Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොවිඩ් ඇණයක් වීමට පෙර…..
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොවිඩ් ඇණයක් වීමට පෙර…..
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
කතුවැකි

කොවිඩ් ඇණයක් වීමට පෙර…..

2 weeks ago
749 Views

කොවිඩ් නමැති වෛරස් රෝගයක් 2020 ජනවාරි මාසය වන විට ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන්නට විය. චීනයේ වූහාන් නුවරින් එහි ව්‍යාප්තිය ආරම්භ වන විට බලධාරීන් පස්බැමි පවා දමමින් නගරය වසන්නට ගත් උත්සාහය ලොවම භීතියට පත් කරන්නට හේතුවක් විය. එරටම කාන්තාවක මෙරට සංචාරයක් අතරතුර ඇතිවූ අසනීප තත්ත්වයක් මත අංගොඩ බෝවන රෝග රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 2020 ජනවාරි 27 වන දින මෙරටින් පළමු කොවිඩ් රෝගියා හමුවූ බව තහවුරු කරන ලදී. එම වසරේම මාර්තු 03 වන දින ඉතාලියේදී ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධ පළමු සිද්ධිය වාර්තා විය. ඉන් අනතුරුව 2020 මාර්තු 23 දින වන විට, වසංගතය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස ආරක්ෂක හමුදාව විසින් රට තුළ නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකිරීමට පටන් ගෙන තිබුණි. එම වසරේ මාර්තු 25 දින වන විට, හඳුනාගත් රෝගීන් සමග සම්බන්ධ වූ පුද්ගලයින් 14,000 කට අධික සංඛ්‍යාවක් මෙරට බලධාරීන් විසින් සොයාගෙන, එම පුද්ගලයින් ස්වයං නිරෝධායනයට පිටත් කරන ලදී. මෙම වසංගතයේ පළමු රැල්ල සාර්ථකව පාලනය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුවද, වසංගතයේ දෙවන සහ තුන්වන රැල්ල පාලනය කිරීමට අවාසනාවකට අපොහොසත් වීම තුළ මෙරට කොවිඩ් මරණ ඉහළ යන්නට විණ. 2021 අප්‍රේල් මාසයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද අතරතුර සෞඛ්‍ය සීමාවන් ලිහිල් කිරීමෙන් කොවිඩ් රෝගීන්ගේ හදිසි වැඩිවීමක් සිදුවිය. 2021 අගෝස්තු මාසය වන විට රට තුළ සැලකිය යුතු ලෙස ඉහළ මරණ අනුපාතයක් ඇතිවීමට අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය ද හේතු විය. එම වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව ජනගහනය අනුව ලෝකයේ සිව්වන විශාලතම දෛනික මරණ සංඛ්‍යාවක් ඇති රට බවට පත්විය. 2021 අගෝස්තු අවසන් වන විට සෞඛ්‍ය බලධාරීන් සහ දේශපාලන පක්ෂ විසින් රට සම්පූර්ණ අගුලු දැමීමක් ඉල්ලා එල්ල කළ දැවැන්ත පීඩනයෙන් පසුව රට වසා දැමීමට එවක ආණ්ඩුව තීරණය කරන ලදි. මේ ආකාරයට රට අගුලු දමමින් කොවිඩ් මාරයා සමගින් සටන් වැද ආණ්ඩුවත් ජනයාත් දැඩි අසහනයකට පත්ව සිටියේය. පසුව එළඹි ආර්ථික පරිහානියටද මේ කොවිඩ් වසංගතය දැැවැන්ත ලෙස බලපෑවේය. අපට කොවිඩ් පිළිබඳ ඇති එම මතකය ඉතාම අසුන්දරය.

එහෙත් අප යළිත් කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳ මතක ආවර්ජනයක යෙදුණේ නැවතත් කොවිඩ් පැතිරීමක් පිළිබඳ ප්‍රවෘත්ති පළවීම රටක් ලෙස අප දැඩි සැලකිල්ලට ගත යුතු තත්ත්වයක් වන බැවිනි. නිරෝධායනය, පීසීආර් පරීක්ෂණ, එන්නත්කරණය වැනි මාතෘකා ඔස්සේ නැවතත් අපට 2020න් පසු ඇති වූ ව්‍යසනයක් රටට අත්කර දීමට කොහෙත්ම පුළුවන්කමක් නැත. එහෙත් මේ වන විට ආසියානු කලාපයේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය මෙරටින් හඳුනාගෙන තිබෙන බව ‘දිවයින’ මුල් පිටුවේ සඳහන් පුවත තවත් ඛේදවාචකයක ආරම්භයක් කර ගත යුතු නැත. මෙම නව කොවිඩ් තත්ත්වය කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටි පුද්ගලයින්ට දරුණු රෝග ලක්ෂණ වර්ධනය කිරීමේ වැඩි අවදානමක් ඇත. එම ඇතැම් සංකූලතා මරණය ළඟා කරදීමට තරම් ප්‍රබල බව අමුතුවෙන් කිව යුතු නොවේ. එබැවින් සමාජීය දුරස්ථභාවය, මුහුණු ආවරණය හෝ මුව ආවරණ භාවිතය, කැස්ස සහ කිවිසුම් යෑමේදී ආවරණය කිරීම, අත් සේදීම සහ සෝදා නොගත් අත් මුහුණෙන් ඈත් කර තබා ගැනීම ගැන අවධානයෙන් සිටීම ඉතා වැදගත් බව සිහිපත් කළ යුතුව ඇත. අප දැනට ද සිටින්නේ දැඩි අවදානම් තත්ත්වයක විය යුතුය. එබැවින් මෙම නොපෙනෙන එහෙත් පෙර සටන් කර පරාජය කරන ලද කොවිඩ් මාරයා යළි ගෙතුළට වද්දා ගත යුතු නැත. ඒ සඳහා අප හොඳ පෙර සූදානමකින් පසුවීම වටී. 2022 දෙසැම්බර් 15 වන දින වන විට, රට තුළ කොවිඩ් රෝගීන් 671,776 ක් වාර්තා වී තිබූ අතර, ඉන් රෝගීන් 16,814 ක් මියගොස් තිබීම ද අප නැවත මතක් කළ යුතුව තිබේ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
කතුවැකි

මැදපෙරදිග යුද පුරාණය – 2

කතුවැකි

මැදපෙරදිග යුද පුරාණය – 1

කතුවැකි

ව්‍රායි කැලී බල්තසාර්ගේ හෘද සාක්ෂිය කුමක් විය යුතුද?

කතුවැකි

තුන්වන ලෝක යුද්ධය ඇරඹීම සහ ඉන්දියන් සාගරයේ හිඟා කෑම

කතුවැකි

සියලුදෙනාගේ අවධානය පිණිසයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok