Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අධ්‍යක්ෂවරු පස්සේ ගිහිල්ලා චරිත ඉල්ලලා නැහැ… – ඩිෂ්නි රාජපක්‍ෂ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අධ්‍යක්ෂවරු පස්සේ ගිහිල්ලා චරිත ඉල්ලලා නැහැ… – ඩිෂ්නි රාජපක්‍ෂ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකමීවිත

අධ්‍යක්ෂවරු පස්සේ ගිහිල්ලා චරිත ඉල්ලලා නැහැ… – ඩිෂ්නි රාජපක්‍ෂ

1 week ago
231 Views

දේවී කුසුමාසන මට ලැබුණ වටිනා අවස්ථාවක්…

ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ, ලයිකා සමාගම නිෂ්පාදනය කළ දේවි කුසුමාසන සිනමා නිර්මාණය මේ දිනවල රටපුරා සිනමාහල්වල තිරගත වේ. දේවි කුසුමාසන සිනමා නිර්මාණයට රංගයෙන් දායක වුණු දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් වුණ ඩිස්නි රාජපක්ෂට චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගි වෙන්න බැරි වුණා. ඇත්තටම ඇයට මංගල දර්ශනයට එන්න බැරිවුණේ ඇයි? ඩිස්නි හදිසියෙන්ම ලංකාවෙන් ගියේ ඇයි? මේ කතාවල ඇත්ත නැත්ත දැනගන්න අප ඔස්ටේ්‍රලියාවේ ජීවත්වන ඩිස්නිට කතා කළා.

ඩිස්නි කොහොමද ඉතින්?

හොඳින් සතුටින් ඉන්නවා.

හදිසියෙන් ම ලංකාවෙන් ගියේ ඇයි?

හිදිසියෙන් ම නෙමෙයි, ලංකාවෙන් ගියේ. මීට අවුරුදු කිහිපයක ඉඳලා මගේ උපාධිය සම්පූර්ණ කර ගන්න ලංකාවෙන් යන්න වුවමනාව තිබුණා. නමුත් කලා කටයුතු හින්දා මම ලංකාවෙන් යන්න ලෝභකමේ කල් දම දම හිටියා. අන්තිමේ මෙගා ස්ටාර්ස් අවසන් වෙලා තව වැඩසටහනකට විනිසුරු මඬුල්ලේ හිටියා. ඉතින් ඒ විනිසුරු මඬුල්ලේ ඉන්න ගමන් මට ඔස්ටේ්‍රලියාවට යන්න වුවමනා වුණා, සීරුවෙන් චිත්‍රපටයේ රිලීස් එකට. එහෙදී මට කොරෝනා හැදුණා. එතකොට මට ලංකාවට එන්න බැරිවුණා ලයිව් ෂෝ එකට. ලයිව් ෂෝ එකක් නිසා ඔවුන්ටත් නවත්වන්න බැහැ. අන්තිමේ ඔවුන්ට වෙනත් විනිසුරුවරියක් පත්කර ගන්න සිද්ධ වුණා. මටත් කියලයි ඒ වැඩේ සිද්ධ වුණේ. අනික බොහොම හිතවත්කමක් ඇතිවයි ඒ වැඩේ කළේ. දැන් මම ඔස්ටේ්‍රලියාවට ඇවිත් අවුරුදු එකහමාරකටත් වැඩියි. තව මාස කිහිපයකින් මගේ උපාධියේ වැඩකටයුතු අවසන් වෙනවා.

කවද්ද ආපහු එන්නේ?

උපාධියේ වැඩකටයුතු අවසන් වුණ ගමන් ලංකාවට එනවා. ඊට පසුව මම පූර්ණකාලීනව කලා කටයුතුවල නියැළෙන්න බලාපොරොත්තු වෙනවා. ඔස්ටේ්‍රලියාවේ ඉන්න ගමන් මට රඟපාන්න පුළුවන් වුණේ චිත්‍රපට විතරයි. මේ අවුරුද්දට මම චිත්‍රපට දෙකක රඟපෑවා. ටෙලිනාට්‍යවලට නම් සම්බන්ධවෙන්න බැරි වුණා.

භාර ගත්තු රඟපෑම් වැඩකටයුතු නැද්ද?

භාර ගත්තු තව චිත්‍රපට දෙකක් තියෙනවා. ඒ චිත්‍රපට දෙකේ වැඩකටයුතු ඉදිරියේදී ඔබලාට දැනගන්න ලැබේවි.

ඔබ රංගනයෙන් දායක වුණ දේවි කුසුමාසන මේ දිනවල තිරගත වෙනවා?

දේවි කුසුමාසන ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ අධ්‍යක්ෂණයක්. මේ චිත්‍රපටයට මම සහභාගි වෙන්නෙත් ඔස්ටේ්‍රලියාවේ ඉන්න කොටයි. ඉතින් ජයන්ත සර්ගේ චිත්‍රපටයක් කියනකොට මට ඒ චිත්‍රපටය අතහරින්න බැහැ. මම හරිම ආසාවෙන් හිටියේ ජයන්ත සර් එක්ක වැඩකරන්න. ඒක මට ලොකු භාග්‍යයක්. මේ ආරාධනාව එනකොට මම අධ්‍යාපන කටයුතුවලට ඉතා ම කාර්යබහුල වෙලා හිටියේ. නමුත් මම ඒ අභියෝගය භාර ගෙන ලංකාවට ඇවිත් රඟපෑම් වැඩකටයුතු කරලයි නැවත ඔස්ටේ්‍රලියාවට ආවේ. මම හරිම ආසාවෙන් කරපු වැඩක්. ඇත්තට ම ජයන්ත චන්ද්‍රසිරි සර් මම වගේ නවක රංගන ශිල්පිනියකට ලොකු සහයෝගයක් ලබා දුන්නා. මට මතකයි ඒකේ එක සින්දුවක් තිබුණා. මම කලින් දැනගෙන හිටියේ නැහැ ඒ ගීතය මම පාඩම් කරගන්න ඕනෑ කියලා. ඒ ගීතය පවා මට පාඩම් කරන්න කියලා දුන්නේ ජයන්ත සර්. ඒ වගේම උදාරි අක්කා වගේම හේමාල් අයියත් මහේන්ද්‍ර පෙරේරා අයියගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා.

කොහොමද මේ ආරාධනාව ලැබුණේ?

සීරුවෙන් චිත්‍රපටයේ මගෙත් එක්ක දසුන් පතිරණ වගේම බුද්ධික ජයරත්න අයියා රඟපෑවා. ඉතින් බුද්ධික ජයරත්න අයියා තමයි මේ චරිතයට කෙනෙක් හොයන කොට මා ගැන ජයන්ත සර්ට කියලා තිබුණේ. මම මේ වෙලාවේ බුද්ධික අයියාව ඉතාම ආදරෙන් මතක් කරනවා. ඒ වෙලාවේ ජයන්ත සර් මගේ නර්තන කිහිපයක් නරඹලා තිර පරීක්ෂණයකින් පසුව මාව ඒ චරිතයට සුදුසුයි කියලා තෝරාගත්තේ. ඉතින් බුද්ධික ජයරත්නට ගොඩක් ස්තුතියි, මට ඒ අවස්ථාව අරගෙන දුන්නාට.

ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂවරයා යටතේ වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතන්නේ?

ඒක මාරම වාසනාවක් කියලයි හිතෙන්නේ. අපි පුංචි කාලේ අපේ දෙමාපියෝ රූපවාහිනියේ ඔහුගේ සමහර නිර්මාණ නරඹලා තියෙනවා. අපි පුංචි කාලෙත් ජයන්ත සර් ගැන මගේ අම්මා තාත්තා කතාබහ වෙනවා මට ඇහිලා තිබුණා. ඊට පස්සේ මම කලා කේෂ්ත්‍රයට ආවට පස්සේ ජයන්ත සර්ගේ නිර්මාණයට මට ආරාධනා කළා කියලා මගේ අම්මටයි තාත්තටයි කිව්වාට පස්සෙ ඔවුන් පුදුම වුණා. මට මාරම සතුටක් දැනුණේ. මොකද මගේ දෙමාපියන් කලාවට සම්බන්ධ අය නෙමෙයිනේ. ඔවුන් ගොඩක් සතුටු වුණා. එතකොට එතැනින්ම තේරෙනවා මේ ලද ආරාධනාව කොයිතරම් වටිනා අවස්ථාවක් ද කියලා. අනික ලොකු අධ්‍යාපනයක් ලැබුණා කියලා කිව්වොත් නිවැරදියි. දේවි කුසුමාසන වගේ දැවැන්ත නිර්මාණයක රංගනයෙන් වගේම නර්තනයෙන් දායක වෙන්න ලැබීම ගැන මතක් වෙද්දී මට හරිම සතුටුයි. ජීවිතයේ ලැබුණ වටිනාම අවස්ථාවන්වලින් උඩින්ම තියෙන එකක් කිව්වොත් නිවැරදියි.

දැන් වැඩිපුර ටෙලිනාට්‍යවල දකින්න නැහැනේ?

ඔව්. අවුරුදු දෙකකින් ටෙලිනාට්‍යවල රඟපාන්න බැරි වුණා. ඒකට හේතුව මම ලංකාවේ නොහිටීම. මම ලංකාවේ ඉන්නෙ නැතිව ටෙලිනාට්‍යවල වැඩ කරන්න බැහැ. මොකද හැම මාසයකම ලංකාවට එන්න බැහැ. නමුත් ටෙලිනාට්‍ය චිත්‍රපට කියලා දෙයක් නැහැ. මේ දෙකම නරඹන්නේ ප්‍රේක්ෂකයෝ. ඉතින් අනාගතයේ මම ලංකාවට ආවට පස්සෙ ටෙලිනාට්‍යවලටත් සම්බන්ධ වෙනවා.

කොහොමද, නර්තන වැඩ කටයුතු?

මෙගා ස්ටාර්ස් අවසන් වුණාට පසුව එක නර්තන තරගාවලියක විනිසුරු මඬුල්ලෙත් හිටියා. නර්තනය කියන්නෙ මගේ ඇඟේ තියෙන දෙයක්. පුහුණු වීම් නොකළා කියලා නැති වෙන්නේ නැහැ. ඒක මගේ උපතින් ආපු හැකියාව. ඉස්සරහට නර්තනය සම්බන්ධයෙන් මොනවා හරි දෙයක් කරන්න හම්බවුණෝතින් මම අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා. නර්තනයට මම ආසයි. නර්තනය කියන විෂය මට හරි සතුටක් ගෙන දෙනවා.

නර්තන කණ්ඩායමක් එහෙම පටන් ගන්න කැමැත්තක් නැද්ද?

නර්තන කණ්ඩායමක් පටන්ගන්න අදහසක් නැහැ. හැබැයි මම අම්මත් එක්ක එකතුවෙලා ලංකාවේ ජාත්‍යන්තර පාසලක් පවත්වාගෙන යනවා. මම එහි නර්තන වින්‍යාස වැඩකටයුතු සිදුකරනවා.

මේ ආපු ගමන ගැන ආපසු හැරිලා බැලුවහම?

ගොඩක් සතුටුයි. මට දුර්ලභ අවස්ථාවන් හම්බවෙලා තිබෙනවා කියලා මට හිතෙනවා. රංගන ජීවිතයේ මට ලැබිච්ච ලොකුම භාග්‍යයක් තමයි ජැක්සන් ඇන්තනී මහත්මයාත් සමග ඔහුගේ අන්තිම චිත්‍රපටය වන සීරුවෙන් චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න ලැබීම. ඒ වගේම ජයන්ත චන්ද්‍රසිරි සර්ගේ දේවි කුසුමාසන චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණා. ඉතින් මට මේ ආපු ගමන ගැන හැරිලා බලනකොට නර්තනය වගේම රංගනය ගැනත් දක්ෂතා දක්වලා තියෙනවා. මම කිසිම දෙයක් ගැන පස්සෙන් පන්නලා කිසිම දෙයක් හොයාගෙන ගියපු කෙනෙක් නෙමෙයි. මට හම්බවුණ වැඩේ විතරක් හොඳින් කරන්න මහන්සි වුණ කෙනෙක්. කිසිම දෙයක් බලෙන්ල බාගන්න ගිය කෙනෙක් නෙමෙයි. එතකොට මේ හම්බවුණ සියලුම දේවල් මම මට හම්බවුණ වැඩකටයුතු හරියට කරපු හින්දා හම්බවුණ දේවල් කියලයි විශ්වාස කරන්නේ. ඒ නිසා මට හරිම සතුටුයි. කිසිම දවසක අධ්‍යක්ෂවරු පස්සේ ගිහිල්ලා ඔවුන්ට කෝල් කරලා චරිත ඉල්ලලා නැහැ. ඒ හින්දා මට සතුටුයි. මේ හැමදෙයක්ම මගේ යම්දෙයක් දැකලා මට හම්බවුණ චරිත. මේ හැමදේම කරන්නේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්.

ඇත්තටම රඟපාන්න ආවෙ නැත්නම් මොනවා කරාවි ද?

රඟපාන්න ආවේ නැතිනම් මම මගේ ජාත්‍යන්තර පාසලේ වැඩකටයුතු කරගෙන ඉඳීවි. ඒ වගේම තව ව්‍යාපාර කටයුතුවලට අතගසාවි. ඔය අතරේ මේ වෙනකොට මම තවත් ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධවෙලා ඉන්නවා.

විලාසිතාවලට තියෙන්නේ මොන වගේ නැඹුරුවක් ද?

විලාසිතාවලට හරිම කැමැතියි. විලාසිතා කරන්න ඕනෑම හින්දා මම හැමතිස්සෙම උත්සාහ කරනවා මගේ සිරුර හැඩට තියාගන්න. මම ආසයි විවිධ විලාසිතා කරන්න.

ටැටූ විලාසිතාවලට අකමැති ද?

මම ටැටූ ගහන්න කැමැති නෑ. මම හිතන්නේ ටැටූස් මට ගැළපෙන්නේ නැහැ කියලයි. ඒක නිසයි මම කරන්නෙ නැත්තේ. හැබැයි මම දකිනවා සමහරු ලස්සන ටැටූ කරලා තියෙනවා. මම ඒවාට හරිම ආසයි. මම ටැටූ ගහන්න අකමැති ටෙලිනාට්‍ය චිත්‍රපටවලට ගියහම ඒ ඒ චරිතයෙන් චරිතයට ඒවා මකන්න සෑහෙන මහන්සියක් ගන්න වෙනවා. මට හිතෙනවා ඒක රංගන ශිල්පිනියක් විදිහට වෘත්තියට සුදුසු නැහැ කියලා. ඒ වගේම මම මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගි වුණා. එහි ජාත්‍යන්තර තරගයට පවා සහභාගි වුණා. බියුටි පැජන්ට්වලදීත් අපිට ටැටූ තියාගන්න බැහැ. ඔය දේවල් හින්දා මගේ ඔළුවට ගිහිල්ලා තියෙනවා ටැටූ මට ගැළපෙන්නේ නැහැ කියලා. හැබැයි අනෙක් අය කරලා තියෙන ටැටූ බලන්න මම හරි ආසයි.

ආදරේ විවාහය ගැන දැන්ම හිතන්නෙ නැද්ද?

මේ අවුරුද්දේ මම විවාහය ගැන හිතන්නේ නෑ. මම හිතනවා මට තව ටික කාලයක් රංගන කටයුතුවලට දායක වෙන්න ඕනෑ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මම විවාහයෙන් පස්සේ කලා කේෂ්ත්‍රයෙන් ඈත්වෙනව කියලා. නමුත් විවාහයකට යනවා නම් ඒකට සූදානම් වෙන්න යම්කිසි කාලයක් ඕනෑ. රඟපෑමත් එක්ක ඒකට සූදානම් වෙන්න අමාරුයි. මට ඕනෑ ලංකාවට ආවට පස්සේ රංගන කටයුතුවලට මුල්තැන දෙන්න. ඒක හිනදා මේ අවුරුද්දෙ නම් විවාහයක් සිද්ධ වෙන්නේ නැති වේවි. සමහරවිට තව අවුරුදු දෙකකින් තුනකින් වගේ විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා.

ඩිස්නි මොන වගේ චරිතයක්ද?

මම බොහොම සංවේදී චරිතයක්. ඕනෑම දෙයක් හරියට කරන්න උත්සාහ කරන චරිතයක්. අනික බොහොම හිතහොඳ කෙනෙක්. මම හිතනවා මට ලස්සන හදවතක් තියෙනවා කියලා. අනෙක් අය ගැන ඊර්ෂ්‍යාවක්, තරහක් නැති කෙනෙක්. ගොඩක්වෙලාවට සතුටින් ඉන්න කෙනෙක්.

දිනේෂ් විතාන
ඡායාරූප : උපුල් නිශාන්ත

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

7 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

4 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago
Related News
අකුරු දි​ගේ අතිරේක

ධූමලාවණ්‍යාගාරය වින්දනාලෝචනය

අකුරු දි​ගේ අතිරේක

වියරණය රැකි නිති – ජන බසට ඇල්මැති – මට දනෝ අදරැති – ජේ.බී. කියා පවසති

අකුරු දි​ගේ අතිරේක

පැවැත්ම වෙනුවෙන් ප්‍රේමය රඟපා පෙන්වීම

ඉරිදා සංග්‍රහය විශේෂාංග මීවිත

රඟනා මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්මයි

මීවිත

හේමාලුයි මමයි පැය දොළහක් ගහගත්තා – දිනෙත් ද සිල්වා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok