Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ආණ්ඩුව පිරිසිදු කිරීමට අධිකරණයට පුළුවන
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ආණ්ඩුව පිරිසිදු කිරීමට අධිකරණයට පුළුවන
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
කතුවැකි

ආණ්ඩුව පිරිසිදු කිරීමට අධිකරණයට පුළුවන

3 weeks ago
394 Views

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද අතිවිශාල තීරුබදුවලට එරෙහිව එරට අධිකරණය විසින් තීන්දුවක් දී තිබේ. මේ අනුව එම අධික බදු ක්‍රියාත්මක කිරීම මෙයට දින හතරකට පෙර සිට තහනම් විය. ඇමෙරිකාවේ අධිකරණය ජනාධිපතිට බය නැත. මේ ළඟදී අධිකරණමය කටයුත්තකදී ස්වකීය සහෝදරයාට උදව් කළ ඇමෙරිකන් විනිශ්චයකාරවරියකට හිරේ යෑමට සිදුවූවාය. නඩු තීන්දුව දීමෙන් පසු එම විනිසුරුවරිය තීන්දුවට එරෙහි වුවද අධිකරණයේ සිටි පොලිස් නිලධාරිනියෝ ඇය බිම දිගේ ඇදගෙන ගොස් කූඩුවට දැමූහ. කිසියම් රටක අධිකරණය ආණ්ඩුවට වඩා බලවත් වනවිට මහජනතාවට සාධාරණයක් බලාපොරොත්තු විය හැකිය. අධිකරණය ස්වාධීන වන්නේ දේශපාලනඥයන්ගේ ඇඟිලි ගැසීම් නැති වූ විටය. ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුණේ නම් ලංකාව වැනි රටවලට සිදුවන්නේ පොල්කටු අරගෙන ජාත්‍යන්තරය නමැති මහ පාර දිගේ සිඟා කෑමටය. ට්‍රම්ප් ලංකාවට පැන වූ අධික තීරු බදු නිසා, එම බද්ද ක්‍රියාත්මක වීමටත් පෙර ඇඟලුම් කර්මාන්ත රැසක් වැසී ගියේය. එයට හේතුව බදු ප්‍රශ්නය නිසා ඇඟලුම් ඕඩර් අවලංගු කිරීමට බයර්ලා පියවර ගැනීමය. මේ බදු ක්‍රමය යම් හෙයකින් ක්‍රියාත්මක වුණේ නම් ඒ හානිය සුවිශාලය. ලෝකයේ බලගතුම ව්‍යාපාරිකයකු වන එලෝන් මස්ක් මේ බදු ප්‍රතිපත්තියට තරයේ විරුද්ධ විය. නව බදු ප්‍රතිපත්තිය ලස්සන සහ විශාල බදු ප්‍රතිපත්තියක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ විට එලෝන් මස්ක් ඇසුවේ එය සිදුවන්නේ කෙසේද යන්නය. අන්තිමේදී ජනාධිපතිට විරෝධය පළ කිරීම සඳහා එලෝන් මස්ක් ට්‍රම්ප් රජයේ දරමින් සිටි ඉතාම බලවත් තනතුරකින් ඉල්ලා අස් වී තමන්ගේ බිස්නස් වැඩවලට ගියේය. ඔහුගේ ඉල්ලා අස්වීම නිසා ඇමරිකන් ආණ්ඩුව කඩාවැටෙන්නේ නැත. එහෙත් එලෝන් මස්ක් යනු ප්‍රතිසංස්කරණවාදියෙකි. ට්‍රම්ප් බලයට ගෙන ඒම සඳහා ඔහු ඩොලර් බිලියන 250ක් වැය කළේය. එය සමාන වන්නේ ලංකාවේ ධනවත්ම පුද්ගලයාගේ සම්පූර්ණ වත්කමින් භාගයකටය. මේ ඉල්ලා අස්වීම තුළ ඇත්තේ සංකේතාත්මක විරෝධයකි.

ඇමෙරිකාව ඩොලර් ට්‍රිලියන එකයි තුන්කාලකටත් වඩා විශාල අයවැය පරතරයක් ඇති රටකි. නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුණේ නම් එම අයවැය පරතරය තවත් ඩොලර් බිලියන 600කින් ඉහළ යනවා ඇත. එසේම අධික බදු නිසා ඇමරිකානු ආනයනකරුවන් පිටරටවලින් ඇමරිකාවට බඩු ගෙන්වීම නැවැත්වීමේ අවදානමක් තිබිණ. මේ අවදානම ක්‍රියාවක් බවට පත්වූයේ නම් ඇමෙරිකාව තුළ උද්ධමනයක් හට ගන්නේය. එයට හේතුව පිටරටින් ගෙන්වන භාණ්ඩ බොහෝමයක් ඇමෙරිකාව තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ බවට පත්වී තිබීමය.

ඩොනල්ඩ් ට්‍රම්ප් යනු ඉතා හොඳ ජාතික වාදියෙකි. ඔහු ඇමෙරිකාව නැවත නඟාසිටුවීම සඳහා විශාල උත්සාහයක් ගනී. ඊට අමතරව ඩොනල්ඩ් ට්‍රම්ප් යනු සුදු අධිකාරිවාදියෙකි. ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ WHITE SUPREMACY ලෙසය. අප්‍රිකානු මහාද්වීපයේ සිම්බාබ්වේ නමැති රාජ්‍ය තුළ මේ දිනවල සුදු ජාතිකයන්ට එරෙහිව ව්‍යාපාරයක් දියත් වී තිබේ. එයට හේතුව දීර්ඝ කාලයක් තිස්සේ දකුණු අප්‍රිකාව සුද්දන්ගේ පාලනයට යටත් වී තිබීමත් සුදු ජාතිකයන් එරට ඉඩම් විශාල වශයෙන් අත්පත්කරගෙන සිටීමත්ය. මේ නිසා කළු ජාතිකයෝත් සුදු ජාතිකයෝත් වගා ඉඩම් වෙනුවෙන් කෝලාහල කරගනිති. මෙහිදී කළු මිනිසුන් විසින් සුදු ජාතිකයන් කිහිපදෙනකු මරන ලදී. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රම්පෝසා ධවල මන්දිරයට ගෙන්වා ගත්තේය. ඉන්පසු ඔහුට බැණ වැදී නිගරු කොට එළවා දැමීය. මෙය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයක් නොවේ. හැබැයි මේ වෙලාවේදී ඇමෙරිකාවට ඩොනල්ඩ් ට්‍රම්ප් අහිමි වුවහොත් එමගින් ඇමෙරිකාවට පමණක් නොව මුළු ලෝකයටම පාඩුවක් සිදුවෙයි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
කතුවැකි

මැදපෙරදිග යුද පුරාණය – 2

කතුවැකි

මැදපෙරදිග යුද පුරාණය – 1

කතුවැකි

ව්‍රායි කැලී බල්තසාර්ගේ හෘද සාක්ෂිය කුමක් විය යුතුද?

කතුවැකි

තුන්වන ලෝක යුද්ධය ඇරඹීම සහ ඉන්දියන් සාගරයේ හිඟා කෑම

කතුවැකි

සියලුදෙනාගේ අවධානය පිණිසයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok