Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සෑම ක්‍රියාවක් තුළින් ම ඔබේ ආත්මීය දෘෂ්ටිය ගලවා දමන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සෑම ක්‍රියාවක් තුළින් ම ඔබේ ආත්මීය දෘෂ්ටිය ගලවා දමන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකමහරහතන් වැඩි මඟ ඔස්සේ

සෑම ක්‍රියාවක් තුළින් ම ඔබේ ආත්මීය දෘෂ්ටිය ගලවා දමන්න

4 weeks ago
6 Views

පින්වත, පුණ්‍යවන්ත වෙසක් මංගල්‍යය සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයන්ට අදාළව අනිත්‍ය වී ගියා නේද? පින්වත, අතීතයට එකතු වුණ වෙසක් සතියේ දී ඔබ, ඔබේ ජීවිතය පිනෙන් පුරවා ගත්තා ද? එසේත් නැතිනම් ඔබේ ජීවිතය තුළ ඉතිරි වෙලා තිබුණ පිනත් දුර්වල කොට ගත්තා ද? බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, කාය කර්ම සහ වචී කර්මවලට වඩා ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයෝ බලවත්ය කියලා. පින්වත, වෙසක් සැරසිලි ලක්‍ෂ ගණනක් සිදු කළත්, දන්සැල් දස දහස් ගණනක් පූජා කළත්, සංස්කාරයන් කෙරෙහි ඇති වන “ලෝභ සිත්” ගැන අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මේ සංස්කාරයෝ කෙරෙහි ලෝභ සිත් තුළ මෝහය මහ මෙරක් සේ බැසගෙන තිබෙනවා. පින්වත, වෙසක් සතිය දැන් ගෙවී ගොස් අවසන්. පින්වත් ඔබ තුළින් සිදු වුණ සෑම හොඳ සහ නරක ක්‍රියාවන් මොහොතක් සිහිපත් කොට ගෙන, එම සෑම ක්‍රියාවක් තුළින් ම ඔබේ ආත්මීය දෘෂ්ටිය ගලවා දමන්න. එම සෑම ක්‍රියාවකින් ම “මම” කියන දෘෂ්ටිය නිදහස් කොට ජීවිතය ධර්මයට විවෘත කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, ඵස්ස පච්චයා වේදනා, ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ. පින්වත, අවිද්‍යාව ලෝකයට අයිති කොට දීලා, ඔබ නිරෝධයට පාර කියන පටිච්චසමුප්පාද ධර්මයක් ම වෙන්න. පින්වත, අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්‍ෂ ගණනක් පහළ වුණා. භික්ෂුව පමණක් පටිච්චසමුප්පන්න මනුෂ්‍ය ජීවිත කෝටි ප්‍රකෝටි ගණනක් අතීතයේ ලැබුවා. පින්වත, අතීත පංච උපාදානස්කන්ධය මොනතරම් නම් දීර්ඝ ද? මොනතරම් නම් ගොරහැඬි ද? පින්වත් ඔබ බැතියෙන් සමරපු ගෙවී ගිය වෙසක් මංගල්‍යය අවසානයේ එකතු වුණේ එම දීර්ඝ, ගොරහැඬි අතීත පංචඋපාදානස්කන්ධයට ම නේද?

පින්වත, දුක ජීවත් කරවන තෘෂ්ණාවේ වැරදි ඔබේ ජීවිතය තුළින් ඉක්මවා යන්න දෙන්න එපා. චිත්තානුපස්සනාව පුහුණු නොකළ ජීවිතවලට, සිතා ගන්නවත් නොහැකි ආකාරයට ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ ඔබව සහ සමාජය ගිල ගනීවි. පින්වත, ආදීනවයෝ බහුල නිසා ම, කෙටි ආස්වාදයට මේ දවස්වල හොඳ මිලක් තිබෙනවා. පින්වත, පින යැයි කියන්නේ වර්ණය, සැපය, බලයට, පින්වත, සීලය යැයි කියන්නේ ජනප්‍රිය භාවයට, පින්වත, මෛත්‍රිය යැයි කියන්නේ මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ආකර්ෂණයට. පින්වත, අපි සද්ධර්මයේ හොඳපිටයි කියලා, කණපිටයි අඳින්නේ. පින්වත, පූජනීය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ජනතා වන්දනාවට අවස්ථාව සලසලා තවම මාසයක් වැනි කාලයක් වත් ගෙවී ගියේ නැහැ නේද? ජීවමාන බුදුරජාණන් වහන්සේ සෙංකඩගල පුරවරයට ජීවමානව වැඩියා වාගේ පැවති එම උතුම් පින්කම ගැන අද අපි සිහිපත් කරද්දී, එම උතුම් පින්කමේ මතකයන් අද වාෂ්ප වෙලා ගිහිල්ලා වගේ නේද? පින්වත, අකුසලයේ යකඩ සපත්තුවලට පිනේ කැකුළු මල් පොඩි වෙලා යනවා. පින්වත, මෙම අකුසල් විපාකයෝ දැකලා ඔබ මිච්ඡා කලකිරීමක් නම් ඇති කොට ගන්න එපා. පින්වත, අපි කලකිරෙන්න ඕනේ ඇලීම් හෝ ගැටීම් හේතුවෙන් නොව, අවබෝධයෙන්මයි. පින්වත, සමාජගත වෙන දුක්ඛ දෝමනස්සයන් මැද අපි ඉදිරියේ දිග හැරෙන්නේ ප්‍රතිපත්තිගරුක කාලයක් නොව, කෙටි ආස්වාදයට ඉණිමං තබන සන්දර්ශනවාදී කාලයක්. පින්වත, විකුණන්න පුළුවන් සෑම දෙයක් ම විකුණලා සල්ලි සොයන, බලය සොයන කාලයක්. පින්වත, සමාජගත වන අකුසලයේ දුක්ඛ දෝමනස්සයන් දෙස බලා, ඒවා කෙරෙහි ඇලීම් හෝ ගැටීම් ඇති කොට ගෙන මිච්ඡා කලකිරීමේ ගොදුරක් වෙන්න එපා. පින්වත් ඔබ සම්මා කලකිරීමට එන්න. පින්වත, සම්මා කලකිරීමට මාර්ගය, මධ්‍යම ප්‍රතිපදාව වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වත, සම්මා කලකිරීම තුළයි කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය ඔබට ඇලීමක් හෝ ගැටීමක් නොවී පටිච්චසමුප්පාද ධර්මයක් ම වෙන්නේ.

පින්වත, සම්මා සමාධිමත් සිතකට පංචඋපාදානස්කන්ධ දුක් ගොඩ යැයි කියන්නේ, ස්වාක්ඛාත වූ දහමක්. පින්වත, බොරුවෙන් ජීවත් වෙන්නෝ බොරුව විසින් ම අප්‍රසාදයට, පිරිහීමට පත් වෙලා යනවා. පින්වත, මිනී මරණ ඇත්තෝ මෙලොව හෝ පරලොව දී, පෙරළා මැරුම් කනවා. පින්වත, කාමයේ වරදවා හැසිරෙන ඇත්තෝ මෙලොව හෝ පරලොව නපුංසකභාවයන්ට සහ ළමා වියේ දී ම ලිංගික දූෂණයන්ට ලක් වෙනවා. පින්වත, මත් වතුර, මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන්නෝ මෙලොව හෝ පරලොව බරපතළ කර්ම රෝගයන්ට හෝ ළමා වියේ දී ම මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙනවා. පින්වත, අන්සතු දෙය සොරකම් කරන්නෝ මෙලොව හෝ පරලොව අන්ත දුගී දුප්පත් වෙනවා වගේ ම, නොසිතූ විපත්වලින් තම සේසතම අළු දූවිලි වෙලා යනවා. පින්වත, මිච්ඡා ආජීවයේ යෙදෙන්නෝ පිළිකා, වකුගඩු, අක්මා රෝගීභාවයන්ගෙන් මෙලොව සහ පරලොව කායිකව සහ මානසිකව විකෘති දුක් විඳිනවා. පින්වත, ආජීව අට්ඨමක සීලය සමාජය තුළ නොවටිනා දහමක් බවට පත් වෙද්දී, දුශ්ශීලභාවයේ හේතුඵල ධර්මයෝ මනුෂ්‍ය ජීවිතවල, හිසේ සිට දෙපතුල දක්වා ආක්‍රමණය කරනවා. පින්වත, වර්තමානයේ කර්මය කර්මඵල විශ්වාසය දුර්වල වීමෙන් දුශ්ශීලභාවය යුද්ධ ප්‍රකාශ කරලා තිබෙන්නේ. පින්වත, බොරුව, මිනී මැරුම්, මනුෂ්‍ය හිංසනයන්, ස්ත්‍රී සහ ළමා දූෂණයන්, මත් වතුර, මත්ද්‍රව්‍ය දුශ්ශීලභාවයේ තියුණු ආයුධ බවට පත් වෙලා, අධර්මයන්ට ම ජයග්‍රහණ සොයනවා.

පින්වත, අධර්මයෝ අධර්මයන්ටමයි පාර කියා දෙන්නේ. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයන් සමාජය තුළ මහා වේගයකින් පසු බසිනවා. පින්වත, තෘෂ්ණාව කිරුළු දරද්දී, දුක රජ වෙනවා. භික්ෂුව මේ සටහන් තබන්නේ ධර්මයේ සුන්දර හේතුඵල ධර්මයෝයි. පින්වත, ඔබ ඔය දෙපා තබා ගෙන සිටින්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තෙවරක් වැඩම කොට වදාළා වූ උතුම් පුණ්‍ය භූමියකයි. ජීවමාන බුදුරජාණන් වහන්සේ වන උතුම් ධර්ම විනය වර්තමානයේ ජීවමානව වැඩ සිටින පුණ්‍ය භූමියකයි. පින්වත, ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ, රුවන්වැලි මහා සෑ සමිඳුන් වහන්සේ සහ පූජනීය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ජීවමානව වැඩ සිටින පුණ්‍ය භූමියකයි. පින්වත, මේ ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථයන් සියල්ල ම පෙර පිනෙන් උරුම කොට ගත් පුණ්‍යවන්ත ජාතියක් ඔබ. පින්වත, සමස්ත ලෝකයාට ම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, මෛත්‍රියෙන්, සීලයෙන්, ත්‍යාගයෙන් පූර්වාදර්ශී වූ ජාතියක් ඔබ. පින්වත, මේ ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථයන් දරාගත් ඔබ, උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් දුර්වල වුණොත්, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පසු බැස්සොත්, සම්මා සම්බුද්ධ ශාසනයේ මුදුන් මුල දුර්වල වුණොත් අධර්මයේ අකුසල් සංස්කාරයෝ මුළු ලෝකය ම දුශ්ශීලභාවයෙන්, ද්වේශයෙන්, වෛරයෙන් ගිනි ගන්න පුළුවන්. පින්වත, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ආයුෂය දරාගත් මේ පුණ්‍ය භූමියේ දුර්ලභභාවය තේරුම් ගන්න. උතුම් ධර්ම විනය තම පටු අරමුණු උදෙසා සන්දර්ශනවාදී වෙළෙඳ භාණ්ඩයක් හැටියට නොව, ප්‍රතිපත්තිගරුක දහමක් බවට පත් කොට ගන්න.

පින්වත, මේ උතුම් සද්ධර්මය ඒහිපස්සික දහමක්. පින්වත, නොසැඟවී විවෘතව බබළන දහමක්. පින්වත, ඔබේ දෑසට පෙනෙන ආශ්චර්යයෝ තවමත් ජීවමාන දහමක්. මෙවන් දහමක් ඉදිරියේ අපි සිහිනුවණින් කටයුතු කළ යුතුයි. පින්වත, උතුම් තෙරුවන් වගේ ම, උතුම් තෙරුවන්ට අදාළ සියලුම පූජනීය වස්තූන් අපි ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන්, ප්‍රණීතභාවයෙන් යුතුව පරිහරණය කළ යුතුයි. පින්වත, පසුගියදා අවසන් වූ පුංචි මැතිවරණයේ ප්‍රතිඵල අපේ රටේ සියලුම දේශපාලන පක්‍ෂ නායකතුමන්ලාට ඒහිපස්සික පාඩමක් කියලා දෙනවා. පින්වත, අනාගතයේ දී නැවත කවදාකවත් ජාතික මැතිවරණයක් ප්‍රකාශයට පත් කොට ඇති කාලවකවානුවක මේ ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථය වන ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් පූජනීය වස්තූන්, ජාතික ප්‍රදර්ශනයන් උදෙසා මැදිහත් වෙන්න එපාය කියලා. ගෞරවනීය සියලුම පක්‍ෂ නායකතුමනි, ඔබලා දේශපාලනය කරනවා නම්, “බලයට අධිපති” වසවර්ති මාරයා මිස, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නොවන බව, කරුණාවෙන් තේරුම්ගත යුතුයි. පින්වත, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය නොවූ, මිච්ඡා බලය උදෙසා ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමය ප්‍රයෝජනයට ගන්න එපා. පින්වත, අශ්‍රද්ධාවට අදාළව සකස් වන අකුසල් සංස්කාරයෝ හේතුවෙන් පින්වත් ඔබලාගේ බලාපොරොත්තු දුර්වල වෙලා යාවි. පින්වත, මේ ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථයෝ උතුම් තෙරුවන් නම්, අපි උතුම් තෙරුවන්ට අශ්‍රද්ධාවෙන් සිදු කරන්නා වූ අගෞරවයන්, මේ ලෝක ධාතුවේ බලවත් ම අකුසල් සංස්කාරයෝ වෙනවා නේද? පින්වත, ඉහත අකුසලයයි අපේ බලාපොරොත්තු බිඳ දමන්නේ. පින්වත, ඕනෑම දුක තුළ සිටින ඕනෑම ලෝක නායකතුමෙක් සමග සෙල්ලම් කරන්න, එහෙත් උතුම් තෙරුවන් සමග සෙල්ලම් කරන්න එපා. උතුම් ධර්ම විනය මේ නිමේෂයේදීත් දුකේ නිරෝධය ගැන කියලා දෙන උතුම් ජීවමාන ශාස්තෲන් වහන්සේයි. පින්වත, මොහොතක් ඔබේ පුණ්‍යවන්ත දෑස් පියාගෙන, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සිහිපත් කොට ගෙන, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සිහිපත් කොට ගෙන, ස්වර්ණමාලී මහා සෑ සමිඳුන් වහන්සේ සිහිපත් කොට ගෙන, සාධු! සාධු! කියලා හදවතින් වන්දනා කරන්න. පින්වත, උතුම් තෙරුවන්ගේ ආශ්චර්යයෝ, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ජීවමානව තිබෙන තාක් කල් විවෘතව ඒහිපස්සිකව බබළනවා ඒකාන්තයි.

පින්වත, අපේ රටේ කවදත් තිබුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ සම්මා දේශපාලනයක් නොව, මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ මිච්ඡා දේශපාලනයක්. පින්වත, භික්ෂුව සමග අමනාප වෙන්න එපා. මිච්ඡා දේශපාලනය අයිති වසවර්ති මාරයාට. පින්වත, බුදුරජාණන් වහන්සේට අයිති චතුරාර්ය සත්‍යය ධර්මයෝයි. පින්වත, මිච්ඡා දේශපාලනයේ මුදුන් මුල වන්නේ පංචනීවරණයෝයි. පින්වත, පංචනීවරණයන් තුළ අවිද්‍යාවේ පටන් ජාති, ජරා, ව්‍යාධි, මරණ, පංචඋපාදානස්කන්ධ දුක් ගොඩම තිබෙනවා. පින්වත, මේ මිච්ඡා දේශපාලනයේ පැවැත්ම උදෙසා උතුම් තෙරුවන් ප්‍රයෝජනයට ගැනීම ම අකුසලයක් වෙනවා. පින්වත් ඔබට මතක ද අතීතයේ අපේ රාජ්‍ය නායකතුමන්ලා තම රාජ්‍ය නායකත්වයේ දිවුරුම් දීමේ උත්සවයන්, ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ සහ රුවන්වැලි මහ සෑ සමිඳුන් වහන්සේ අබියස යොදා ගත්තා. පින්වත, එම පින්වත් රාජ්‍ය නායකතුමන්ලා සාර්ථක වුණා ද? පින්වත, අතීතයට එකතු වුණ මේ සියලු අශ්‍රද්ධාවේ ක්‍රියාවන්, වර්තමානයේ සියලුම දේශපාලන නායකතුමන්ලාට බල කරනවා, ඔබලාට උතුම් ජීවමාන ධර්ම විනය නමැති ශාස්තෲන් වහන්සේගේ පිහිට, සරණ අවශ්‍ය නම්, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ සම්මා දේශපාලනයට අවතීර්ණ වෙන්නය කියලා. පින්වත, දස කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පුණ්‍ය නදියේ ආරම්භය ඔතනයි තිබෙන්නේ. පින්වත, යුද ගිනි ඇවිළෙන මුළු ලෝකයට ම අභය දිය හැක්කේ, අපේ සම්මා දේශපාලනයෙන් උපදින දස කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පිනේ ශක්තියට පමණක්ම ය.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

6 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

2 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

1 day ago
Related News
අකුරු දි​ගේ අතිරේක

ධූමලාවණ්‍යාගාරය වින්දනාලෝචනය

අකුරු දි​ගේ අතිරේක

වියරණය රැකි නිති – ජන බසට ඇල්මැති – මට දනෝ අදරැති – ජේ.බී. කියා පවසති

අකුරු දි​ගේ අතිරේක

පැවැත්ම වෙනුවෙන් ප්‍රේමය රඟපා පෙන්වීම

ඉරිදා සංග්‍රහය විශේෂාංග මීවිත

රඟනා මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්මයි

අතිරේක ඉරිදා සංග්‍රහය විශේෂාංග

කිසිම දෙයක් ගැන පසුතැවෙන්නෙ නෑ… – දිව්‍යශාරිකා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok