලා ඔබ අඬලා, දොඩලා ශෝක වුණොත්, මියගිය ඥාතිවරයාගේ පරලොව ජීවිතය වෙනුවෙන් ඔබට දෙන්න තිබෙන්නේ පංචනීවරණයෝ පමණක්මයි. පින්වත, ඔබේ මියගිය ඥාතිවරයා වෙනුවෙන් සති සම්බොජ්ඣංගය ඇති කොට ගන්න. පින්වත, ඔබේ මියගිය ඥාතිවරයා සිහිපත් වන සෑම මොහොතක ම සුවපත් වේවා! යැයි, මෙත් සිතක් ඇති කොට ගන්න. එවිට මියගිය ඥාතිවරයා උපයෝගී කොට ගෙන මෛත්‍රියට අදාළ ආනිශංස එකොළහක් ඔබට ලැබෙනවා. මියගිය ඥාතිවරයාට පින් අවශ්‍ය නම්, ඔබේ මෙත් සිත පරලොව ජීවිතයේ ඔහුට යහපත් ම වේවි. පින්වත, සති සම්බොජ්ඣංගය, ධම්ම විචය බොජ්ඣංගයට පාවඩයක්මයි. පින්වත, ධම්ම විචය බොජ්ඣංගය විදර්ශනා ධර්මයෝ මෝදු කොට දෙනවා. පින්වත, මියගිය ඔබේ ඥාතිවරයා සතර සතිපට්ඨාන ධර්මයන් තුළ විසිරුවා දකින්න. පින්වත, ඔබේ මියගිය ඥාතිවරයාගේ තාරුණ්‍යයේ සහ මැදිවියේ සුන්දර රූපයන්, අවසාන කාලයේ දී ජරා, ව්‍යාධි, මරණයන්ට ගොදුරු වූ රූපයන් සිහියට නඟාගෙන, එම රූපය ආදාහනාගාරයක් තුළ අළු ගොඩක් බවට පත් වුණ හැටි කායානුපස්සනාවෙන් විනිවිද දකින්න. ආදාහනාගාරය තුළ ඉතිරි වූ අළු ගොඩත්, මියගිය ඥාතිවරයාගේ ආධ්‍යාත්මික රූපයත්, එකම ස්වාභාවයේ සතර මහා ධාතුවක් යැයි නුවණින් දකින්න. පින්වත, මියගිය ඔබේ ඥාතිවරයාගේ රූපය ඵස්සය වීමෙන් ජීවිත කාලය පුරාවට ඔබ තුළ සකස් වූ සෑම අනිත්‍ය වී ගිය සිතුවිල්ලක් ම ඔබටත්, ඔහුටත් අයිති නැති මිරිඟුවක් යැයි චිත්තානුපස්සනාව මතු කොට දකින්න. පින්වත, භික්ෂුවගේ මියගිය අම්මා නිසා, භික්ෂුව ජීවිත කාලය පුරාවට ඇතිකොට ගත් එකම සිතුවිල්ලක්වත් වර්තමානයේ භික්ෂුවටත්, මියගිය අම්මාටවත් අයිති නැහැ. පින්වත, “සිතුවිලි” ලෝකය පටිච්චසමුප්පන්නව දික් ගස්සන අවිද්‍යාවේ මායාවක්. එම මායාව චිත්තානුඵස්සනාවෙන් විනිවිද දකින්න. පින්වත, ඔබේ මියගිය ඥාතිවරයා හේතුවෙන් මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුළ ඇති වූ සෑම සැප, දුක් සහ උපේක්‍ෂා විඳීමක් ම මායාවක් සේ ම අනිත්‍ය වී ගියා නේද? පින්වත, වේදනානු ඵස්සනාවෙන් අතීත විඳීම් විනිවිද දකින්න. පින්වත, සියලුම ප්‍රණීත සහ අප්‍රණීත සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, සතුටින් අල්ලා ගත්ත සහ ආස්වාදයෙන් බැස ගත්ත රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෝ මරණය විසින් ගිල ගන්නවා. පින්වත, රූපය මහ පොළොවටත්, උපාදානයෝ භවයටත්, භවය ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ටත්, මේ සියලුම ධර්මතාවයෝ අනිත්‍ය වී යන හැටි ධම්මානු ඵස්සනාවෙන් විනිවිද දකින්න. පින්වත, මරණය, මරණයේ නිරෝධය උදෙසා කමටහනක් කොට ගන්න.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

6 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

1 day ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

17 hours ago
Related News
අකුරු දි​ගේ අතිරේක

ධූමලාවණ්‍යාගාරය වින්දනාලෝචනය

අකුරු දි​ගේ අතිරේක

වියරණය රැකි නිති – ජන බසට ඇල්මැති – මට දනෝ අදරැති – ජේ.බී. කියා පවසති

අකුරු දි​ගේ අතිරේක

පැවැත්ම වෙනුවෙන් ප්‍රේමය රඟපා පෙන්වීම

ඉරිදා සංග්‍රහය විශේෂාංග මීවිත

රඟනා මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්මයි

අතිරේක ඉරිදා සංග්‍රහය විශේෂාංග

කිසිම දෙයක් ගැන පසුතැවෙන්නෙ නෑ… – දිව්‍යශාරිකා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok